උණුසුම් පුවත්

53 වන සේනාංකයේ ” ප්‍රහාරක යතුරු පැදි කරුවන් ” පොලීසිය හමුවේ පීචං වේ

Spread the love

අද දින පාර්ලිමේන්තු සභා රැස්වීම පැවැත්වීම නිසා පාර්ලිමේන්තුව ඉදිරිපිට දියත උයන හා එහි පිටුපස ප්‍රදේශය තුළ විශාල මහජන විරෝධතාවන් පැවැත්විනි.පාර්ලිමේන්තු සභා රැස්වීමට පැමිණි මැති ඇමතිවරු විරෝධතාවන්ට සහභාගි වූවන් මග හරිමින් යන ලද අතර එම විරෝධතා කරුවන් අතරින් ගමන් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක පමණය.විරෝධතාවට සහභාගි වූ තරුණයන් ඔහුගේ වාහනයද නතර කරන ලද අතර ඔහුද එහිදී ප්‍රශ්ණ කිරීමකට යටත් කරන ලදී.එහෙත් ඉන්පසුව ඔහු පිටත් කර හරින ලද්දේ ජයවේවා හඬ නගමින් බව අපට දැක ගත හැකිවිය.
එම ස්ථානයේ සිදුවූ තවත් විශේෂිත සිදුවීමක් අපට දැක ගත හැකි විය.ඒ එහි සිටි විරෝධතා කරුවන් බය ගැන්වීමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු පාරෙහි විශේෂ සේවා රෙජිමෙන්තුවේ
ප්‍රහාරක යතුරුපැදි ඛණ්ඩයක් එම ස්ථානය ආශ්‍රිතව සංදර්ශනාත්මක රාජකාරි ආවරණයක් සිදු කිරීමට යාමය.

මෙම ප්‍රහාරක යතුරුපැදි කරුවන් සම්බන්ධයෙන්  විරෝධතාව නියෝජනය කළ තරුණයන් නොසන්සුන් වූ බවක් දක්නට තිබුණි.එහි සිටි තරුණයන් කිහිප දෙනෙකු ඒ හමුදා යතුරු පැදි ධාවකයන් නතර කර ගැනීමට උත්සාහයකද නිරත වූහ.කෙසේ වෙතත් ඉන් අනතුරුව එහි සිටි පොලිස් නිළධාරීන් එම හමුදා යතුරු පැදි ධාවකයකු නවතා යතුරු පැදිය පණ ගැන්වීමේ යතුර ඔවුන්ගේ බාරයට ගත් අතර වැඩිදුරටත් එම යතුරු පැදියේ අංක තහඩු නොමැති කම ගැන ප්‍රශ්න කරන ලදී.

දෙපාර්ශවය අතර බහින් බස් වීමක් සිදු වූ අතරම පොලීසියෙන් ඔවුන්ට අවවාද කරන ලද්දේ අංක තහඩු රහිත යතුරු පැදි පදවා විරෝධතා කරුවන් බිය වැද්දීමට උත්සාහ කර විරෝධතාව තුළ ප්‍රචන්ඩකාරී බවක් ඇවිලීමට කටයුතු නොකරන ලෙසටය.

පසුව එම පොලිස් කණ්ඩායම බාරව සිටි සහකාර පොලිස් අධිකාරී මහින්ද පැමිණ දෙපාර්ශවය අතර වූ ආරවුල සමථයකට පත් කර හමුදා යතුරුපැදි කරු මුදා හරින ලදී.

මේ හමුදා ප්‍රහාරක යතුරු පැදි ඛණ්ඩය පනස් තුන් වන සේනාංකයට අයත්ය.මෑතකදී සීගිරිය සිට ⁣කොළඹට ගෙන්වූ පනස්තුන සේනාංකය හමුදාපති වරයාගේ සෘජු අණ දීම යටතේ රාජකාරි කරන සේනාංකයකි.

කෙසේ හෝ මේ සිදු වීමෙන් අපට අවධානයට ගත හැකි කාරණයකි වේ.ඒ රට තුළ ගෞරවණීය කීර්ති නාමයක් අත් කරගෙන සිටින  හමුදාව දේශපාලන වුවමනාවන් මත රාජකාරියට යොදවා ගැනීමෙන් හමුදාව පිළිබඳව ජනතාව අතර විශාල අප්‍රසාදයක් හා කළකිරීමක් මතු විය හැකි බවය.

විශේෂ ස්තුතිය ඡායාරූප ලබා ගැනීම හිරු/සිරස නාලිකා වලට

Spread the love

Leave a Comment

You may also like