උණුසුම් පුවත්

ජාතික කොඩිය කාටුනයකට අරගෙන

Spread the love

ඉන්දියාවේ පල කරන ලදැයි සඳහන්  ප්‍රකාශනයක පල කර තිබුනේ යැයි කියන කාටුනයක මෙරට ජාතික කොඩිය විකෘති කොට දක්වා තිබේ.රටේ අනන්‍යතාව හා ප්‍රෞඩත්වය විදහා දැක්වෙන දැනටත් අප භාවිතා කරන ජාතික කොඩිය සිංහ කොඩිය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ හයවන ව්‍යවස්ථාවේ දැක්වේ.මෙම ජාතික කොඩිය භාවිතා කළ යුතු ආකාරය දැක්වෙන රීති පද්ධතියක්ද වේ.
ඉන්දියාවේ පල කර ඇතැයි සදහන් මෙම කාටුනය නිසා අපගේ අනන්‍යතාවට අගෞරවයක් සිදුවන  බව අපගේ විශ්වාසයයි.ඒ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් වරයාද විදේශ කටයුතු අමාත්‍යංශයද අවධානය යොමු කරනු ඇතැයිද අපි වැඩිදුරටත් සිතමු.සයිබරය තුළ දැනට ප්‍රකාශනය වෙන මෙම කාටුන් ජාතික කොඩිය කාගේ හෝ ව්‍යාජ නිර්මාණයක්ද යන්න ගැන හෝ මෙහි මූූලාශ්‍රයන් ගැනද අපට අදහසක් නැත. එබැවින් මෙය ව්‍යාජ තොරතුරක් නම් අපි ඉන්දියානු බලධ⁣රයන් වෙත අපගේ කණගාටුව පල කරන්නටද මැලි නොවෙමු 

Spread the love

Leave a Comment

You may also like