මෙරට පවතින විරෝධතාවන්ට එරෙහිව පොලීසිය මගින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරණ නඩු වලදී මහේස්ත්‍රාත්වරු දෙනු ලබන
තීන්දු සමිබන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කළ පොලිස් අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්ට තරයේ අවවාද කරන ලෙසට අගවිනිසුරුවරයා නීතිපතිට දන්වා තිබේ.
මෙම සිද්ධියට අදාලව මේජර් ජනරාල් ජගත් අල්විස් විසින් අධිකරණයට අපහාස කරන ලදැයි කියවෙන සිදුවීමට තමන්ට දඬුවම් නොකරන ලෙසට අගවිනිසුරුට උපදෙස් දෙන්නැයි ඉල්ලා මිල්ටෙරි නන්දසේන ඉදිරියේ කුඩා දරුවකු ලෙස හඬා වැටුන බව අපට අනාවරණය වේ.
කෙසේවෙතත් මේජර් ජනරාල් ජගත් අල්විස්ට අගවිනිසුරු වරයා තරයේ අවවාද කිරීම අපද අනුමත කරමු. නමුත් රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරු වලට පත් කරන හමුදා විශ්‍රාමිකයන් ගේ දැනුම හා අවබෝධය කෙතරම්ද යන්න මේ සිදුවීමෙන් අනාවරණය වේ.සිවිල් පරිපාලනයේ ඡ්‍යෙෂ්ඨයන් තුට්ටුවකට නොසලකා කටයුතු කරන අනෙකුත් මෝඩ මේජර් ජනරාල්ලාටත් මෙය හොඳ පාඩමක් ලෙස සැළකිය හැකිය.
හමුදා විශ්‍රාමික මේ ජනරාල් වරු සිතා සිටින්නේ සිවිල් පරිපාලනයද හමුදා යාන්ත්‍රණය හා සමාන බවය.කොටින්ම කියතොත් මේ මේජර් ජනරාල් වරු තනිකර අබ්බ ගොබ්බයන්ය.මොවුුුන් ගේ සමාජ පෞරෂය ගොඩ නගා ගෙන ඇත්තේ තරු ඔටුනු හා පදක්කම් ජනමාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරමිනි.යුද්දයට අණ දුන් පමණින් සියල්ල දන්නවා යැයි සිතන මේ ගොබ්බයන් ගේ හිස් බව මේ වන විට සමාජයට අනාවරණය වී තිබේ.
සැබවින්ම ඒ අනාවරණය කිරීම පිළිබඳව ස්තුතිය හිමි විය යුත්තේ
මිල්ටෙරි නන්දසේනටය.තමන් ඇතුළු මෙරට මිල්ටෙරි යාන්ත්‍රණයේ ඡ්‍යෙෂ්ඨයන් මෝඩ තකතිරුවන් බව මිල්ටෙරි නන්දසේන මේ වන විට තහවුරු කර ඇති බව අප අමුතුවෙන් ලියා සදහන් කළ යුතු කාරණයක්ද නොවේ.
රටේ අගමැති වරයා වීමට සිහින දකිමින් සිටින හමුදාපති හා දැනටමත් හමුදාවේ සේවය කරන මේජර් ජනරාල් වරු රොත්තකට මේ වන විට අණදෙන්නේ පරමිපරාගත මානසික ආබාධයකින් පෙළෙන කට්ටඬි ගැටයෙක් බව අප දිගින් දිගටම අනාවරණය කර තිබේ.අඩුම වශයෙන් මේ කට්ටඬියා පරම්පරාගත මානසික ආබාධයෙන් පෙළෙන බව තහවුරු කරගන්නට තම ඒකකයන් වල සිටින බුද්ධි අංශ යොදවා ගැනීමට තරමේ අදහසක් වත් එම හමුදා නිළධාරීන්ට නැත්තේ මොවුන්ගේ මෝඩකම නිසා බව අපට විශ්වාසය.
කෙසේවෙතත් මේ කට්ටඬි පිස්සාගේ ගම් ප්‍රදේශය තුල ජීවත් වන්නන් බොහෝ දෙනෙකු හමුදාපතිද මානසික ආබාධිතයකු ලෙසට හඳුනාගෙන සිටීම ඉතා කණගාටුදායකය .අප එම ප්‍රදේශයේ පොදු ජන පෙරමුණු නියෝජනයෙන් ඒ ගැන විමසූ විට එය සම්පූර්ණයෙන් සත්‍ය බව තහවුරු කරන ලදී.එම දේශපාලන නියෝජිතයා මේ පිළිබඳව සිය දේශපාලන ඡ්‍යෙෂ්ඨයන් පවා දැනුවත් කර ඇතැයිද මෙහිදී අපට දැනගැන්මට ලැබුණි.
එබැවින් මෙවැනි මෝඩ තකතිරුවන් මේජර් ජනරාල්ලා වූ පමණින් විශිෂ්ටයන් වන්නේ යැයි නොසිතිය යුතු බවට හොඳම හා ආසන්නම උදාහරණය පොලිස් අමාත්‍යංශයේ ලේකම් ගොබ්බ මේජර් ජනරාල් ජගත් අල්විස් බව අපි සඳහන් කරමු