රඹුක්කන ප්‍රදේශයේ ඊයේ ජනතා විරෝධයක් ඇවිලී ගියේ වැඩිවූ ඉන්ධන මිල ට එරෙහිවය.එහිදී ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හා රඹුක්කන ප්‍රධාන මාර්ගය අවහිර කරන ලදී.මහමාර්ගයේ ටයර් පුළුස්සා දමමින් පැවැති මෙම මහජන විරෝධතාවයට පහර දීමට නියෝග කරන ලද්දේ කෑගල්ල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාය.මොහු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්නය.
උප සේවා උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති මොහු මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.රාජපක්ෂ වාදියෙකි. පොලිස් උප සේවයට ඇතුළත් වීමට සුදුසුකම් සපුරා නැති මොහුට අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස සකස් කර දී ඇත්තේ බිරිඳගේ සොහොයුරාය.මෙම තැනැත්තා බෙන්තොට ඉඳුරුවේ පදිංචි විස්කි ලෙස හැඳින්වෙන අන්ත දූෂිතයෙකි.දීර්ඝ කාලයක් දකුණු පලාතේ සේවය කරන කීර්ති රත්න පසුව රාජපක්ෂ පවුලේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චි හා සම්බන්ධවේ.කීර්තිරත්නගේ දුක්ගන්නා රාළ වූයේ මේ නෙවිල් වන්නිආරච්චිය. කීර්තිරත්න සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙස පත් කිරීම සඳහා පොලිස් දෙපාරිතමේන්තුවෙි පැවැති උසස්වීම් පරිපාටිය පවා වෙනස් කිරීමට නෙවිල් වන්නිආරච්චි මැදිහත් වී ඇති බව අපට දැන ගැන්මට තිබේ.මෙම SSP කීර්ති රත්න බේබද්දෙකි.මුළු දවසම කරටි කැඩෙන්නට බීමත්ව සිටින්නෙකි.නිතරම බිරිඳ හා ආරවුල් ඇති කරගනිමින් ඇයට අසභ්‍ය වචනයෙන් බැණ වදින කීර්තිරත්නගේ විවාහ ජීවිතය අවුල් සහගත බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවැසේ.
මෑතකදී නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස්වීම් ලද බිම්සාරිගේ පත්වීමට එරෙහිව පොලීසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එම පෙත්සමට මෙම ඡෙ.පො.අධිකාරී කීර්ති රත්නද අත්සන් කර ඇත.බිම්සාරී යනු නෙවිල් වන්නිආරච්චිගේ අනියම් බිරිඳයි.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් බිම්සාරිට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට කීර්තිරත්න අත්සන් තබා ඇති බව දැන ගත් නෙවිල් වන්නිආරච්චි ඔහුට දොස් පවරා තිබේ.මෙම දොස් පැවරීමෙන් පසුවකීර්තිරත්න එම පෙත්සම ඉදිරිපත් කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් පිරිසට පවසා ඇත්තේ එම පෙත්සමෙි අත්සන් තැබුවේ තමා නොවන බවය.කෙසේ වෙතත් එහිදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු ප්‍රකාශ කර ඇත්තේ ඒ බව අධිකරණයට දන්නවන ලෙසය.මෙම පෙත්සම තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.මේ පිළිබද අප වෙත කරුනුු දැක්වූ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු කියා සිටියේ කීර්ති රත්න එම පෙත්සමට අත්සන් කළ බවත් ඔහු එම අත්සන තමාගේ නොවන බව කියන්නේනම් ඒ ගැන අධිකරණයට කරුණු දක්වා පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්ය.තමා ඉතා නුදුරු කාලයකදී නියෝජ්‍ය පොලිස්පති වරයකු වන බව කීම බීමත්ව සිටින විට කීර්ති රත්න ගේ වහසි බස් දෙඩවීමට අදාල මාතෘකාවකි.මෙම ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න පොලිස් සේවා කාලයටම උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි කොට නැත.යහපාලන ආණ්ඩුව පත් වීමත් සමගම ඔහුට මඩකලපුවට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ ඔහුගේ සේවා කාලය තුළ පැවැති එම අඩු පාඩුව අවධානයට ගනිමිනි. නැවත ජනපති මිල්ටෙරි නන්දසේන බලයට පත්වීමත් සමගම කීර්තිරත්න තමන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව සඳහන් කරමින් ජනාධිපති කොමිෂමට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහි ඔහු දේශපාලන පලිගැනීම ලෙස සදහන් කර ඇත්තේ මඩකලපුවට ලබා දී තිබූ ස්ථාන මාරුවය.කෙසේවෙතත් එම දුක්ගැනවිල්ල ජනාධිපති කොමිෂම පිළිගත් බවද ඔහුට උසස්වීම් පවා නිර්දේශ කර ඇතැයිද දැන ගැන්මට තිබේ.කෑගල්ල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා වශයෙන් පත් වීමෙන් පසුව මොහුගේ විෂමාචාර රාජකාරිය පිළිබඳව බොහෝ පැමිණිලි ඇතැයිද වාර්තා වේ.නිතර බීමතින් සිටින මොහු පිළිබදව පසුගියදා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ පැමිණිලි කර ඇති බවද වැඩි දුරටත් අනාවරණය වේ.මානසික අසංතෘප්ත බවකින් රාජකාරි කරන මොහු පොලිස් නිළධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදින්නෙක් බවටද ප්‍රසිද්ධය.රඹුක්කන ජනතා විරෝධය අවස්ථාවේ හිටගෙන සිටින නොහැකි ආකාරයෙන් බීමත්ව සිටි මොහු ජනතාවට පහර දීමට නියෝග කරන ආකාරය සිද්ධිය සම්බන්ධ වීඩියෝ වලින් නැරඹිය හැක.රඹුක්කන මිනිස් ඝාතනයට සෘජුවම සම්බන්ධ මෙම ඡේ.පො අධිකාරීවරයා වේ.එහෙත් මෙි වන විටත් රඹුක්කන පොලීසියේ සථානාධිපති වරයා ලෙස කටයුතු කරන්නේ යැයි සඳහන් කරමින් මෙම සිදුවීමට කිසිසේත්ම සම්බන්ධයක් නැති පොලිස් නිළධාරියකු හා ඔහුගේ දරු පවුලේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබේ.මෙම ඡායාරූපයට සම්බන්ධ පොලිස් නිළධාරියා මඩකළපුව පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරත වන නිළධාරියෙක් වන අතර රඹුක්කන සිදුවීම හා ඔහුගේ කිසිම සම්බන්ධතාවක් නැත.