උණුසුම් පුවත්

I චැනල් එකත් විකුණා දැමීමේ සැලැස්මක්….!!

Spread the love

ඒ ඒ තැන් වලට ඒ ඒ ගොබිලන් රිංගන්නේ හෝ රිංගවන්නේ යටින් ඉන්නා එකකුගේ අභිමතාර්ථයන් ඉටු කරවා ගැනීමටය. එහෙම නැත්තන් ඒ තැන කාබාසිනියා කොට විනාශ කර දැමීමටය. 
මෙවැනි ගොබිලන් දෙන්නෙකු ගැන අනාවරණය කළ යුතුය.
එක් අයකු නම් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස බඳවා ගත් සුදේව හෙට්ටිආරච්චිය. මොහු ගත්තේ ස්වර්ණවාහිනියේ සේවය කරමින් සිටියදීය.
එහි ඔහු සේවයට ගත්තේ ස්වර්ණවාහිනිය එදිරිසිංහලාගෙන් මිලදී ගත් අලිරාජා බාස්කරන් හෙවත් එංගලන්තයේ  ලයික මෝබයිල් අධිපතියා විසිනි.
ස්වර්ණවාහිනියේ ලක්ෂ ගණනක වැටුප එහෙම්ම ලබා ගන්න ගමන් සුදේව ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කා ලෙසත් සිරසේ කිංස්ලි රත්නායක එහි සොක්කා හෙවත් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් වැඩ භාර ගන්නා ලදී.
ආපු දිනයේ පටන්ම නා ගන්නා මේ දෙපළ සිටින්නේ මහපොළොවට වඩා අඩි දෙක තුනක් උඩින් ඇඳගෙන බවත් අනික් උන්ට පාට් දාගෙන බවත් කියන්නේ එහි සේවකයන්මය.
බාස්කරන් විසින් සුදේව මෙහි ප්ලාන්ට් කර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ස්වර්ණවාහිනියේ ලයිසන් එක TRC ය ලවා දික් කරවා ගැනීමටය.
එහෙත් එය තවමත් සාර්ථක වී නොමැති බව වාර්තා වේ.
අනෙක් ගොබිලා ජාතික  රූපවාහිනියේ සභාපති ලෙස පත්වීම් ලැබූ සොනාල ගුණවර්ධනය.
රූපවාහිනියේ යූ ටියුබය දිලිත් ජයවීරට බද්දට දුන් මොහුගේ මීළඟ ප්‍රයත්නය අයි චැනලයද විකුණා දැමීමය.
අද හෙටම මොහු එයද ඉටු කරනු ඇතැයි රූපවාහිනී සේවකයෝම කියති.
ගාමිණී ෆොන්සේකා මෙන් රූපවාහිනිය තුළ මොහු ඇවිදින්නේ සේවකයන්ට මුඛ ආවරණ පළඳින්නට නියෝග කර තමන් එම නීතිය කඩමින්‍ ය.
රූපවාහිනිය දියුණු කරන්නට පත් කළ මොහු පසුගියදා රූපවාහිනියේ සේවකයන්ට පඩි ගෙවීමට මුදල් නැතැයි කියා භාණ්ඩාගාරයෙන් කෝටි ගණනක් ඉල්ලීමයි.

රූපවාහිනියේ හැඩය අලුත් කරන බව කියමින් මොහු මුලින්ම කළේ රූපවාහිනී නිල ලාංචනයේ ඉංග්‍රීසි හා දෙමළ අකුරු ඉවත් කිරීමයි.

මේ ගොබිලන් දෙන්නා එක්ව ගිය සතියේ රූපවාහිනියේ දක්ෂ නිවේදිකාවක වූ පාරමී රණසිංහද ගෙදර යැවීය.
ඒ පාරමී තම ෆේස් බුක් පිටුවේ ගෝඨා සම්බන්ධව දැමූ පෝස්ටුවක් නිසාය.
මේ අපතයන් නිසා දැන් රාජ්‍ය මාධ්‍ය වල සේවය කරන මාධ්‍යවේදීන්ට ෆේස් බුකියේ තම පෞද්ගලික මතයක්වත් දමන්නට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ
හොඳ වෙලාවට මොහු මුල සිටම සිටි කුරුල්ලාට අත නොතැබීය.
මෙතෙක් කලක් සොනාල වැටුප් ගත්තේ නිස්සංක සේනාධිපතිගෙනි.
ඒ මඩ බලකාය හසුරුවීම වෙනුවෙනි. 
තවමත් සොනාල සේනාධිපතිගේ පේ රෝලෙන් ඉවත් කර නැත. ඒ රූපවාහිනිය කා දැමීමෙන් පසු නැවත යා යුතු තැන එතනම නිසාය. 
රාජපක්ෂලා රටම කා අවසන් ය. උන්ගේ බත් බැලයන් වන මෙවැනි ගොබිලන් රාජපක්ෂලාවද කා දමන්නේය.

Spread the love

Leave a Comment

You may also like