අවසාන අවස්ථාව සීඝ්‍රයෙන් ලඟා වෙමින් ඇත.
ආණ්ඩුව භංග වීමෙන් අත හැරෙන බලය ඩැහැ ගැනීමට
විපක්ෂ කණ්ඩායම් තනි තනිව වීදි බසිත්.
නමුත් ලක්ෂ 220 ම එකාවන්ව එකතු වී මේ රට ගොඩ දැම්මොත් මිසක 51% ක් තබා 60% ක් චන්ද ගෙන බලයට එන පක්ෂයටවත් රට දැන් තිබෙන තත්වයෙන් ගොඩ දැමිය නොහැක. යමෙක් පුලුවන් කියනවානම් ඔහු බලය සදහා නුසුදුස්සෙකි.
මන්ද ඔහු අර්බුදයේ තරම නිසි ලෙස තේරුම් ගෙන නොමැති බව එයින් පසක් වන නිසාය.
ඔහු බලය ඉල්ලන්නේ රට හැදීමට නොව
බලයට ඇති කෑදරකමට බව ඉන් පසක් වන බැවිනි.දැන් අවශ්‍ය වන්නේ සියලු ජනයාගේ සහයෝගය ලබන සම්මුති ආන්ඩුවකි . එය මෙතෙක් කල් හොරා කෑවුන්ද ඒවා තවම නීතිය ඉදිරියේ ඔප්පු නොවී තිබීම නිසා සමන්විත වන ආන්ඩුවකි. තව දුරටත් හොරකම් නොකරන මුත් කලින් හොරා කෑවුන් තම ආන්ඩුවේ සිටියත් උන්ව නිසි ලෙස සොයා ගෙන දඩුවම් දෙන්න කොන්ද ඇති ආන්ඩුවකි. (ලී ක්වාන් යු කලා වගේ )
එම යෝජනාව ජවිපෙට පවා ප්‍රතික්ෂේප කල නොහැක්කේ 2004 ඔවුන් පරිවාස ආන්ඩුවක් සෑදුවේ චෞර රැජින ලෙස වික්ටර් අයිවන් හන්වඩු ගැහු චන්ද්‍රිකා සමග නිසාය.
2005 මහින්ද දිනෙව්වේ ඔහු සුනාමියෙන් විශාල මුදල් සම්භාරයක් මංකොල්ල කෑ බව දැන දැනම නිසාය.
ඔවුන් ඇමතිදුර දැරූ ආණ්ඩුවේ කම්බ හොරු පැටව් ගසා සිටියහ.
(ඒ අවස්ථා කීපයේදීම ජවිපෙ කලේ ඒ අවස්ථාවේ කලයුතු හරිම දේ බව ලේඛකයාගේ පුද්ගලික මතය වන අතර ඒ මතය වෙනුවෙන් ක්‍රියාත්මක වුවෙක්ද වෙයි )
එබැවින් මේ ජාතික ව්‍යසනයේදි බොරු තර්ක දමා
ජාතික වගකීම ඉටු නොකට සම්මුති ආන්ඩුවකට යන්න.
එහි හොරු, දුෂකයන් ඇල්ලීමේ යාන්ත්‍රණය තමන් අතට ගන්න. ආදාල වගකීම සහිත ඇමතිදුර බාර ගන්න.
පුළුවන්නම් අගමැති කමත් ගන්න.
මේ අර්බුදය කවුරු බලය ගත්තත් අවුරුද්දෙන් දෙකෙන් විසඳන්න බැහැ.
යන්තම් 51% අටවන් බලය ගත්තට වැඩක් වෙන්නෙ නැහැ.
සෑම පක්ෂයකටම තමන්ගේ පරවේශනීය දාසයන් බදු වහල් සාමාජිකයන් ලක්ෂ ගනනින් ඉන්නවා.
පිඟන් හොදන අය දන්නවා, කොච්චර වැඩකාරයන් වුනත් දිනපතා පිඟන් දෙතුන් සීයක් හෝදන කොට පිඟානක් දෙකක් කැඩෙන බව.
සමාජ මාධ්‍ය ප්‍රභල මේ කාලේ
අර වහල්ලු ඕක අල්ලන් ගේම දෙනවා.
දැක්කනේ යහපාලන ආන්ඩුවට දුන්න ෂොට් එක.
හිට්ලර් වගේ දරදඩුය කියපු ගෝටාභයලාට දෙන ෂොට් එක.
අනුර කුමාරට කියලා ඕක වෙනස් වෙන්නෙ නැහැ.
පේනවනේ මේ දවස් වල හඳුන්නෙත්ති කිව්වා කියන
” කියුබාවේ වගේ හිනා වෙවී පෝලිමේ ඉන්න යුගයක් ” හදනවාය, කන්තලෙන් ද.ආසියාවටම සීනි දෙනවාය ”
කිව්ව කතා වලට දෙන ෂොට් එක.
ඒ වගේම විදේශ සමග කරන ගණුදෙනු, ගිවිසුම්
ජවිපෙ හිතන් ඉන්නවා වගේ සරල සහ සුඟම නැහැ.
රාජපක්ෂලා ගෙදර යැව්ව ගමන් මුලු ලෝකෙම තියෙන රට වලුයි ආයෝජකයොයි ඩොලර් බිලියන ගනන් අරගෙන දුවලා ඇවිත් හෝ ගාලා සංවර්ධන ව්‍යාපෘති කරන්න බලන් ඉන්නවා වගේනේ විපක්ෂයේ කතාව.
ඩොලර් පස්සෙ ගන්නම් ” හිලව්වට තෙල් නැව්, ගෑස් නැව්, පෝර අල ලුණු නැව් ලංකාව වටේ කර කැවි කැවි ඉන්නවා වගේනේ කතාව.
සිංහල ඩයස්පෝරාව ඩොලර් 500 ගානේ හැම මාසෙම ලංකාවට එවයි වගෙනේ කතාව.
සුරංගනා ලෝක වලින් බිමට බහිමු.
යතා ලෝකය ඔයිට වෙනස්.
වසංගත එන්න පුළුවන්, යුද්ධය එන්න පුලුවන්, කලින් කලට එන ආර්ථික අවපාත එන්න පුලුවන්.
කොටින්ම තව සුනාමියක් , ජාතිවාදී අරගලයක්,
ආගමිකයන් අතර අවුලක් වුනත් එන්න පුළුවන්.
මොන පක්ෂයකටවත් ඔය ඔක්කොම ඔලුවේ තියන් විසඳුම් හදන්න බැහැනේ.
වතුරට බහින්නම වෙනවා.
දැන් ඔය ගොඩ ඉදගෙන වතුරේ ගිලිලා ඉන්න එකාට (වත්මන් ආන්ඩුවට) පීනලා ගොඩ එන්න උපදෙස් දෙන එකට වඩා ඒක කොච්චර අමාරුද කියලා එතකොට තේරෙයි.
මම ආපහු සමාජ මාධ්‍යයේ ලියන්නේ නැහැ කියලයි හිතන් හිටියේ.
නමුත් පක්ෂ භේද අත ඇරලා ජාතියක් විදියට එකතු වෙන්න මේ අර්බුදය දීලා තියෙන රත්තරන් අවස්ථාව විනාශ කරගෙන විපක්ෂ කන්ඩායම් සහ ආන්ඩුව ඇතුලේ ඉන්න වෙනසකට කැමති කොටස් ඊලග ආන්ඩුව තනියෙන් පිහිටුවන් නටන්න හදන නාඩගම මගේ දැනුම මත කරන පුරෝකථනයට අහුවෙනවා.
එහෙම වුනොත් මේ ජාතිය ආපහු ගොඩ එන්න බැරි වෙන්නම ගැඹුරු ආගාධයක වැටෙනවා වැටෙනවාමයි.
තව සිම්බාබ්වේ වක් ලෙබනනයක් වෙලා තමයි නතර වෙන්නේ
(ආන්ඩු වල නම් විතරක් වෙනස් වෙලා තියේවි )
ඒක නිසා ජාතියම සමගි වෙලා එකමුතුව ගොඩ යන්න අවසන් වතාවට ඇති අවස්ථාව මඟ නොහැරෙන්න අන්තිම වතාවටත් ජාතියෙන්ම බැගෑපත් ආයාචනයක් කරනවා.
– වෛද්‍ය නිලංග සමරසිංහ
( ලේඛකයාට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට මේ ආර්ථික අර්බුදය බල නොපායි. එසේම සිය මාතෘ භූමිය මේ අර්බුදයෙන් ගොඩයාම දැකීමෙන් ලැබෙන සතුට ඇර වෙන වාසියක්ද ඔහුට නැත )