උණුසුම් පුවත්

නඩුකාරතුමියගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම ගැන විනිසුරු සේවා සංඟමය විරෝධය දක්වයි

Spread the love

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරට දී තිබූ පොලිස් ආරක්ෂාව කිසිදු හේතුවක් නොදන්වා ඉවත්කිරීම සම්බන්ධයෙන් විනිසුරු සේවා සංගමය පොලිස්පති වරයා වෙත
සිය විරෝධය දක්වා තිබේ.

විනිසුරු සංගමයේ සභාපති නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සහ ලේකම් පූගොඩ අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පසන් අමරසේන යන දෙදෙනා විසින් අස්සන් කර ඇති මෙම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂමට මහාධිකරණ විිනිසුරු සංඟමයට හා නීතිඥ සංගමයට යොමු කර ඇති බවද එහි දැක්වෙි.

විනිසුරුවරුන්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශිත චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරියගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව එහි වැඩිදුරටත් සඳහන්ය.තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ගේ මෙම ක්‍රියාකළාපයට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසද ,විනිසුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටී.

මෙම වගකීම් විරහිත ක්‍රියාකළාපය පිළිබඳව විනිසුරු සේවා සංඟමය එම ලිපිය මගින් අප්‍රසාදය පල කර ඇත. එහෙත් ඊයේ රාත්‍රිය වන විට නැවතත් මහේස්ත්‍රාත්වරියගේ පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි ලංකා දවසට වාර්තා විය.

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරට දී තිබූ පොලිස් ආරක්ෂාව කිසිදු හේතුවක් නොදන්වාඉවත්කිරීම සම්බන්ධයෙන් විනිසුරු සේවා සංගමය පොලිස්පති වරයා වෙත
සිය විරෝධය දක්වා තිබේ.

විනිසුරු සංගමයේ සභාපති නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සහ ලේකම් පූගොඩ අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පසන් අමරසේන යන දෙදෙනා විසින් අස්සන් කර ඇති මෙම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂමට මහාධිකරණ විිනිසුරු සංඟමයට හා නීතිඥ සංගමයට යොමු කර ඇති බවද එහි දැක්වෙි.

විනිසුරුවරුන්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශිත චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරියගේ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව එහි වැඩිදුරටත් සඳහන්ය.තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා ගේ මෙම ක්‍රියාකළාපයට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙසද ,විනිසුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටී.

මෙම වගකීම් විරහිත ක්‍රියාකළාපය පිළිබඳව විනිසුරු සේවා සංඟමය එම ලිපිය මගින් අප්‍රසාදය පල කර ඇත.එහෙත් ඊයේ රාත්‍රිය වන විට නැවතත් මහේස්ත්‍රාත්වරියගේ පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි ලංකා දවසට වාර්තා විය.

Spread the love

Leave a Comment

You may also like