සිය මුහුණු පොතෙහි ” නිවාඩුවට ගෙදර එන පොලිසියේ හා හමුදාවේ වුන් මරා දැමිය යුතුයැයි”සටහනක් යෙදූ මානසික ආබාධිත තරුණයෙකු නාගොඩ පොලිස් වසමේ තලාවේදී අත් අඩංගුවට ගෙන තියෙනවා.දැඩි ලෙස මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙකු වන මේ තරුණයා මානසික ආබාධයට පුතිකාර සඳහා මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී ඉන් පැන විත් ඇති බවත් පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
දැන් අපට ප්‍රශ්ණය ඇත්තේ මානසික ආබාධයක් ඇති හෙයින් හමුදාවෙන් ඉවත් වූ අයෙකු රට පාලනය කරමින් දෙකෝටි පනස් ලක්ෂයක ජනතාවක ගේ ජීවිත විනාශ කිරීමට දරමින් සිටින වෑයම මෙරට නීතිය ආරක්ෂා කරන ආයතන වලින් වලක්වා නොගැනීම ගැනය. මුළු ලෝකයම අද වන විට මෙම මානසික ආබාධිතයාට ජනපති තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කරමින් තිබෙන වට පිටාවක මෙරට මහජන නියෝජිතයන් ඒ ගැන නොසළකා කටයුතු කිරීමද ඉතා කණගාටු දායකය.මේ නිසා මෙරට ජනතාවගේ හෙට දවස විශාල අනතුරක බව අපි ලියා තබමු.
පොලීසියේ හමුදවේ අය මරන්නට යෝජනා කළ පිස්සෙක් අත් අඩංගුවට