පාස්කු ප්‍රහාරයේ ජීවතුන් අතර සිටිනවා යැයි කියන එකම තැනැත්තිය වු පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සහරා ඉන්දියාවට බෝට්ටුවෙන් පලා ගිය බවට තොරතුරු තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කලේ ජනාධිපති කොමිසම් සභාවේදිය. ඒ එවක කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ෂණ භාර නිලධාරියාවු සහකාර පොලිස් අධිකාරි මායින්කන්ද විසිනි.
අර්ජුන මායින්කන්ද වැඩි දුරටත් කොමිෂන් සභාවට එත්තු ගැන් වුයේ එදා සිද්ධිය වු දින ඒවක සහරානලාගේ ගමේ පොලිසියේ රථවාහන අංශය භාර ස්ථානාධිපති විසින් මෙම සහරා නැමැත්තිය තම පොලිස් යතුරු පැදියේ නංවාගෙන ගෙන ගොස් ප්‍රධාන මාර්ගයේ එවනවිට නතර කොට තිබු රතු පැහැති කැබ් රථයකට නන්වා ඇයව පිටත් කල බවය.
තවත් සාක්ෂිකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරමින් වැඩි දුරටත් කොමිෂන් සභාවට පෙන්නා දුන්නේ ඇය ඒ අනුව බෝට්ටුවක නැග ඉන්දියාවට පලා ගිය බවයි. පසුව රජයේ ප්‍රභල ඇමතිවරු හා වගකිවයුතු රාජ්‍ය නිලධාරින් ද එක හෙලාම කීවේ සහරා ඉන්දියාවට පලාගොස් ඇති බවයි .
එත් සහකාර පොලිස් අධිකාරි අර්ජුන මායින්කනදගේ විමර්ෂණයේ දි අත් අඩංගුවට පත් ප්‍රධාන පොලිස් පරික්ෂක වරයා මේ වනවිට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම විමර්ෂණය පිලිබදව නැවත වාර්තාවක් කැදවීම නිසාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වහාම විමර්ෂණයක් ඇරඹීය. එවිට සියල්ල හෙලිවිය.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි මයින් කන්ද විසින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දෙන ලද සාක්ෂි සහ ඉදිරිපත් කර ලදී සාක්ෂි කරුවන් සියලු දෙනාම අසත්‍ය සාක්ෂි කරුවන් වශයෙන් මේ වනවිට හෙළි වී ඇති අතර මෙයින් පෙනී යන්නේ සහරා මේ වන විට ජීවතුන් අතර නොමැති බවයි
සහකාර පොලිස් අධිකාරි අර්ජුණ මායින්කන්ද කාගේ හෝ වුවමනාවකට පුලස්තනී මහෙන්ද්‍රන් පැනහිය බවට දැඩි එත්තු ගැන්වීමක් කිරීමටම ඔහු විසින් හිතාමතාම සාක්ෂි ගොනුකර ඇති බවත් දැනට අත් අඩංගුවේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කිසිදු දේකට සම්බන්ධ අයෙකු නොවන බවත් හෙලිවිය. දැන් ඇත්තේ තවත් ප්‍රශ්ණයකි.
මායින්කන්දට විරුද්ධව වහාම නිතියානුකුල පියවර ගැනීමට අවශ්‍ය වුවත් අද ඔහු ඉන්නේ ඇමරිකාවේය. ඔහුට ඇමරිකාවට යාමට පොලිසියෙන් විශ්‍රාම ගැනීමට ඉඩ දුන්නේ වර්තමාන පොලිස්පතිය. මෙය රටේ ජනතාවගේ මුලික අයිතීන්රැකීමට සිටින පොලිසිය පොලිස් නිලධාරින්ගේ මුලික අයිතින් රකිනවාදැයි ඉතාම පැහැදිලි නඩුකරයකි.
ඒ නිසාම මායින්කනද පාස්කු ජනාධිපති විමර්ෂණ පොමිෂන් සභාවේ කී සියල්ලම හා දුන් සියළු සාක්ෂි පට්ටපල් බොරුය. දැන් දිලීප පීරිස්ලා කෙලින්වෙලා වහාම මෙම නිලධාරියාට විරුද්ධව අධිකරණයේ නඩු පවරනවාදැයි ඇසිය යුතුය.
එදා අපි කල විමර්ෂණය දැන් සීයට සීයක්ම සාර්ථක බව ඉන් ඔප්පුවී හමාරයි. යම් හෙයකින් සහරා ගියාම කියමු. එසේනම් බැසිල් ඉන්දියානු අගමැති මොදිගෙන් සහරා ශ්‍රි ලංකාවට භාර දීමට ඉල්ලීමක් නොකලේය. ඒ සත්‍ය වශයෙන්ම පුලස්තනී මහෙන්ද්‍රන් නොහොත් සහරා මරාදමා ඇති නිසාය.
බැසිල් ගේ ගමනින් රටට දැන් එක් සත්‍යක් හෙලිවිය. ඒ රාජපක්ෂලාට බලයට ඒමට අහිංසක ජීවිත 350ක් බිලිගත් බවත්, ඒ සියල්ලම සිදුකලේ සලේ ගේ අධික්ෂණය යටතේය. ඒ බවට දැන් බැසිල් මොදි හමුව හොදම සාක්ෂියකි.