පසුගියදා පාර්ලිමේන්තු ජපන් මාවත පිවිසුම අසල පැවැති විරෝධතාව අසලට පැමිණි යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට අවහිර කරන ලදැයි චෝදනා කරමින් සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්ත හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ ගේ වැඩ තහනමි කර තිබේ.මීට ඉහතදී වාර්තා වූයේ මෙම සහකාර පොලිස් නිළධාරීන් පොලීසියට කැඳවා සිදුවූ සිද්ධිය ගැන සාක්ෂි සටහන් කර ගැනීමට අවශ්‍ය බවට හමුදාව ප්‍රකාශ කළ බවය.
මේ සම්බන්ධයෙන් යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා බස්නාහිර පලාත ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු දැනුවත් කර ඇති අතර එහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ප්‍රකාශ කර ඇත්තේ හමුදාපති වරයාට අවශ්‍ය පරිදි රාජකාරිය කරන ලෙසය.


අදාල සිදුවීමට සමිබන්ධ සහකාර පොලිස් අධිකාරී වරුන් දෙදෙනාගේ වහාම ස්ථාන මාරු කිරීමට කටයුතු කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරී පාර්ශවයන් වෙතින් එල්ල වූ විරෝධතා හේතුවෙන් එය වැලැක්විනි.
සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්ත පිළිබදව හා ඔහුගේ විෂමාචාර හැසිරීම් පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කර තිබේ.එහෙත් අප මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ පොලීසියේ රාජකාරියට බාධා කළ මිලටෙරි ආඥාදායකත්වය අප පිළිකුල් කරන නිසාය.මෙරට පවතින නීතිය අනුව හමුදාවට එවැනි බලහත්කාරීමක් කිරීමට නෛතික අවසරයක් නොමැති නිසාය.
සැබැවින්ම එහිදී සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ගේ මැදිහත් වීම නොවූයේනම් එම ස්ථානයේ ඛේදජනක සිදුවීමක් වෙන්නට ඉඩ තිබුණි.එහෙත් පොලිස් අමාත්‍යංශයේ ලේකම් ජනරාල් වරයා රාජකාරි කරන්නේ මිල්ටෙරි මානසිකත්වයෙනි.මිල්ටෙරි නන්දසේන විසින් මෙරට රාජ්‍ය ආයතන වල ඉහළ තනතුරු වලට පත් කර ඇති මේ ජනරාල්ලාට මේ රටේ පවතින නීතිය ගැන අවබෝධයක් නැත.ඇඟේ හයියෙන් පරිපාලනය කරන්නට හැකි යැයි සිතන මේ වාහෙලා පසුගිය දිනවල ඒ ඒ ආයතන වල සිදු කළ රාජකාරිය අමු ජෝක් වූ බව දන්නෝ දනිති.කෙසේ වෙතත් මේ මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කන් වූ මේ ගොබිබ ජනරාල්ලාට හෙට අනිද්දා වන විට “වැලිකඩ ජම්පර ජනරාල්” තනතුරු හිමි වීමට නියමිතය.
ඒ බව දන්නා ජනරාල් සලේ හා ඔහුගේ පවුල දැනටම ඇමරිකාවේ වීසා අයදුම්කර ඇති බව අපට දැනගැන්මට ඇත.ඉදිරි කාලයකදී නීතිය හමුවට කැඳවීමට නියමිත මේ මහා රෙණවිරු අපරාදකරුවන් යහපාලනය අවදියේ අධිකරණයට කැඳවන විට ටයි කෝට් ඇඳ හමුදා පදක්කම් පැළඳගෙන ආ “ගොන් පාට්” මේ වතාවේදී නම් කරන්නට ඉඩ නැති බව සිහිපත් කරමු.
මිල්ටෙරි නන්දසේන ගේ නම ඇසූ විට පවා වල්ගය දෙපරන්ද අස්සේ ගසා ගෙන ජංගියේ චූ කර ගන්නා අළුත්කඩේ නඩු කාරයන්ටද ඉදිරියේදී නීතිය පික් පොකටි ගසන්නට ජනතාව ඉඩ නොදනු ඇත.එසේ කරන්නට තවමත් හිතාගෙන ඉන්නා නසරානී නඩු කාරයෙක් සිටී නම් ඒකා විතරක් නොව ඒකාගේ දරු පවුලටද අප අනතුරු අඟවා සිටිමු.එසේ නොකරම සිටීමට බැරි ලොන්ත නඩුකාරයෙක් සිටී නම් අධිකරණ කොමිෂමට තම ඉල්ලා අස්වීම බාර දී නම්බු පිටින් ගෙදර යන එක හොදය.
යුද හමුදා යතුරු පැදි කරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කොට රාජකාරිමය අවදානමකට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරා වත්ත බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ගේ කුක්කා විය.පොලිස් පතිවරයාට දිනපතා මාළු යැවීමට පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයෙන් මාළු කප්පම් ගත්තේද මොහුය.
පොලිස් ලොක්කන්ගේ දනට ,බණට ,මරණයට ,මාළු සැපයුම් කරු ඔහුය.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ අවශ්‍යතාවට පාතාල නායක තාරක විජේසේකර මරා දැමීමට කොන්ත්‍රාත් ගත්තේද මේ මහින්දය.
එහෙත් දැන් මහින්ද බිල්ලට දී ඇත්තේද දේශබන්දු තෙන්නකෝන්ය.අප මේ හෝරාවේදී සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාවත්ත වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අතරම ලොක්කන්ට කඩේ යාමේ ප්‍රතිඵළ රාජකාරියට කෙල වුන දවසට නෝ චෑන්ස් බවද අපි ඔහුට මතක් කර සිටිමු.