උණුසුම් පුවත්

පාස්කු කුමණ්ත්‍රනය ගැන  කාදිනල් හිමියන් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේට කියයි.

Spread the love

පසුගියදා වතිකානුවේ සුදෝත්තම පාප්වහන්සේව බැහැදැකීමට පැමිණි මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ඊයේ (02 )එක්සත් ජාතින් ගේ මානව හිමිකම් මහකොමසාරි මිෂෙල් බැෂේලේ මහත්මිය හමුවිය.

එහිදි ඉතාම සුහදව ඇය විසින් උන්වහන්සේව පිළිගෙන පැයකට ආසන්න කාලයක් තිස්සේ වර්තමාන ශ්‍රි ලංකාව හා පාස්කු ප්‍රහාරය පිලිබදව දැනට උත්ගතව ඇති තත්වය පහදා දී ඇති බව වාර්තාවේ. 2019 අප්‍රේල් 21 සිදුවු මිලේඡ්ච ප්‍රහාරය දේශපාලන වුවමනාවක් මතසිදු බවට මේවනවිටත් තහවුරු වී ඇත.

එවන් පසු බිමක් මත වර්තමාන රජය ඒ පිලිබදව කිසිදු විමර්ෂණයක් නොකොට හා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ  විමර්ෂකයන් අපරාධකරුවන් කොට සිරගත කිරීම යන චෝදනා සියල්ලම මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෙතට සාක්ෂි සහිතව දැම්නුම දී ඇත.

 

ශ්‍රි ලංකා රජය කිසිදු පියවරක් නොගනීම පිලිබදව පාස්කු ප්‍රහාරයේ අපරාධ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉටු නොවීම, පිලිබදව කාදිනල් හිමිපානන් ඇතුළු සමස්ථ ශ්‍රි ලාංකිකයන්ම ගෝඨාභය ආණ්ඩුව දැඩි ලෙස දෝෂාරෝපනය කරමින් තිබේ.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රි ලංකා ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතින් ගේ මහකොමසාරිවරිය පිටු 17 කින් සමන්විත වාර්තාවක් සකස් කොට ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් පුරවැසියනට තහවුරු කොට ඇති මුලික අයිතින් සියල්ලම අදවනවිට ගෝඨාභය ආණ්ඩුව මංකොල්ලකමින් තිබේ. කියවීම ලිවීම හා අදහස් ප්‍රකාශ කිරීමේ හා තමන්ට ජීවත් වීමේ අයිතිය පවා අදවන විට දැඩි අවධානමකට අහිමි කරමින් ඇත . ඒ බව දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පවා පිළිගෙන ඇති සත්‍යයකි


Spread the love

Leave a Comment

You may also like