මිරිහාන පැඟිරිවත්ත විරෝධතාව පිළිබඳව අප මීට පෙර අපට ලැබුණු තොරතුරු අනාවරණය කරන ලදී.
මෙහිදී පොදු දේපොළ ගණනාවකට හානි සිදු වූ බවද වාර්තා වී තිබුණි. එම පොදු දේපොළ හානි කිරීම පිළිබඳව අපට අපගේ තොරතුරුකරුවන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතී.එහිදී බස් රථ ගිණි තැබූ අයවළුන් කවුරුන්ද යන්න අපට දැන ගැනීමට ලැබුණි.මෙම බස් රථ ගිණි තැබීමට සෘජුවම සම්බන්ධ වූූයේ ඇවන්ගාඩ් සේනාධිපතිය.මිරිහාන විරෝධතාව සාමකාමී පැවැත්වෙන විට ඇවන්ගාඩ් සේනාපති සිය මැර කණ්ඩායම යොදවා බස් රථ ගිණි තැබූ බවට මේ වන විටත් රහස් පොලීසියේ පරීක්ෂණ වලින් සොයා ගෙන තිබේ.එහෙත් එම සියළු තොරතුරු යටපත් කරමින් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරන බවක් පෙනී යයි.රජයේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම පොදු දේපොල හානිය ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවද ප්‍රකාශ කරන ලදී.ප්‍රසන්න රණතුංග හා ඇවන්ගාඩ් සේනාධිපති අතර පවතින සමීප සම්බන්ධතාව ගම්පහදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට බිත්තර ගැසීමේ සිදුවීමට පසුව හෙළි වී තිබුණි.ප්‍රසන්න හා සේනාධිපති යුගලය කුමන්ත්‍රණකාරීව මෙම බස් ගිණි තැබීමට සිය මැර කණ්ඩායම මෙහෙයවූ බවට රඟ දැක්වෙන නාටකයෙන් තහවුරු වේ.ඇවන්ගාඩ් සේනාධිපති මෙම මෙහෙයුමට යෙදවූ සේවකයන්ට මාසික වැටුපට සමාන මුදලක් දී ටික කාලයක් ප්‍රසිද්ධියට ඒමෙන් වැලකී නිවෙස් වලට වී සිටින ලෙසට උපදෙස් දී ඇත.
රට පුරා ඇවිලෙමින් තිබෙන විරෝධය මග හරවා ගැනීමට මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ තක්කඩියන් ඉදිරියේදී බොහෝ උපාය උපක්‍රම වල නිරත වන බව නිසැකය.ජනතා විරෝධයන් තුළ අනවශ්‍ය ප්‍රකෝප කිරීම් මතු කර එම විරෝධතා වන් අල කිරීමට ඇවන්ගාඩ් මැරයා කටයුතු කරන ඇති බවද හුදී ජන පහන් සංවේගය පිණිස අපි ලියා දන්වමු
එබැවින් ප්‍රවේශම් වෙයල්ලා සහෝදරියනි සහෝදරවරුනි.