උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන ගේ මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලලා

Spread the love

පනින නැවෙන් මීයන් පැන යන බව ජනප්‍රවාදයේ එන කියමනකි.මිල්ටෙරි

නන්දසේන ආණ්ඩුවද බිමට සමතලා වීමට ඔන්න මෙන්නය.එය හරියට හෙලවෙන දතක් ගානට වැටිලාය.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කර ආණ්ඩුව ගෙන යන්නට පුළුවන් යැයි මිල්ටෙරි නන්දසේන සිතා ගෙන සිටී.
ජනාධිපතිවරයා ලෙස පත්ව මේ වන තුරු  මිල්ටෙරි නන්දසේන ගත් හැම තීන්දුවක්ම රටට කෙලවුන තීන්දුය.රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමත් ඒ ගන්නා ලද තීන්දු වලට සමානම පදනමක් නැති   තීන්දුවක් බව තව ටික දවසකින් තහවුරු වන බව නිසැකය. පාර්ලිමේන්තුව තුළ එක ආසනයක් නියෝජනය කරමින් සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන්නට මිල්ටෙරි නන්දසේන ඉක්මන් වූයේ රාජපක්ෂ සනුහරේ බලය තහවුරු කර ගැනීමට මිස රටේ ජනතාවට ආදරයෙන් නොවන දේශපාලනිකව කවුරු කවුරුත් 
දන්නා කාරණයකි.මෙතෙක් කල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවන් දැක්වූ පාර්ශවයන් වල ඉල්ලීම වූයේ මිල්ටෙරි නන්දසේන හා අගමැති මහිනිද රාජපක්ෂ ඉල්ලා අස් විය යුතු බවය.දැන් ඒ සටන් පාඨ වලට අගමැති රනිල් ද ඉල්ලා අස්විය යුතු යැයි කියන හඬද එක් වී තිබේ.
කෙසේවෙතත් තවදුරටත් මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ පැවැත්ම ස්ථිර නොවන බව රාජපක්ෂ ඔඩොක්කු කුක්කන්ද තහවුරු කර ගෙන සිටින බවට අපට වාර්තා වේ.ඒ සඳහා අපූරු සාක්ෂියක්ද අප හට එස්අයිඑස් තොරතුරු වලින් ලබා ගත හැකිව තිබේ.ඒ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ කිංස්ලි රත්නායක සම්බන්ධයෙනි.මේ වන විට කිංස්ලි රත්නායක දේශපාලන රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය ප්‍රතික්ශේප වීම නිසා දෙවන වරටද අභියාචනයක් ඉදිරිපත්  තිබේ.
මුළු රටම දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් පවතින වට පිටාවක මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කන් විදේශ රටවලට පැන ගැනීමට සැළසුම කර ඇති බවට කිංස්ලි රත්නායක ගේ මේ දේශපාලන රැක වරණ ඉල්ලීම තුළින් අනාවරණය වේ.ගිලෙන නැවෙන් මීයන් පැන යන බව මුලදීම අප කීවේ ඒ නිසාය.

Spread the love

Leave a Comment

You may also like