රට බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින විට රාජපක්ෂ සනුහරය සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමට විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරමින් සිටින බව අප අවස්ථා ගනනාවකදී අනාවරණය කර තිබේ.රාජපක්ෂ වරු යනු අමු තක්කඩියන්ය.මේ තක්කඩි පවුල කිසිම ලැජ්ජාවක් ඇති අයවළුන් නොවේ.නීචයන්ය.පාහරන්ය.අසික්කිත අමානුෂික ගති පැවතුම් ඇත්තන්ය ,මෙලේච්ඡයන්යජාන ගත හොරුන්ය දැන් රාජපක්ෂ සනුහරය රටෙි පොදු දේපොළ උලා කමින් ගෙන ගිය සුඛෝපබෝගී ජීවිතය අද ජනතාව අභියෝගයට ලක් කරමින් සිටී.ජනතාව විරෝධතා පවත්වන්නේ රාජපක්ෂවරු එළවා දැමීමට මිස ඔවුන් හා අතර මැදි සාමයක් පවත්වා ගැනීමට නොවෙි. රාජපක්ෂ සනුහරයේ තක්කඩි ස්වරූපය තවත් තවත් තහවුරු වන්නේ ජනතාවගේ විරෝධතා වලට මොවුන් දක්වන ප්‍රතිචාරය තුළය.මේ වන විට මිල්ටෙරි නන්දසේන රඟපාන්නේ හරිම අහිංසකයෙකුගේ පාට් එකය.මේ තක්කඩියාගේ කැරැට්ටුව දන්නා කිසිවෙකු ඔහුගේ අළුත් බබා පාට් එකට රැවටෙන්නේ නැති එක නමි ෂුවර්ය.
රාජපක්ෂවරුන් ගේ අළුත්ම ගේම කිසිවෙකුත් නොසිතන ආකාරයේ කුමන්ත්‍රණයකි.ඒ අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වීමෙනි.නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවට පවාඅගමැති වරයා සහභාගි නොවූයේ එම සැලසුමේ මුල් පියවර ලෙසය.මේ වන විට අගමැති වරයා ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බවට නිවේදනය කරන ලදී.ඒ අද දින රාජපක්ෂ ගැති නීතිඥ ඔඩොක්කු කුක්කන් කිහිප දෙනෙකු සමග අගමැතිවරයා කළ සාකච්ඡාවකින් පසුවය.අගමැති වරයා පාර්ලිමේන්තුව රැස්වූ විට විපක්ෂයේ අසුන් ගැනීමට අපේක්ෂා කර ඇතැයිද යන නිල නොවන තොරතුරක්ද අප හට වාර්තා වී තිබේ.මේ තක්කඩි සැළසුමේ ඉතිරිය සම්පූර්ණ කිරීමට විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට අපේක්ෂාවෙන් සිටින තක්කඩි මන්ත්‍රීවරු හතලිස් දෙනා අපේක්ෂා වෙන් සිටී.ඔවුන් ගේම ගහන්නේ සජිත් ප්‍රේමදාස ගේ විපක්ෂ නායක කම උදුරා ගන්නටය.විපක්ෂ නායක කම සදහා මෛත්‍රී කල්ලියේ අනුර ප්‍රියදර්ශන යාපා පත් කිරීමටද මේ තක්කඩි රැළසූදානමින් සිටී.පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටි මේ මන්ත්‍රී රැළ ස්වාධීන වෙස් මුහුනු පැළඳගත්තේ මහින්ද රාජපක්ෂගේ වුවමනාවට බව දැන් හොදටම තහවුරුය.සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක කම උදුරා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානු අධිකාරී බලය රාජපක්ෂ සනුහරයට ඕනෑ විදියට හසුරවා ගන්නට හැකි වෙනු ඇත.පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා යැයි කියන විමලේ හා මෛත්‍රී කල්ලිය මේ ගැන බොහෝ දේවල් වමාරන්නට ඉඩ තිබේ.මෙි හැම ප්‍රකාශයකම රාජපක්ෂ විරෝධී සීනි පැණි දවටා තිබෙන්නටද ඉඩ ඇත.මෛත්‍රි ගේ ඒ පැණි බෝලේ රසය සජිත් විදීමටද ඉඩ ඇත.එහෙත් එහි අන්තර්ගතය තුළ ඇති දැවටුම රාජපක්ෂ සනුහරය බේරාගැනීමේ ඖෂධ වේ.මේ තක්කඩි රැළ තවමත් හිතා ගෙන ඉන්නේ රටේ ජනතාව පූනක්කු බොන ගවයන් විදියටය.රාජපක්ෂ තක්කඩියන්ට එරෙහිව රට පුරා විරෝධතාවන් කරන ජනතාව වහාම මෛත්‍රී විමල් වැනි පාදඩයන් ගේ සැඟවුන න්‍යාය පත්‍රවලට එරෙහිව මැදිහත් විය යුතුමය.මේ පාදඩයන් ගේ පිරුවට ගලවා නිරුවත් කළ යුතුමය.නැතිනම් ජනතාව ගොනාට අන්දමින් මේ පාහරයන් තව දුරටත් රාජපක්ෂ සනුහරය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇත.