උණුසුම් පුවත්

කට්ටඩි ඥානාගේ නැකතට හදිසි නීතිය දමයි. “බරපතල ප්‍රහාරයකට” සූදානම්

Spread the love

මිල්ටෙරි නන්දසේන කට්ටිඬි ඥානගේ නැකතට රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගයට අත්සන් කෙරුවේය.හමුදාපති ශවේන්ද්‍ර වස්සා ඔහුගේ කට්ටඬි පිස්සා ලවා ආරක්ෂාවට
යන්ත්‍රයක් ජීවම් කරගනිම්න් සිටී.

මිල්ටෙරි නන්දසේනත් හමුදාපති ශවේන්ද්‍ර වස්සාත් මූඩියට හට්ටිය ගැලපෙන අපූරු බඩු දෙකකි.මුන් දෙන්නාම පිස්සන්ය.කටිටඩි ගුරුකම් වලින් ර⁣ටේ පාලන බලය තබා ගත හැකියැයි සිතනවුන්ය.

දැන් රට පුරා හදිසි නීතිය පනවා මිල්ටෙරි නන්දසේන හදන්නේ මිල්ටෙරි
බලයෙන් රාජපක්ෂ සනුහරේ බලය ආරක්ෂා කරගන්නටය.පැය හැත්තෑ දෙකක් ඇතුළත හමුදා පොලිස් බලය යොදා ගාළු මුවදොර ඉවත් කිරිමට සැලසුම් කර තිබේ.ඒ සදහා පැවැති සාකච්ඡාව රජගෙදරදී මීට මොහොතකට පෙර මිල්ටෙරි නන්දසේන
ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.එම රැස්වීමට ආරක්ෂක ලේකම් පොලිස්පති හමුදාපතිවරු නීතිපති ⁣නිපෝ දේශබන්දු බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සලේ සහභාගි වී තිබේ.මේ ආරක්ෂක හමුදා නිලයන්ට අමතරව මෙම රැස්වීමට ඇවන්ගාඩ් සේනාධිපති සාහසිකයාද එහි සිට ඇත.

ඔවුන් ⁣ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මිල්ටෙරි සැලසුම අනුව සෑම ප්‍රධාන නගරයකටම හමුදාව යෙදවේ.හමුදා බුද්ධි සේවාව යොදවා ගනිමින් මෙම අරගලයේ නියමුවන් අත් අඩංගුවට ගැනීමටද නියමිතය.සමාජ ජාලා වලට මාධ්‍ය වලට බාධා පමුනුවා සමාජ සම්බන්ධතා බිඳ දැමීමටද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඇවන්ගාඩ් සාහසිකයා පවසා ඇත්තේ එකෙකු දෙන්නෙකු ප්‍රසිද්ධයේ මරා දැමීමෙන් සියළු දෙනාම නිහඬ වනු ඇති බවය.

එම මිනීමරු අදහස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අනුමත කර ඇත.

මේ හමුදා මාර්ග සිතියම අනුව රට තුල ඉතා බරපතල ආකා⁣රයෙන් මිල්ටෙරි ක්‍රියාන්විතයක් සිදු කිරීමට නියමිත බව ස්ථිරය.

නමුත් මේ සාහසික මිල්ටෙරි මෙහෙයුම සාර්ථක වන්නේ පොලිස් සේවාව හා යුද හමුදා රෙජිමෙන්තු කවර ආකාරයෙන් මෙයට සහයෝගය දක්වන්නේද කියන කාරණය මතය.⁣මෙරට හමුදා රෙජිමෙන්තු අතරත් නාවුක හා ගුවන් හමුදා අතරත් යහපත් සහසම්බන්ධයක් නැත.එබැවින් මිල්ටෙරි නන්දසේනලගේ වුවමනාවන්ට අනුව මේ හමුදා සේනාංක වල සෙබළුන් හැසිරේද යන්න අපට සැකයක් පවතී.

කොටින්ම කියතොත් මිල්ටෙරි නන්දසේන හා පාදඩ කල්ලිය මේ හදන්නේ ඉල්ලං කෑමටය.හැබැයි මේ ඉල්ලං කෑම මහා රුධිරය ගංඟාවකින් අවසන් වෙන්නට ඉඩ ඇතැයි අපි අනතුරු අඟවමු.


Spread the love

Leave a Comment

You may also like