තම මන්ත්‍රී තනතුර අත්හැර අරගලයට එක්වීමට අදහසක් ඇතැයි හරීන් ප්‍රනාන්දු ඊයේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.
මෙතෙක් කාලයක් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන ලද්දේ තමන් පාර්ලිමේන්තු යැවූ ඡන්ද දායකයන් වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට තිබු නිසා බවද එහෙත් මන්ත්‍රීකම අත් හැර අරගලයට එක් විය යුතුය යන්න තම සිතේ සියයට හැටක ප්‍රමාණයක විශ්වාසය බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා තිබේ.