උණුසුම් පුවත්

හිටපු අගමැතිට ,ඇමති සී.බී.ඇතුළු 15 කට රටින් පිටවීම තහනම්

Spread the love

අගමැති මහින්ද රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ ගේ මෙහෙය වීමෙන් පසු තම පාක්ෂිකයන් අරලිය ගහ මන්දිරයට කැදවා තිබුණි. ඉතාම සැලසුම සහගතව නිරායුධ ජනතාවට පොලු රැගෙන ගොස් පහරදීමට සැලසුම් කොට බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා අනිකුත් පොලිස් නිලධාරින් ගේ ආරක්ෂාව සහිතව ගාලු මුවදරට පහර දීමට සැලසුම් කලේය.

එහිදි සී.බී රත්නායක විසින්ද ජනතාව ප්‍රකෝපකරවමින් පහරදීමට තම පාක්ෂිකයන් පොලබවා ඇත. මෙහිදි ජොන්සටන් ,සනත් නිශාන්ත,  සමඟපවිත්‍රා වන්නි ආරච්චි,සංජීව ඒදිරෙමාන්න,කාංචන ජයරත්න, එදිරිමාන්න, රෝහිත අබේ වික්‍රම,දේශ බන්දු තෙන්නකෝන් මෙහිදි නිරා යුධ ජනතාවට පහර දීමට ඉඩ සල්ස්වා ඇත. මේ පිලිබදව අද (12)කොටුව අධිකරණයේ නිතිපති විසින් නඩු පවරා විදෙස් ගමන් තහනමක් පැනවීමට ඉල්ලා ඇත. ඒ අනුව අධිකරණය අද 12 විදෙස් තහනමක් ද පනවා ඇත.

සී.බී. රත්නායක ගේ  නිවසේ සිටි ජොති නැමති පුද්ගලයෙකු ගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොවන සැක සහිත බවට කියමින් නිතිපති වෙතට හා අධිකරණයට මේ වනවිටත් ඔහු ගේ ඥාතීන් පෙත්සමක් ඉදිරිපත් කරමින් තිබෙන බවත්, අපට දැන ගැනීමට ඇත.

රටේ ජනතාව මෙවනි ඉතිහාසගත ජයක් ලැබුවේ සමස්ථ නිති ප්‍රජාව ගේම, නිති ගරුක ජනතාවගේ නොමද සහාය එකාමෙන් ලද නිසාය.


Spread the love

Leave a Comment

You may also like