උණුසුම් පුවත්

අයි හා නේත්‍රා නාලිකා ද්විත්වය මසකට රුපියල් මිලියන 40 කට සොෆ්ට්ලොජික් සමාගමට

Spread the love

පත්ව ආ දින පටන් අසූච් ගොඩක් බවට පත්ව සිටින රූපවාහිනී සභාපති සොනාල ගුණවර්ධන එහි අයි හා නේත්‍රා නාලිකා ද්විත්වය මසකට රුපියල් මිලියන 40 කට සොෆ්ට්ලොජික් සමාගමට බද්දට දීමට යයි.

අයි නාලිකාව ආරම්භයේ සිට ක්‍රීඩා නාලිකාවක් ලෙස ප්‍රකට වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආවරණයෙන් සැලකිය යුතු ආදායමක්ද උපයන ලදී.

නේත්‍රා නාලිකාව දෙමළ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අධ්‍යාපනික හා සංස්කෘතික වැඩ සටහන් විකාශය වෙනුවෙන් යොදා ගන්නා ලදී.

සමාජ ජාලා ක්‍රියාකාරිකයකු මිස ජනමාධ්‍ය ගැන මෙළෝ හසරක් නොදන්නා සොනාල ගුණවර්ධන අදටත් නිස්සංක සේනාධිපතිගෙන් වැටුපක් ලබයි. ඒ පසුගිය කාලයේ නිස්සංක සේනාධිපති යටතේ පවතින මඩ වෙබ් බලකායේ සේවය වෙනුවෙනි.

පත්වීම් ලබා පැමිණි වහාම රූපවාහිනියේ යූටියුබ් හා වෙබ් අඩවිය එතෙක් කරමින් සිටි සමාගමෙන් හිතුවක්කාරී ලෙස ගලවා දිලිත් ජයවීරට අයත් අයිඩියා හෙල් නම් සමාගමට පවරා දීම මේ වන විට උසාවිය මගින් අත් හිටුවා තිබේ. 
මේ තක්කඩි සොනාල සැරසෙන්නේ තමන් මෙයට පත් කළේ ජනාධිපති විසින් බව කියමින් රූපවාහිනිය කොටස් කර විකුණා දැමීමටය.
මේ වන විට ජාතික  රූපවාහිනිය තුළ සේවක සේවිකාවන් අතරද මොහු දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
ජාති හා ආගම් භේද අවුස්සන්නකු ලෙස ප්‍රකට මොහු මේ වන විට බිග් ක්වෙෂ්චන් හා කිං කුසල ගවේෂී යනුවෙන් වැඩ සටහන් දෙකක් ආරම්භ කොට සංඝ භේදයද වපුරමින් ආනන්තරීය පාප කර්මයටද කර ගසා තිබේ. 
 දෙමළ වැඩ සටහන් ගෙනෙන නේත්‍රා නාලිකා ප්‍රධානියා ලෙස ඒ සඳහා අයදුම් කර සිටි දෙමළ වැඩ සටහන් නිෂ්පාදකවරුන් නොසලකා මුස්ලිම් ජාතික නිලාම් ඒ. කාසිර් පත් කරන ලද්දේද සොනාලගේ තනි කැමැත්තටය.
මේ අතර එහි සේවිකාවක වන හිටපු රූපවාහිනී සංස්ථා සභාපතිවරයකු වන  කුමාර් අබේසිංහගේ දියණිය තම කාමරයට කැඳවා අයි නාලිකා ප්‍රධානී තනතුර පිරිනැමීම සඳහා යෝජනා කර තිබේ.
රූපවාහිනිය අලුත් කරන බව කියමින් මොහු මුලින්ම කළේ රූපවාහිනියේ මෙතෙක් තිබූ නිල ලෝගෝව වෙනස් කිරීමයි.
එහිදී  කළේ එතෙක් තිබූ දෙමළ හා ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම පමණි.
මේ තක්කඩියා තව මාස තුනක් හිටියොත් ජාතික රූපවාහිනියේ ඉතිරි වන්නේ ගොඩනැගිලි පමණක් බව කියන්නේ එහි සේවකයන්මය.

Spread the love

Leave a Comment

You may also like