උණුසුම් පුවත්

පුලනි දැක්ක හීනේ චන්දන ගලප්පත්ති ඇමති චන්න හරහා සැබෑ කරයි – තොරතුරු කලමනාකරණ පද්ධතියේ ගැහිල්ල බිලියන 15 ක් (සාක්ෂි සහිතව)

Spread the love

රටේ ආර්ථිකය නැත්තටම නැතිවී ඇති මොහොතක සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ අමාත්‍යංශයේ තොරතුරු කලමනාකරණ පද්ධතිය ” ස්වස්ථ ” හදුන්වාදීමට මිලියන ගනනක කොන්ත්‍රාත්තුවක් දී ඇත්තේ  මුදල් ඇමති බැසිල් ගේ උපදෙස් වලට පවා පිටින් යමිනි.මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශ සතුව එවැනි සොෆ්ට්වෙයාර් එකක් තිබියදීත් නැවතත් එවැනි ආකාරයෙන් ම මුදලක් වැයකොට software එකක් ලබා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි මෙය මුළුමනින්ම ගසාකෑමේ අරමුණෙන් සකස් කරන ලද්දක් බව ජනතාවගේ අදහසයි.

මෙම සියල්ලම සිදුව ඇත්තේ චන්න ජයසුමන ගේ රාජ්‍ය අමාත්‍යංශයේ සිටින වෛද්‍ය පරිපාලන වෛද්‍ය චන්දන ගලප්පති නැමති පට්ට දුෂිතයා හරහාය. ජයසුමන හොරෙකු නොවේ නම් දැන් ඇත්තේ මුගේ බෙල්ලෙන් අල්ලා අල්ලස් දුෂණ කොමිසමට භාර දීමය.

මෙම තොරතුරු කලමනාකරණ පද්ධතියේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ පුලනි රණසිංහ නැමති පරිඝණක දත්ත පිලිබද කොම්පැණියකටය . මේ පුලණිගේ කොම්පැණිය මීට පෙර කිසි දවසක මෙවනි සුවිශේෂිත වු රාජ්‍ය ආයතනයක තොරතුරු කලමනාකරණයක් සිදු කොට නැති වීමම සෞඛ්‍ය වැනි ඉතාම සංවේදි කරුණු පිලිබදවව කුමන ආකාරයකින් කටයුතු කිරීමේ හැකියාවක් ඇත්දැයි සිතීමත් උගහටය.

මෙය හුදෙක් බිලියන 15  ගානක වෛද්‍ය චන්දන ගජනායක සමඟ කට්ටියටම ගසා කැමට බව අපි දනිමු. රටේ මුදල් ඇමති කියන පරිදි අඩුමICTAආයතනයෙන් මේ පිලිබදව උපදෙස් සහ අධීක්ෂණය ලබා ගැනීමට වත් ක්‍රියා නොකිරීම ජයසුමන බබෙකු නිසා විය යුතුය.

එසේ නැත්නම් පුලිනි ගේ සිහිනය ජයසුමටත් පෙන්නුවාදැයි කීමට අපි නොදනිමු. ඒත් රටේ ජනතාවට ගෑස් ,කිරි පිටි, ඉන්දන නොමති වෙලාවක ජයසුමනගේ ,ගජනායකලාගේ සිහින ඉටුකරවා ගැනිමට රුපියල් බිලියන 15 කට වඩා වැය කිරීම හෙන ගහන අපරාධයකි.

ඒකත් හරියමන් ආයතනයකට ලබා දුන්නා නම් එයත් යම් තරමකට හෝ අස් අස්වැසිල්ලකි. ඒත් ඊට මෙය සුදුසු අවස්ථාව නොවන බව ද අපි අවධාරණය කරමු. මේ ස්වස්ථ පද්ධතිය සකස් කිරීම වහාම නතර කිරීම බැසිල් රාජපක්ෂ ගේ වගකීමකි.

 


Spread the love

Leave a Comment

You may also like