උණුසුම් පුවත්

ජාතිය විසින් තමන් අමතන බව නොදන්නා “නානසේන “.

Spread the love

කලක් තිස්සේ ජාතිය විසින් ජනාධිපති ගෝඨාව දිනපතා අමතනු ලැබීය.
තමන් තවමත් ජනාධිපති බව පෙන්වීමට ගෝඨාත් ඉඳ හිට ජාතිය අමතන්නේය.
පෙර සිටි රාජ්‍ය නායකයෝද වරින් වර ජාතිය ඇමතුවෝය. ඒ රටේ තීරණාත්මක හෝ බැරෑරුම් අවස්ථාවකය. 
එනිසා එම ජාතිය ඇමතීමක් දෙස මුළු රටම බලා සිටියෝය.
එම ජාතිය ඇමතීම් වලදී රාජ්‍ය නායකයෝ කිසි විටෙක  වල් පල් පුරාජේරු කතා නොකීහ. මෝඩයන් හෝ විහිළුකාරයන් ලෙස නොහැසුරුණහ.
එහෙත් කිසි විටෙක ලියූ දෙයක් කියවීම හැර සූදානම්ව කතාවක් කළ නොහැකි ගෝඨා කළේ කිසිවකු හෝ ලියූ දෙයක් කියවීම පමණි.
මෑත කාලයේ ජනාධිපති මාධ්‍ය අංශයට බඳවා ගත් සුදේව හෙට්ටිආරච්චි හා කිංස්ලි රත්නායක තමන්ගේ කැටයම් දමා ගෝඨාගේ ජාතිය ඇමතීම් රූපවාහිනියේ පෙන්නීමට ගොස් ගෝඨාවත් නාවා තමනුත් ඇදගෙන නාන්නට සමත් වූයේ රටටම විහිළුද සපයමිනි.
ගෝඨාගේ චන්ද තේමා ගීතය වූ වැඩ කරන අපේ විරුවා දැන් වැඩි කරන අපේ විරුවා බවට පත්වී එකම ජෝක් එකක් වී තිබේ.
මේ අතර නැවතත් ජාතිය ඇමතිය යුතු බවට උපදෙස් ලැබූ ගෝඨා අද ( බදාදා) රාත්‍රී 8.30 ට සුබ නැකතින් ජාතිය අමතන්නට යයි.
ජාතිය විසින් තමන් අමතද්දී ගෝඨා විසින් අද ජාතිය අමතා කරන කතාව මේ වන විට  ලියා අවසන් ය. අද කතාව මෙන්ම පසුගිය කාලයේ ගෝඨාගේ කතාවල්  වැඩි හරියක් ලිව්වේ සොනාල ගුණවර්ධනය. 
සොනාල යනු නොබෝදා ඩලස්ටත් උඩින් ගෝඨා විසින්  ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත් කළ පුද්ගලයාය. උගතකු ලෙස පෙන්නුවද උද්ද්ච්ච පණ්ඩිතයකු වන සොනාල භීෂණ සමයේ තම පියා මරා දැමීම සම්බන්ධයෙන් ජවිපෙ සමග ජම්මාන්තර වයිරයකින් පෙළෙන්නෙකි.
ජවිපෙ සමග තවත් කෝන්තරකාරයකු වන නිස්සංක සේනාපති හා එක්ව ඔහුගේ මඩ බලකාය මෙහෙයවූයේද සොනාල ය.
මේ සියල්ලට තෑග්ගක් ලෙස ජාතික රූපවාහිනියේ සභාපති ධූරයෙන් පිදුම් ලැබූ සොනාල පත්වීම් ලැබූ දා සිට මේ දක්වා කරන්නේ රූපවාහිනිය විකුණා දැමීමය. 
ජාතික රූපවාහිනියේ නිල ලාංචනයද වෙනස් කළ සොනාල එහි තිබූ දෙමළ හා ඉංග්‍රීසි අකුරුද ඉවත් කරද්දී සංහිඳියාව ගැන දොඩවන ජනමාධ්‍ය ඇමති මීක් නොමැතිව සිටියේය.
අද කතාවද සුපුරුදු පරිදි සොනාලගේ සුරංගනා කතාවක් වීම අනිවාර්‍යය.
ඒ නිසා බොහෝ දෙනෙක් එය නොබලනු ඇත. 
එහෙත් ජනතාවට එම කාලය තුළ මඳ අස්වැසිල්ලක් ලැබෙනු ඇත.
ඒ රාත්‍රී 8.30 සිට 9 දක්වා ලංකාවේ කිසිම තැනක විදුලිය නොකැපීම අනිවාර්‍ය නිසාය.

Spread the love

Leave a Comment

You may also like