උණුසුම් පුවත්

2011 සිට මිනිමරන්න ගේට්ටු ඇරපු දේශ බන්දු අත් අඩංගුවට නොගන්නේ ඇයි ?

Spread the love

භාරත ලක්ෂ්මන් ප්‍රේමරත්නට වෙඩි තබා ඝාතනය කල දුමින්ද සිල්වා සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එවක කැලණිය කොට්ඨාශයේ සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරි දේශ බන්දු තෙන්නකෝන්ය .

ඒ බවට භාරත ලෂ්මන්ප්‍රේමරත්න නඩු විභාගයේදි සාක්ෂි දෙකක් ලබාදි තිබුණි. එදා 2011 දි එම මිනිමැරුම වනවිටත් මොහු කොට්ඨාශභාර පොලිස් අධිකාරි ලෙසට දුමින්ද සිල්වා සමඟ භාරත ඝාතනය කල ස්ථානයට ගොස් භාරතට වෙඩි තැබු පසුව පොලිස් රථයෙන් යෙන් නැවත පලාගිය පුද්ගලයෙකි.

ඒ දේශබන්දු අපරාධකරුවන් එදා රැගෙන ගිය ගමන් මඟය. ඔහු එදා එසේ කලේත් ගෝඨාභයගේ අධීක්ෂණ මංත්‍රිකම රැකීමටය 2019 වසරේ පාස්කු ප්‍රහාරය වනවිට බස්නාහිර ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට කටයුතු කල දේශ බන්දු එවක නුගෙගොඩ දිසාව භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමරත්නට වැඩ ආවරණය කිරීමට යොදවා පාස්කු ප්‍රහාරය පිලිබදව් දැන දැනම නිවාඩු ලබා පිටව ගිය පුද්ගලයාය.

එවක පොලිස්පති පුජිත් ජයසුන්දරගේ ලිපියට කිසිදු රාජකාරියක් නොයෙදු දෙශබන්දු පාස්කු ප්‍රහාරයෙන් පසුව දුරකථ ලෙඛණ 04ක් දෛනික තොරතුරු පොත් කීපයක බොහෝ ලේඛණ ගලවා ව්‍යාජ සටහන් යෙදු බවට යම් දිනයක දී අපි සාක්ෂි සහිතවම ගෙන පෙන්නන්නෙමු.

මෙවනි පුද්ගලයෙක් වු දේශ බන්දු 09/05/2022 දින නිරායුධ අරගලයක් යෙදුන පිරිසට පහර දීමට කණ්ඩායම් නායකයෙකු සේ පොලු මුගුරු රැගෙන ඔවුන්ව පිරිවරා ගෙන අරලිය ගහමන්දිරයේ සිට පැමිණියේ පාතාලේ ගෝඩ්ෆාදර් සේය.

සාමකාමි ජනතාවක් තම මුලික අයිතිවාසිකම් බුක්ති විදිමින්, සටන් පාඨ කියමින් උද්ගෝෂණ කරන විට එම පුද්ගක්ලයන්ට පහර දීමට අගමැති නිල නිවසේ සිට රැගෙන ගිය දේශ බන්දු තෙන්න්කෝන් පිලිබදව මානව හිමිකම් කොමිසම මුනිවත රැකීම ඉතාම නින්දිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සභාපතිවයෙන් යුතු පුජ්‍ය කළුපහන පියරතන වෛද්‍ය විජිත නානායක්කාර ,අනුෂිකා සර්වානන්දන්, වෛද්‍ය නිමල් කරුණාසිරි යන ශ්‍රි ලංකා මානව හිමිකම් එම කොමිසමේ සභාපති ප්‍රමුඛ සියල්ලගෙනම අපි ඉල්ලා සිටින්නේ ලෝකයක් ඉදිරියේ අහින්සක නිරායුධ පුද්ගලයන් ගේ මානව හිමිකම් කඩකල දේශබන්දුලාට වහාම දඩුවම් කිරීම , පොලිසියේ ගෞරවය හා රටේ ගෞරවය රැකිම ඔවුන් ගේ වගකීමය.


Spread the love

Leave a Comment

You may also like