හම්බන්තොට ලංවා ලෝහ කර්මාන්ත පුරවරයට ප්‍රවේශ වෙන ස්ථානයේ රජයෙන් ස්ථාපිත කර ඇති දැන්වීම් පූවරුව හා ඒ අසල ඇති ධජයක සටහන් කර ඇති වැකිය අදාල කරගත් ඡායාරූපයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.එම දැන්වීම් පූවරුව අසල ඇති ධජයේ ඇත්තේ විශ්වාසවන්ත බැඳීමක් යනුවෙනි.දැන්වීම් පූවරුවේ ම්ල්ටෙරි නන්දසේන අගමැති මහින්ද චමල් හා බබා නාමල් ගේ නම සඳහන්ය.මෙම නාම ලේඛනය හා ධජයේ සඳහන් වන පාඨය සැබැවින්ම අපූරු විදියට ගැලපේ.
මේ සේයාරුව අන්තර්ජාලයට ඇතුළත් කළ කවරකු හෝ එම දැන් වීම් පූවරුවේ රාජපක්ෂ වරුන්ගේ නාම ලේඛනය කවයකින් දක්වා ඇත.
එහි පහත නම සඳහන් වන්නේ චානක ඇමතිවරයාගේ නමය.ඒ නමද අර කවය තුළට සම්බන්ධ කර ගත්තේ නම් වරදක් නැතැයි අපට සිතේ.ඒ ඇයිද යන්න දන්නේ හම්බන්තොට දේශපාලනයේ පැරැන්නන් පමණක්ම බව ලියා තියමු.