උණුසුම් පුවත්

මංත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව අද පොලිස්පති පිලිගත්තා – ” මේ මට විතරක් ඔබතුමාලා දොස් කියන්න එපා ඔය පලාතේ OIC  ලාව පත් කරගත්තේ තමන්ට ඕනි අයමනේ ” – පොලිස්පති වික්‍රමරත්න කියයි

Spread the love

පසු ගියදා ඇති වු සිද්ධීන් වලින් පසුව ප්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් පොහොට්ටු මන්ත්‍රිවරුන් ජනාධිපති මන්දිරයට  කැදවා තිබුණි තවත් සමහරක් තවමත් විවිධ ස්ථානවල සැඟවි සිටි.

මෙම සාකච්ඡාවට පැමිණි බොහෝ දෙනෙක් තම තමන්ට විදීමට සිදු වු දුක් අදෝනාවන් කීම ජනාධිපතිවරයාට පවා මහත් හිසේ රදයක්ව පැවතියේය. මින් බොහෝම දෙනෙකු එක එල්ලේම පොලිසියට හා හමුදාවට දැඩි දෝෂාරෝපනයක් කලෝය. මෙම සාකච්ඡාවට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නත් කැදවා ශවිද්‍රත් ගෙන්වා තිබුණි.

පොලිස්පති වෙතට ඉතාම අශෝභන ආකාරයට බැනවදිමින් …”අපේ ගෙවල් රැක්කේ නෑ දැන් එනවා මෙතන මඟුලක් කියවන්න…. තොපි පලයව් යන්න “…..

කියමින් ඉතාම අශෝභන ආකාරයට පොලිස්පතිට හා හමුදාපති ශවින්ද්‍ර සිල්වාට බැනවැදි ඇත. රමේෂ්පතිරණ මන්ත්‍රි හා කාන්චන විජේසේකර පොලිස්පතිට ඒ පලාත්වල පොලිස් ස්ථානධිපතිවරු පිලිබදව් දැඩි ලෙසට දෝෂාරෝපනය කරමින් “තමුසේ” ” ඕයි” වැනි ඉතාම පහත් ආකාරයට පොලිස්පතිට බැනවැදිම ඉවසු පොලිස්පති වික්‍රමරතන් එක්වරම ”

“මට දොස් කියන්න එන්න එපා ඔබතුමන්ලාමනේ ඔය පලාත්වල පොලිසිවලට OIC ලාව එක් එක් කෙනාගේ ලියුම් වලට ගෙන්න ගෙන තියෙන්නේ “එයාල තමා එවට වගකියන්න ඕනි මම නෙවේ . යනුවෙන්

පොලිස්පති හඩ අවදි කිරීමත් සමඟම ජනාධිපති නියෝග කොට ඇත්තේ එම නිවාස වලට පහර දුන් අලාභානි කල පුද්ගලයන් වහාම අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලෙසයි. එසේම එදා මහින්ද කදගම ඇතුළු පිරිසට පහර දුන් සියල්ලම අත් අඩංගුවට ගැනීම වහාම සිදු කරන ලෙසත් ජනාධිපති පොලිස්පතිට කිවාය.

“ලංකා දවසේ” අපි පුනපුනා කිව දේ අද පොලිස්පති වික්‍රමරත්නගේ කටින්ම ජනාධිපති ගේ මුණටම කීම පිලිබදව අපි දකින්නේ පොලිස්පති වික්‍රම්නරත්නට “දිට්ඨ ධම්ම වේදනීය කර්මය” දැන් පලදී ඇති බවයි. අපි කිවේ පොලිසිවල ස්ථානාධිපතිලා පතකරන විට පලාතේ ප්‍රාදේශිය දේශපාලකයාගේ ලිපියට වික්‍රමරත්න එය සිදු ක්ල බවයි .

එය අද පොලිස්පති වික්‍රමරත්නටම පාරාවල්ල්ලක් වීම ස්වාභාව ධර්මය ඵල දීමකි. දැන් වික්‍රමරත්නලාට දේශ බන්දුලාට ඇත්තේ ඔය නිලඇදුම ගලවා තබා හෙළුවෙන් ගෙදරයාමයටය.


Spread the love

Leave a Comment

You may also like