උණුසුම් පුවත්

රාජපක්ෂ තක්කඩියන් ගේමට බසී.නපුංසක අධිකරණය උන් හා දීග කයි .

Spread the love

මෙරට බරපතල ලෙස සමාජය තුළ ආන්දෝලනාත්මක කතිකාවතක් නිර්මාණය වූ කෙරවලපිටිය යුගදනවු බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් සියල්ල විභාග නොකොට ඉවතට දැමීම අගවිනිසුරු ප්‍රධානත්වයෙන් රැස් වූ පංච විධ විනිසුරු මඩුල්ල අද උදෑසන තීන්දු කර තිබේ.⁣අගවිනිසුරු ජයන්ත ජයසූරිය, පුියන්ත ජයවර්දන,විජිත මල්ලගොඩ, බුවනෙක අළුවිහාරේ, එල්.ඩී.පී දෙහිපිටිය  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් මෙම විනිශ්චය මඩුල්ල නියේජනය කරන ලදී.

කෙරවලපිටිය යුග දනවු තාප බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,අගරදගුරු මැල්කම් රංජිත් , සමගිජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සුනිල් හදුනෙත්ති,වසන්ත සමරසිංහ හා වෘත්තීය සමිති ගණනාවක්  මෙම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශවයන් වේ.මෙහිදී විශේෂ කාරණයක් වුයේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ද යුගදනව් බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ වෙත පෙත්සම් ඉදිරිපත් කොට තිබීමය.මෙම අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය කඩ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකණය වෙත කරුණු දක්වා තිබුණි.

මෙම විරෝධතාවන්  සම්බන්ධයෙන් කරුණු දැක්වූ අගවිනිසුරු වරයා ප්‍රකාශ කොට ඇත්තේ ⁣මෙම පෙත්සම් විභාග කිරීමට කැමැත්තක් නැති බවය.මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව හොර රහසේ අස්සන් කර තිබූ මෙම ගිවිසුමරටට අනාවරණය වූයේ මේ පිළිබදව පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදු කළ කරුණු දැක්වීම නිසාය.එහිදී ඔහු කියා සිටියේ “මේ  කැබිනට්පත්‍රිකාවෙන්අවසර ලබා දෙන්නේ නිව් ප්‍රෝටස් සමාගම සමග ගිවිසුමකට එළඹෙන්නමේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ කා සමගද .එන්.එෆ්.ඊ.කියන්නෙ නිව් ප්‍රෝටස්  එනර්ජි ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් එල්. එල්.සී.කියන සමාගම සමග .ඒ කැබිනට් මණ්ඩ⁣ලයෙන් බලය දෙන සමාගම නොවෙයි.එතකොට මං දන්නෙ නෑ ශ්‍රී ලංකාහෝල්ඩින්සමාගමක්.එතකොට ඒ සමාගම තමයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ.කැබිනට් මණ්ඩලය බලය දුන්නෙ නිව් ප්‍රොටස් එනර්ජි කියන සමාගම සමග .හැබැයි ගිවිසුම අස්සන් කරල තියෙන්නෙ නිව් ප්‍රෝටර්ස් සමාගමට අනුබද්ධ හෝල්ඩින්ග්ස් සමාගමක් සමග.මෙය කැබිනට්මණ්ඩලය නොමග යැවීමක්” බවය. 

ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේදී මෙසේද කීය.”මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්.දහ තුන එක වගන්තියේ පැහැදිලිව සඳහන් කරල තියෙනව අවුරුදු දෙකක් යන තෙක් ඒ කියන්නේ මේ රහසිගත හා ප්‍රකාශ කිරීම මේ වගන්තිය යටතේ අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශවයේ එකඟතාවකින් තොරව රටටහෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකර සිටින්නට.මේ රටේ දේපොල කිසිදු පොල්මක්කාර උරුමක්කාරිත්වයකින් මුදල් අමාත්‍යවරයාට හෝ එහි ලේකම් වරයාට පවරා නෑ.
මෙම ගිවිසුම ගැන  අනුර කුමාර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී මෙසේ අනාවරණය කරද්දී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු පවා එය නොදැන සිටි බව හෙළි වී තිබේ.මෙය තහවුරු වන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා මාධ්‍ය වෙත කළ මෙම ප්‍රකාශයෙනි.
“කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට ද මෙම ගිවිසුමේ පිටපත් ලබා දුන්නෙ මම.දැන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවට නැවත ගිවිසුම ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ”
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ මෙම අනාවරණයෙන් පසුව එම රහස් ගිවිමසුම ගැන අතිශය රහස්‍ය හෙළිදරව් කිරීම් ගනනාවක් ඇතැම් මාධ්‍යවේදීන් ගණනාවක් විසින් සිදු කෙරිණි.මාධ්‍යවේදී පෝද්දල ජයන්ත විසින් ඒ ගැන සිදු කළ හෙලිදරව් කිරීම ඉන් ප්‍රධානය.
කෙසේවෙතත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වරයා පංච විධ විනිසුරු මඩුල්ල විභාගයට ගැනීමට අකමැති යැයි ප්‍රකාශ කො⁣ට ඇත්තේ මෙම තක්කඩ් ගනුදෙනුවට අදාල ගිවිසුමට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් වේ.

රාජපක්ෂවරු මේ වන විට මෙරට මුළු අධිකරණ පද්ධතියේම ඇට  කප්පාදු කොට පුස්සන් කර ඇති බවට හොදම  සාක්ෂිය ලෙස කෙරවල පිටිය යුගදනවු බලාගාරය සම්බන්ධ පෙත්සම් විභාග නොකො⁣ට ඉවතට දැමීමේ සිදුවීම පෙන්වා දිය හැකි.මෙහිදී අගවිනිසුරු වරයා ප්‍රකාශ කොට ඇත්තේ පෙත්සම් විභාග කිරීමට කැමැත්තක් නැති බවය.

දැන් රාජපක්ෂ තක්කඩියන්ට මේ රටේ පොදු දේපොළ සිතූ මතේ වෙන්දේසියේ දමන්නට  ⁣මෙරට ඉහළ අධිකරණය නියෝජනය කරන රාජපක්ෂ හුරතල් විනිසුරු පිම්පියන් විසින් බලපත්‍රයක් දී තිබේ.මින් ඉදිරියට රාජපක්ෂ තක්කඩියන් විසින් පොදු දේපොල වෙන්දේසියේ විකුනා හම්බ කරගෙන කෑම මෙරට කිසිම පුරවැසියෙකුට එරෙහිවන්නට ඉඩක් නැති වන්නටද පුළුවන.
මෙම තීන්දුව එන දිනයට පෙරදා  විමල් වීරවංශ හා ගම්මන්පිල යන අමාත්‍ය වරුන්ගේ පස්සා පැත්තට පයින් ගසා  එළියට දැම්මේ කුමන්ත්‍රණකාරී සැලසුමකට අනුව බව අපට සිතා ගත හැක.විමල් හා ගම්මන්පිල ලහි ලහියේ ර⁣ටම හරි මගට නම් දේශපාලන ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ⁣ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලින් රජයේ පාර්ශවයට නැතහොත් බැසිල් අමාත්‍යවරයාට එම ගිවිසුම අකුලාගැනීමට නියෝගයක් එනු ඇතැයි සිතා බවද නිගමනයක⁣⁣ට ඒමට පුළුවන.එතැන් සිට බැසිල් අමාත්‍යවරයාට හොඳ හැටි නෙළීමට ⁣හැකි යැයිද මොවුන් ගණන් හදා ගෙන සිටින්නට ඇත.”රටම හරි මගට” සැලසුම හැදෙන්නේ ඒ අත්තිවාරමට ගැලපෙන විදියට .එහෙත්  විමල් හා ගම්මන් පිල ඇතුළු අනෙක් උන්නැහේලා විසින්  නැකතට⁣ මුල්ගල තබා දැමූ ඒ අත්තිවාරම මත බිල්ඩිම හැදීමට පෙර මුළුමනින්ම විනාශ කර දැමීමට රාජපක්ෂවරු සමත් වී තිබේ.
එහෙත් රාජපක්ෂ තක්කඩියන්ගේ ගහන ගේම් වලට අන් අය දකින සිහින අදාල වන්නේ නැත.කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ අපේක්ෂාවන් ඉටු කර ගැනීම රාජපක්ෂ තක්කඩියන්ගේ පුරුද්දය.එහිදී තමන් ළඟ හැදී වැඩෙන හුරතලා වුවද බිල්ලට දෙන්නට රාජපක්ෂ තක්කඩියන් ⁣පැකිලෙන්නේ නැත.රාජපක්ෂ පවුලේ අහවලා අහවලා අතර විරසකයක් පැවැත්තෙන්නේ යැයි ⁣ලියවෙන දේශපාලන කයිකතන්දර වල කිසිදු සත්‍යතාවයක් නැති අතරම ඔවුන්  රාත්‍රී කෑම මේසයේදී ලෙන්ගතු  සහෝදර බැඳියාවකින්  කටයුතු කරන්නෝද වෙති.
ඔවුන් අතර පවතින පවුල් “ලේ” බැම්ම තුළ සක්ක ගල් නැත.
අගමැති මහින්ද යනු දේශපාලන නරියෙකි.පෞද්ගලික ජීවි⁣තයේ අතිශය පාදඩ කුඩුකේඩු කාමුක හා වෛරී සහගත හැසිරීමක් ඇති චරිතයකට හිමිකම් කියන අගමැති මහින්ද අති දක්ෂ රංගන ශිල්පියෙකි.මෙරට දේශපාලනයේ නිල සාස්තරය හොදින් හදාරා ඇති අගමැති මහින්ද මෙරට වීරත්වයේ සංකේතය ලෙස ඇගැයීමට මග පාදා ගන්නේද  තක්කඩිකම මුදා හරිමිනි.කිසිම කෙළෙහි ගුණයක් නැති තැනැත්තකු වන මොහු දේශපාලනය තුළ තමන්ගේ හා තම පවුලේ වාසිය වෙනුවෙන් ඕනෑම හැඩයේ බළල් අතක් යොදා ගන්නෙකි .තම අරමුණ ඉටු  කර ගැනීමෙන් පසුව කිසිදු සාක්ෂියක් නොමැතිව බළලා අතුරුදන් කරන්නටද මොහු සමත්ය.
විමල් හා ගම්මන්පිල  අමාත්‍ය මණ්ඩලයෙන් ඉවතට දැමීම මිල්ටෙරිනන්දසේන ආණ්ඩුවේ රංගනයක් බව ඇතැමුන්ගේ අදහසයි.එහෙත් එය රංගනයක් නොවන බවට දැන් දැන් සහතිකය.රාජපක්ෂ තක්කඩියන් සමීපයේ හුරතල් වන ලුම්පන් ඔ⁣ඩොක්කු කුක්කන් ඔවුන් දෙදෙනාට ඉතා බරපතල ලෙස පහර දෙමින් සිටී.ආණ්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට යමින් පවතින වටපිටාවක මේ දෙදෙනා අමාත්‍ය තනතුරු වලින් එලියට විසි කිරීම තුළ ද ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ගැන බරපතල අවදානම් කාරී සංඥා දකින්නට ඇත.එම සංඥාව වඩාත් භයානක වන්නේ ⁣යුගදනව් ගිවිසුම සම්බන්ධයෙන් වූ පෙත්සම් විභාගයට නොගෙනම ඉවතට දැමීම⁣⁣ට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව අසන්නටලැබෙනවිටය.

මේවනවිටරාජපක්ෂවරුන්ගේ තනි අයිතියට හිමි බූදලයක් ලෙස සැළකිය හැකි තෝත් නටාපන් මාත් නටන්නම් ජාතියේ නපුංසක අධිකරණ පද්ධතියක් රට පුරාම තිබේ.විපක්ෂයේ දුක්ගැනවිලි අසන්නට එම නපුසංක අධිකරණය මින් ඉදිරියට ක්‍රියා නොකරන බවද සක් සුදක් සේ පැහැදිලිය.

⁣විමල් සහ ගම්මන්පිල අමාත්‍ය වරුන් ගේ ඇඟේ පතේ සිතේ අමාරුවට මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව ඉදිරියේදී  සිද්ධාලේප ගාන්නේ නැත.මොවුන් දෙදෙනා එළියට දමන සැළසුමේ අවසන තිත ඇත්තේ වැලිකඩ ජම්පර තුළ වෙන්නටද බැරි නැත.අප එසේ කියන්නේ රාජපක්ෂවරු අතේ තුරුම්බු වාසි නැතුව පිටියේ සෙල්ලම් දාන්නේ නිසාය.අතේ වාසි තුරුම්බු නැතිනම් අනෙකා ගේ අතේ තියෙන ⁣කොල ටික රහසින් බලා  ⁣ගේම රෙපෝරු කරන ජාතියේ උන් නිසාය.කොටින්ම කියතොත් රාජපක්ෂ තක්කඩියන් නියම දාර පොළගුන්ය.
හෙට අනිද්දා වන විට උදාවන සිංහල අවුරුද්ද ඉලක්ක කර ගනිමින් සමාජය තුළ පවතින ආර්ථික අර්බුදය කළමණාකරණය කර ගැනීමට බැසිල් අමාත්‍යවරයා මුදල් ⁣නෝට්ටු තොගයක් මුද්‍රණය කරන බව නම් නිසැකය.ඒ මන්ද යත් ජනතාවගේ  අළුත් අවුරුද්ද මුස්පේන්තු කිරීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට බරපතල අවදානමක් මතු කරන බැවිනි.
දැන් අප ඇස ගසා ගෙන සිටින්නේ ව්මල් හා ගම්මන්පිල ඇතුළු අනෙකුත් නාඩගම්කාරයන්ගේ ක්‍රියා කාරකම් දෙසය.ආණ්ඩුවට එරෙහිව කවර ආකාරයේ විරෝධතා දැක්වූවද මේ තක්කඩියන් රැළ කිසිම බලවත් පක්ෂයක එළිපත්තටවත් ගත යුතු නැති බව අපගේ අදහසයි.
මොවුන් තමන්ගේ ඔඩොක්කු වේ දාගන්නවා කි⁣යන්නේ සර්පයින් සමග එක බඳුනේ කිරි බීමටත් වඩා භයානක බවට අපි අනතුරු පක්ෂ නායක කාරකාදීන් වෙත අප අනතුරු අඟවා සිටිමු. කෙසේවෙතත් මේ වන  විට රට ඉල්ලා සිටින්නේ මෙවැනි පාදඩ දේශපාලඥයන් නොව මහුවත් ගුණයෙන් යුතු දේශපාලනය ව්‍යාපාරයක් කර නොගත් සැබෑ මිනිසුන්ය.

Spread the love

Leave a Comment

You may also like