උණුසුම් පුවත්

බණ්ඩාරණායක ප්‍රතිමාවේ ඇස් බැන්දේ මිල්ටෙරි කාරයෙක්

Spread the love

පසුගියදා ගාලු මුවදොර අරගල භූමිය තුළ සිදුවූ එක්තරා ආන්දෝලනාත්මක 

සිදුවීමක් පක්ෂ විපක්ෂ බොහෝ අයගේ කතා බවට ලක්විය.ඒ ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳීමේ සිඳුවීමයි.මේ සිදුවීම දේශපාලනිකව බොහෝ දෙනෙකුගේ  පිළිකුලට ලක් වූ සිදුවීමක් අතරම එය ඇගයූවන්ද මෙරට නොසිටියා නොවේ.
එය බිමට පෙරලා දැමිය යුතු යැයි යෝජනා කළ වුන්ද ඒ අතරේ සිටි බව අපි දුටුවෙමු.
මෙරට බොහෝ දෙනෙකු දේශපාලනය තුළ හැසිරෙන්නේ මුලා වූවන් විදියටය.
මොවුන්ගේ හැසිරීම කුණු මස් කැදැල්ලකට පොර කන කාක්කන්ගේ
චර්යාවට වෙනස් නැත.අරූගෙන් මූ උදුරා ගැනීමත් මූ ගෙන් අරූ උදුරා ගැනීමත් හැර අන් යමක් ඒ හැසිරීමේ විශේෂයක් නැත.එහෙත් එහි එක් විශේෂයක්ද පවතී.ඒ ගොදුර සඳහා සියල්ලන්ටම ආරාධනා කිරීමයි.
බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳීම තුල සැඟවුන ඇත්ත Sri Lanka Breef හි සංස්කාරක සුනන්ද දේශ⁣ප්‍රිය අනාවරණය කර ඇත.ගාලු මුවදොර හිසක් නැති අරගල කරුවන් මේ ඇත්ත දැනගැනීම ශරීරයට හොද බව අපි ලියා තියමු.එසේ නොමැතිව දමිතා අබේරත්න වැනි දේශපාලනයේ හයක් හතරක් නොදන්නා ගොබ්බ තකතිරු නිළියන්ගේ වාචාල රඟපෑමට අරගල කරුවන් වශී වුන හොත් ඒ අරගලය නවතිනු ඇත්තේ ගීතා පබා හා මාලනී වැනි නිළිි කෂඩ වාට්ටු පාර්ලිමේන්තුවට රිංඟූ නාටකයේ ඊළඟ දිගුව විදියටය. 
දමිතා වැනි වාචාල නාටිකාවන් මේ රටේ රාජපක්ෂ තක්කඩියන් ගැන දැන ගන්නට ඇත්තේ අද ඊයේය.එසේ නොමැතිනම් රාජපක්ෂ සනුහරයට එරෙහිව ඔය අරගල පටන් ගන්නට පෙර හුදකලා සටනක් ගෙන ගිය සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ දෑස් වල තිබූ කඳුළු මතුවූයේ මක් නිසාදැයි හොයා බලන්නට මෙි නාටිකාවන්ට අවස්තාවක් තිබුණි.සිය සැමියා වෙනුවෙන් හුදකලා සටනක් ගෙන ගිය ඒ වීර ගැහැණියට ⁣හෝමාගම උසාවියේදී වේසාවීයැයි ගලබොඩ අත්තේ මදාවියා අපහාස  කරන විට ඔය අද වීරවරියන් ලෙස මාධ්‍ය වල රඟ දක්වන ඇතැම් නාටිකාවන් ලේඛිකාවන් සිංදු කාරියන් සිටියේ කොහේදැයි අපි ප්‍රශ්ණ කරමු. අපට ඔවුන් අරගලයට සම්බන්ධ වීම ගැන කිසිදු ප්‍රශ්ණයක් නැත.
ප්‍රශ්ණය ඇත්තේ මං පොර හෝ මං පොරී වෙන්නට දඟලන ඔක්කාරය එන දැඟලිල්ල ගැනය. ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම තුළ අප විසින් නිරීක්ෂණය කළ කාරණයක් සටහන් කරමු.ඒ ඔය නාටිකා දමිතා අබේරත්න ගැනය.ඇය අද එහි පැමිණියාය.අප ඇය ගැන විමසිල්ලෙන් සිටියෙමු.හීන් සීරුවේ ඇය කිට්ටු වූයේ මාධ්‍යවේදීන් සි⁣ටි ස්ථානයටය.එහිදී ඇය දුටු මාධ්‍යවේදීන් ඇයගේ කූණු රසැති වොයිස් කට් එක ගන්නට පෙල ගැසුනි.ඇය මේ අරගලය ගැන සිය අදහස කියා ඉන් හීන් සැරේ මාරුවී ගියාය.අරගල කරුවන්ට කඳුළු ගෑස් ගහන විට මේ නාටිකාවගේ හෙවනැල්ලවත් ඒ අහලක නැත.අරගල බිම ලකුණු දමා ගන්නියන් වැඩ කරන්නේ ඔහොමය.
Sri Lanka Breef සංස්කාරක සුනන්ද දේශප්‍රිය බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳි හාදයා ගැන ඒටු ඉසෙඩ් හොයාගෙන තිබෙි.අප ඔහුගේ ගවේෂණ මාධ්‍යකරණය ගැන ස්තූති වන්ත විය යුතුය.එම තොරතුරු ආවරණයේ මුල හරියේ සුනන්ද දේශප්‍රිය
මෙසේ ලියා තිබේ.
“…රාජපක්ෂ දේශපාලනය යනු තමන්ට එ⁣දරිව නැගෙන විරෝධතා හමුවේ කරබා ගෙන සිටින එකක් නොවේ.එය සිය ප්‍රචාරකයන් මෙන්ම දහස්  ගනනින්
යුතු ඔත්තු සේවා යොදවමින් කල් බලන්නේ විරෝධතා පරාජය කරන්නේ කෙසේදැයි බැලීමටය.ඒ සදහා යොදාගත හැකි ක්‍රම දෙකක් තිබේ.එකක් අරගලය ප්‍රචණ්ඩත්වය කරා තල්ලු කිරීමය.
අනෙක අරගලය තුල බේද ඇති කොට  එය දුර්වල කිරීමය…”
උපුටනය අවසන්
සුනන්ද හරියටම හරිය.අරගලය චොර කිරීමට රාජපක්ෂ තක්කඩියන් ගහන ගේම් ගැන අප අනන්තවත් ලියා තිබේ. එහිදී රාජ්‍ය ඔත්තු සේවා වල මැදිහත් වීම පමනක් නොව ඇවන්ගාඩ් සේනාධිපතිගේ සාහසික සැළසුම්ද රාජපක්ෂ තක්කඩියන්ගේ ආරක්ෂාවට දියත් වෙමින් තිි⁣බෙන බව අප මුල සිටම අනාවරණය කර ඇත.
නැවත සුනන්ද කියවමු………..
“..මේ ඇස් බැඳීම විරෝධතා කරුවන්ගේ
සාමූහික තීරණයක් නොවීය.එවැනි තීරණයක් ගත් කිසිම කණ්ඩායමක් අරගල බිමේ නැත.එම ඇස් බැඳීම සාධාරණ කරමින් අරගල බිමේ ආංශික නායකත්වයක් දරණ කිසිවකු කතා කළේද නැත.
ඇස් බැදීම කරන ලද්දේ මීටර් හතරක් පමණ උස මෙම ප්‍රතිමාවේ ගෙලට වැටෙන සේ විශේෂ කඹයක් විසි කර එමගින් එහි නැග තමා නොවැටෙන සේ කඹය සිය බඳ වටා සහ දෙකකුල් අතරින් විශේෂ ගැටයක් දමා ගැනීම මගිනි.එවැනි වික්‍රමයක් කළ හැක්කේ විශේෂ පුහුණුවක් ඇති අයෙකුට පමනක් බව අලුතෙන් කීමට දෙයක් නොවේ.මෙම වික්‍රමය කරන ලද්දේ   එක්ස් නම් (ඔහුගේ නම අප දන්නා මුත් මෙම අවස්ථාවෙි නොකියමු) අරගල බිමේ සිටින තරුණයකු විසින් බව ඔහුගේම සමාජ ජාලා සටහන් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා මාතාව  රුදිරයෙන් ජාතිවාදයෙන් තෙත් කළ ඒ මහ පවුකාරයෙකුගේ දෑස් අප බැඳ දැමූහ.
අරගලට ජයවේවා
එම සටහන ඔහු විසින් තබන ලද්දකි
ඔහුගේම සමාජ ජාල අනුව ඔහු යුද හමුදාවේ දෙපලකම සේවය කරයි.අරගල බිමෙහි ඔහුගේ කූඩාරමේ ඇත්තේ රතු කොඩියකි.ඔහු ජාතික කෙඩිය වර්ග වාදී එකක් ලෙස දක්වයි
නමුත් සේවය කරන්නේ හමුදාවේය.
ඔහුගේ සමාජ ජාල සටහන් අනුව මෙම අරගලය පැන නැගීමට පෙර ඔහු කිසිදු දේශපාලන උනන්දුවක් දක්වා නැත .ඔහුගේ සමාජ ජාලා පිටුවල ඇත්තේ තරුණියන් ගැන සහ තරුණියන්ගේ මිරිකීමට ඇති හොදම තැනය යනාදී දේය.
#gohomegota හෑෂ් ටෑගය යටතේ ප්‍රථමයෙන් දීප ව්‍යාප්ත අරගලයක් ඇති වූයේ පසුගිය අප්‍රේල තුන්වෙනිදාය.එය කුඩු පට්ටම් කිරීමට රාජපක්ෂ පාලනය දරණ ලද නහීන උත්සාහය දැන්  ඉතිහාසය බැවින් අලුතෙන් ලිවීමට අවශ්‍ය නැත.එදා එම අරගලය අසාර්ථක වී රාජපක්ෂවරු ජය ගත්තේ නම් ගෝටා ගමෙහි  අද සිදුවන මෙම අරගලය පැන නොනගින්නට ඉඩ තිබුණි.
ඇස් බැදීමේ වීරයා එදින අරගලයට විරුද්ධ ප්‍රචාරයක් ගෙන ගියේය.ඊට සම්බන්ධ නොවෙන ලෙස ඉල්ලා සිටියේය.ඔහුගේ සමාජ ජාලා විස්තරය සැබෑ නම් ඔහු ඒ දිනවල ඉන්නට ඇත්තේ හමුදා සේවයේය.
(උපුටනය අවසන්)
මේ ඇස් බැදීමේ වීරයා අප්‍රේල් 18 වන දින සිය සමාජ ජාලා පිටුවේ ජවිපෙ හා පෙරටුගාමීන් අපහාසයට පත් කර ඇති බවද, ඉන් පසු  ඊට ඉහත මාර්තු මස 26 වන දින ඔහු සිය  සමාජ ජාලා පිටුවේ  මිල්ටෙරි නන්දසේන ගේ වීරත්වය ගැන සටහනක් තබා ඇති බවද සුනන්ද ලියා තිබෙි   
අනතුරුව සුනන්ද මැයි 1 වෙනිදා මොහු සිය පිටුවේ සටහන් කරන්නේ අරලිය මන්දරය⁣ වටලා ආහාර හා ජල සැපයුම නතර කළ යුතු බව හා ඊට පෙර බස්වලට පහර දිය යුතු බවද ලියා ඇතැයි කියා සිටී .
සුනන්ද දේශප්‍රිය ගේ මේ අනාවරණය සම්පූර්ණ සත්‍ය බව අපද විසින් ද අවධාරණය කෙරේ.ඒ මන්ද යත් අරගලය කඩා කප්පල් කිරීමට හමුදාව සහ ඇවන්ගාඩ් සේනාධිපති ගේ සාහසික කණ්ඩායම් ගැනද අප වෙත තොරතුරු ලැබී තිබුණ නිසාය.
දැන් අප ප්‍රශ්ණ කරන්නේ ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකරය.බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳීම ගැන ඔහු කන් කඩා වැටී ඇස් කඳුළු පුරවාගෙන නැට්ට විකා ගෙන අඳෝනා නැගුවෙි අරගල කරුවන්ට අප්‍රසාදය පල කරමිනි.දැන් ඒ සිදුවීමේ ඇත්ත අනාවරණය වී තිබේ.
අප දැන් බලා සිටින්නේ සිරිසේන ඇතුළු නඩය යුද හමුදාවේ මේ නහීන අපුල සහගත ක්‍රියාව ගැන කවර ප්‍රතිචාරයක් දක්වන්නේද යන්නය.
දයාසිරි  ජයසේකර මහත්තයෝ ඔන්න ලංකා දවස බෝලය එවා ඇත්තේ ඔබේ පිත්තටය. 

Spread the love

Leave a Comment

You may also like