උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනගේ මේජර් ජනරාල් ලේකම් පිල්ලි චුත වෙමින් තිබේ

Spread the love

මේ වන විට මිල්ටෙරි නන්දසේන රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස පත් කර සි⁣ටි  විශ්‍රාමික මේජර් ජනරාල් වරු දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙි.මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස පත් කර සිටි විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වූ විශ්‍රාමික මේජර් ජනරාල් ජයනාත් කොළඹගේද වේ.

අද (23)සවස මහජන ආරක්ෂක අමාත්‍යංශ⁣ ලේකම් වරයා ඉල්ලා අස් වී ඇත්තේ පසුගියදා ගාළු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.⁣ඔහුට එලෙස අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට හේතු වූයේ බස්නාහිර පලාත බාර.ඡේ.නි.පොලිස්පති දේශබන්දු විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා හා පොලිස්පතිවරයා  විසින් ගාලු මුව දොර ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකරන ලෙසට උපදෙස් දුන් බවට  කර ඇති සඳහනය.ඡේ.නි.පොලිස්පති දේශබන්දුගේ එම ප්‍රකාශය සාවද්‍ය බව පොලිස්පති වරයාත් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාත් ප්‍රකාශ ලබා දුන් බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් වරයා ඉල්ලා අස් වී ඇත්තේ පෞද්ගලික හේතුන් මත බව දැක්වේ.
කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේන ගේ මේජර් ජනරාල් පිල්ලි රාජ්‍ය පරිපාලනයේ අසාර්ථක නිළධාරීන් බව මේ වන විට රටට හෙළිදරව් වී තිබේ. 

Spread the love

Leave a Comment

You may also like