156 වසරක ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකා පොලිසියේ මැහුම් දමන්නම ජනතාව පහර දුන් එකම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවන්නේ බස්නාහිර පලාත භාරව සිටින දේශ බන්දු තෙන්නකෝනය. මෙය අභිමානවත් පොලිස් සේවාවට සිදුකල නින්දිතම හා අප්‍රසන්නතම සිද්ධියකි.මෙවනි “ගෝඩ්ෆාදර්” කෙනෙකු තවදුරටත් වගකිවයුතු නිලයක තබාගෙන ඔබට රටක් කිරීමට හිරිකිතයක් හා අප්‍රසන්නතාවක් ඇති නොවන්නෙ මන්දැයි අපි අසන්නෙමු.
වර්තමාන පොලිස්පති එලාවා දැමිය යුත්තේ තම වගකීම හා යුතුකම නිසිලෙසට ඉටු කිරීමට අපොහොසත් වීම නිසාමය. අපි පුනපුනා කීවේ වික්‍රමරත්න නැමැත්තා හුදු කඩදාසි එහා මෙහා අකරන පියන් කෙනෙක් පමණක් බවයි. දේශ බන්දු තෙන්න්කෝන් රටේ ජනතාවට අපරාධකරුවන් පිරිවරාගෙන පැමිණ සිදුකල අපරාධය තවත් ආණ්ඩුවක් යටතේ එවැන්නක් වෙනුවෙන් පොලිස් නිලධාරින්ට මැදිහත් නොවීමට හා රටේ නිතිය හා යුක්තිය සියල්ලටම එක හා සමානව ඉටු වීමට නම් දේශබන්දු තෙන්න්කෝන් වහාම සේවය අත්හිටු විය යුතුයි.

එසේ නැතුව ඔහු බස්නාහිර දීසාව භාරව තබාගෙන සිදුකරන විමර්ශණ” හොරාගේ අම්මාගෙන් පේන අහනවාට “දෙවනි නැත. එනිසාම අපි ඒ වෙනුවෙන් වහාම මැදිහත් වන්නෙමු. මෙහි ඇති අනික් බරපතලම සිද්ධිය වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජීවිතයට පවා බරපතල තර්ජනයකි. ඒ දේශබන්දු තෙන්නකෝන යනු පාතාලේ හා කුඩු මාෆියාවේ ගෝඩ්ෆාදරය. සදාචාර විරොධි හෝ නිතිවිරෝධි ඕනෑම දෙයක් මුදලට සිදුකරන අයෙක් නිසාය.
රනිල් වික්‍රමසිංහ මහතාට රටේ නිතිය හා සාමය යතින් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් කලයුත්තේ දේශබන්දුලාව වහාම ඉවත් කොට නිතිගරුක විනය ගරුක නිලධාරින් එවනි විශේෂිත ස්ථානවලට පත් කිරීමය.
එය වහාම නොකලහොත් ඔබ මෙතෙක් රැකගත් කීර්තිනාමය මෙවනි නසරානියන් නිසා වැනසෙන බව කිව යුතුය. එසේ නොවුනහොත් ඔබත් රාජපක්ෂලාගේම ජරාවලේම ලගින්නෙකු බව ජනතාව සිතනු ඇත.