මේ වාර්තාව ඇරඹිය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේනගේ ඥාති සහෝදර
උදයංඟ වීරතුංග සිය මුහුණු පොත් ගිනුමේ තබා ඇති සටහනකි.එය මෙසේය.
“……..ඉතිහාසයේ කිසිදු නායකයකු නොකරන ආකාරයට යහපාලන ආණ්ඩුවේ මහින්දවාදීන්ටපන්න පන්නා
ගහපු රනිල්ට අගමැති පුටුව ලබා දීමේ
කුමන්ත්‍රණයට, තමන්ව ජනාධිපති පුටුවට රැගෙන ආ සහෝදරයා අමානුෂික ලෙස කුමන්ත්‍රණයකින් ඉවත්
කිරීමේ පාප කර්මය,මගේ ලොකු අම්මා
අද සිටියා නම් කිසිසේත් අනුමත නොකරන බව බලය නැති දා ගොඨා අයියාට වැටහෙනු ඇත.මෙසේ මහින්ද අයියාට දුන් දුක් වේදනා වලට ප්‍රතිවිපාක කාලය නුඹට හිමි කර්මය ලබා දෙනු ඇත…….”
මේ සටහන ඔබට දෙයාකාරයකින් ග්‍රහණය කරගත හැකිය.ඉන් පළමුවැන්න රාජපක්ෂ දෙසොහොයුරන් අතර මෙරට දේශපාලන බලය පිළිබඳව ආරවුලක් මතු වී ඇති බවය.පවුලේ ආරවුල බරපතල වී ඇතැයි කියාය.දෙවනුව යමෙකුට මෙය රාජපක්ෂ වරුන්ගේ තවත් තක්කඩි ප්‍රකාශණයක් ලෙස හැඳින්විය හැක.ඒ මන්ද යත්.
රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා නොවන බවට වූ අදහස සමාජගත කිරීමේ අරමුණින් උදයංඟ වීරතුංඟ මේ සටහන ලියා ඇතැයි සිතාගන්නට හැකියාවක් පවතින නිසාය.
රාජපක්ෂලා යනු සිය නොසන්ඩාල වුවමනාවන් සඳහා ලොකු අම්මා පමණක් නොව ඩේසි ආච්චී වූවද කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව බිලි දෙන්නට පුළුවන් තරමේ පාදඩයන්ය. රාජපක්ෂ පවුලේ එකෙකුට චරිත සහතිකයක් ලියනවා නම් මේ තක්කඩියන්ගේ සැබෑ පැටිකිරියට අදාල කර ගත යුතු වන්නේ වංචාව කපටිකම මිස වෙන කෙං ගෙඩියක් නොවේ.
එබැවින් ලහි ලහියේ මිල්ටෙරි නන්දසේනට එරෙහිව උදයංඟ වීරතුංග සිය මුහුණු පොතෙහි මේ සටහන ලියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ වරුන්ගේ ගැලවුම්කාරයා බවට පවතින සමාජ මතය ව්‍යාජයක් බවට තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් බව සහතිකය. ඔහු ඒ සඳහා රාජපක්ෂ දෙසොහොයුරන් අතර ආරවුලක් ඇති බවට අඟවා තිබේ.
උදයංඟ වීරතුංග හිතාගෙන ඉන්නේ මෙරට ජීවත්වන්නේ පූනක්කු බොන වස්සන් කියාය.රාජපක්ෂ වරුන් හා රනිල් වික්‍රමසිංහ අතර දේශපාලනයෙන්
ඔබ්බට විහිදුන අඹ යාළු කම ගැන දන්නෝ දනිති.ඒ බව නොදන්නන් නම්
උදයංඟ ලියා ඇති සටහන මහත් බැතියෙන් ඔළුව උඩ තියා ගෙන අනේ අගමැති මහින්ද පවු යැයි සිතන්නට ඉඩ තිබේ.
මේ වන විට මෙරට ජීවත්වන බොහෝ පිරිසකට රාජපක්ෂ වරු ඇලජික්ය.මහ පාරේ ගෑස් ගන්නට හා ඉන්ධන ගන්නට පෙල ගැසී සිටින පෝලිම් වලින් ඇසෙන්නේ රාජපක්ෂවරු තුක් නොදකින් කියවෙන වෛරී ප්‍රකාශණය පමණය.සමාජය තුළ රාජපක්ෂ දේශපාලනය නෝ චාන්ස් වන තරමට බාල්දු වී තිබේ.දැන් රාජපක්ෂලා මුල්ලට හේත්තු වී හමාරය.ඔවුන් කල්පනා කරමින් සිටිනවා ඇත්තේ දේශපාලන බලය රැක ගැනීම නොවන බවද පැහැදිලිය.දැන් ඔවුන් ගේ සියළු සැළසුම් කේන්ද්‍රීය කරගෙන ඇත්තේ සමාජය වෙතින් එල්ල වී ඇති සියළු අපරාධ චෝදනා වලින් නිදහස් වන ආකාරය මිස අන් යමක් ගැන නොවේ.
මෙහිදී ඔවුන් අත ඇති එකම එක තුරුම්බුව රනිල් වික්‍රමසිංහ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත .දැන් ඔවුන් ඒ අවසන් තුරුම්බුව දේශපාලන බූරුවා පිටියට දමා තිබේ.මේ තුරුම්බුව හරියට වැඩ නොකෙරුවොත් රාජපක්ෂලාට සිද්ධ වන්නේ වැලිකඩ කූරු ගනින්ට බව අපට සැකයක් නැත.මුළු රටම දැන් ඉල්ලන්නේ රාජපක්ෂලා සිදු කර ඇති රාජ්‍ය දේපොළ වංචා වලට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසටය.
රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර පාලනයත් ඒ පාලනය ඇති කරන්නේ රට ගොඩ නැගීමට මිස තමන් ගොඩ ඒමට නොවන බව සමාජගත කිරීම රාජපක්ෂලා වෑයමයි. අප මුලදී ලියා ඇති උදයංඟ වීරතුංග
ගේ සටහන ඒ වෑයමේ සක්ක ගලකි.
2015 ජනපතිවරණයෙන් පසුව පරාජය වුන මහින්ද රාජපක්ෂට රැකවරණය සපයන ලද්දේ රනිල් වික්‍රමසිංහය.2022 ජනතා අරගලයෙන් අසරණ වී සිටින ගොඨාභය තමන් බේරාගන්නා ලෙසට අයදින්නේද රනිල්ටය.රනිල්ගේ පැටිකිරිය ගොඩ දමන විට පක්ෂ නායකත්වය ලැබුණු දවසේ සිටම ඔහුගේ අපේක්ෂාව වූයේ මෙරට ජනපති
ධූරයට පත් වීමය.එහෙත් ඔහු එම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට පක්ෂය සංවිධානය කරමින් දේශපාලනික වුවමනාවකින් කටයුතු නොකරන ලදී.ඔහු නිතරම දේශපාලන සූදු පිටියේ ක්‍රීඩා කෙරුවේ සටකපටමිනි.
පසුගිය මැතිවරණයෙන් රනිල් අන්ත පරාජයකට පත් වූවද පක්ෂයට ලැබුණ බෝනස් අසුනට කිසිවෙකු පත් නොකර කල් මරමින් සිට පසුව ඔහුම ඒ අසුනට මන්ත්‍රීවරයකු වශයෙන් පත් විය.මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ තරුණ පරපුරේ හා වැඩිහිටි පරපුරේ කිසිදු කැමැත්තක් මනාපයක් නැති බව රනිල් දනී.ඔහු නින්දා අපහාස ගැරහුම් තඹ දොයිතුවකට මායිම් කරන්නෙක්ද නොවේ.
පවතින අර්බුද කාරී දේශපාලනික වටපිටාව තුළ රාජපක්ෂ සනුහරයට ඇති හොඳම හා අවසන් ආයෝජනය රනිල් වික්‍රමසිංහය.මොහු අගමැති වරයා ලෙස රාජපක්ෂ වරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා යටපත් කරනු ඇති බව නිසැකය.යහපාලනය තුළ දී රනිල් වික්‍රමසිංහ ඒ කාර්ය භාරය මැනවින් ඉටු කරන ලදී.එහිදී මෙරට දේශපාලනය තුළ සජිත්ද සිරිසේනද කුජීත කරනු ඇත්තේය.
ඒ අතරේ මේ මොහොතේ දරුණු පසුබෑමකට ගොදුරු වී සිටින මිල්ටෙරිනන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය ගැන අප මේ හෝරාවේ සැහැල්ලුවෙන් සිතිය යුතු නොවේ.රාජපක්ෂ වරු යනු ජාතිය හා ආගමට මුවා වී මංකොල්කෑම් කළ මිනීමැරුම් කළ සාහසිකයන්ය. ඔවුන්ට එරෙහිව පවතින මෙම එදිරිවාදී වටපිටාව ඔවුන් නොඉවසන බවද අපට විශ්වාසය.තමන්ගේ දේශපාලන බලය ලේසියෙන් ඔවුන් විසින් අත් නොහරිනු ඇත්තේය.ඔවුන් ඒ සඳහා ඕනෑම මිලක් ගෙවන්නට සූදානම් බවද පැහැදිලිය.ඒ වෙනුවෙන් මිනිස් බිලි පූජා කරන්නට වුවද රාජපක්ෂ වරුන් සූදානම්ය.
අගමැති වරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සමාජය තුළ පවතින ආර්ථික අර්බුදය නිවීම සඳහ යමි යම් වැඩපිළිවෙලවල් ගන්නා බව නිසැකය.ඉන්ධන හා ගෑස් සමාජයට ඇතිතරමේ බෙදා හැරීමෙන් හා වැඩිවුන බඩු මිල පාලනයකට යටත් කිරීමෙන් උණුසුම්ව ඇති සමාජය යම් තරමකට හීලෑ කරගන්නට පුළුවන් විය හැකි යැයි ඔහු විනිශ්චයකට එළඹ ඇති බව අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශයන් වලින් තහවුරු වේ.
එහෙත් රනිල් වික්‍රමසිංහගේ එම විනිශ්චය බරපතල මුලාවක් බව අපට සිතෙන්නේ ඔහුට එරෙහිව ආගමික සංස්ථාවෙන් හා විවිධ වෘත්තික සමාජ තලයන්ගෙන් එල්ල වන චෝදනා වලිනි. දැන් අපට සිතන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ තුරුම්බුව අසාර්ථක වුවහොත් රාජපක්ෂ වරු ඊළඟට ගන්නා පියවර කුමක් විය හැකිද යන්නය.
එහිදී මිලිටෙරි නන්දසේන ජනපති තනතුරෙන් බල්ලා අස්වීමට බැරි නැත.ව්‍යවස්ථානු කුලව ඉන්පසු ජනපති තනතුරට පත් වන්නේ අගමැති වරයාය.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවෙි ජනාධිපතිවරයා විසින් ධුරය හිස් කිරීම සහ අනුප්‍රාප්තික ජනපතිවරයා තෝරා පත් කිරීම පිළිබඳව විස්තර කර ඇත. එම ව්‍යවස්ථාවේ (1)(ඇ)හි නව ජනපති වරයා ධුරයේ කාර්ය භාර ගැනීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍ය වරයා ජනපති ධුරයේ වැඩ බැලිය යුත්තේය යනුවෙන් සඳහන් වේ.
එසේම එම ව්‍යවස්ථාවේ (1)(අ) සදහන් වන්නේ ජනපතිවරයගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනපති ධුරය හිස්වුව හොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේය යනුවෙනි.
අපගේ විශ්වාසයේ හැටියට රාජපක්ෂලා නටන්නට හදන දහ අට සන්නියේ අවසන් සන්නිය මේ 40 ව්‍යවස්ථාව විය යුතු යැයි අපි සැක කරමු.තාවකාලික ජනපති තනතුරට පත් වෙන රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුල වෙනුවෙන් සිය කැප වීම ඉටු කර ජනපති ධුරයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරාපත් කරගන්නා ජනපතිවරයාට ඉඩ දෙන බව නිසැකය.එහිදී ඒ මන්ත්‍රීවරයා රාජපක්ෂ සනුහරයේ එකෙකු මිස වෙන කෙනෙකුද නොවෙනු ඇත්තේය.
එහෙත් මෙරට මහ පොලොවෙි ඇවිලී ඇති අරගලය රාජපක්ෂ වරුන්ගේ මේ ව්‍යවස්ථා ගේමට ඉඩ දේද නොදේද යන්න ගැන අනාවැකි කියන්නට කල් වැඩිය.