උණුසුම් පුවත්

පුදුමයි ඒත් ඇත්තයි………..මහනුවර මහරෝහලේ 73 හා 74 ස්නායු ශල්‍ය ඒකකයේ අද්භූත දෙවියෙක්

Spread the love

ලංකාවේ රජයේ රෝහල් වල තිබෙන පිරිසිදු කම් ගැන කීමට කිසිදු අටුවා ටිකාවක් අවශ්‍ය නොවන්නේ ලංකාවේ සෑම කෙනෙකුම කුමන කරුනක් හේතුවෙන් රජයේ රෝහලකට ගොස් ඇති නිසාවෙනි.

ඒත් මහනුවර මහරෝහලේ හෘද රෝග ඒකකයේ ස්නායු ශල්‍ය ඒකකයට ඇතුලුවන ජනතාව තම ජීවිතය යදිමින් එන්නේ නොපෙනෙන දෙවි වරුන්ටය. ඒත් මේ ඒකකය තුලට ඇතුලුවන ඹ්නෑම කෙනෙකුට දැනෙන්නේ තමන් අපායෙන් දිව්‍ය ලෝකයට පැමිණියා කියාය.

ඒ ශක්‍ර දේවේන්ද්‍රයකු වන් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා අපායක් ව තිබු තම ඒකකය දිව්‍ය ලෝකයක් කර ඇති නිසාය.

තම මරණය පෙනිපෙනී එන අහිංසක මිනිසුන්ට දෙවිවරු වැනි වෛද්‍යවරුන් සිටීමත් ජීවිතය මොහොතක් හෝ ජීවත් කරවීමට මහත් අස්වැසිල්ලකි.

තමාගේ හා තම පවුලේම සුඛ විහරණය ගැනම හිතන ජනතාව හුරා කන වෛද්‍යවරුන් සිටින රටකට ලෙස්ලි සිරිවර්ධන වැනි වෛද්‍යවරුන් නියඟයට මහා වැස්සක් බදුය.

මෙවන් මිනිසුන් රැක ගැනීමේ වගකීම ඇත්තේ රටේ පාලකයන්වන කාලකන්නි දේශපාලකයන්ට නොව රටේ සමස්ථ ජාතියේ වගකීමකි.

මහනුවර මහරෝහල ආදර්ශයම ගෙන ඔහුව කලහැකි දේම අනික් රෝහල් වල නොවන්නේ වගේ වරදින් දැයි අපි නොකියමු. ඒත් ඔහු කියන්නේ…..” මාගේ රටට මම ණ්ය නෑ . මම ඉගනගත් නොමිලේ අධ්‍යාපනයට මම කෘත ගුණ සලකනවා ” ….ඒකම අපේ රටේ අනිකුත් සියල්ලටම මහගු කියමනකි.

මෙවන් විශ්ම කරමයක් කල නිසාවෙන්ම ඔහු මහනුවර ස්නායු ශල්‍ය ඒකකයේ සිටින ශක්‍ර දෙවියකි.අහිංසක ජනතාව වෙනුවෙන් අපි ඔබට දීර්ඝායුෂ පතමු..

(මේය ලිවීමට මා තොරතුරු ලබාගත් අන්වර් මනතුංග මහතාට ස්තුතිය. )

 


Spread the love

Leave a Comment

You may also like