උණුසුම් පුවත්

“පුටින් කිච වුනොත් ලෝකල් පුටිනුත් කිච වෙයි”

Spread the love

රුසියන් යුක්රේන් යුද්ධයේදී සමහරු පුටින්ට සපෝට්ය .
ඒ ලෝකල් පුටින්ට තමන්ගේ ඇති පක්ෂපාතී බව නිසාය.
“පුටින් කිච වුනොත් ලෝකල් පුටිනුත් කිච වෙයි”
යයි එයාලා බයය.
සමහරු ලෝකල් පුටින්ට විරුද්ධ වුනත් ඇමරිකාවට විරුද්ධය, 
ඒ නිසා රුසියන් පුටින්ට සපෝට්ය.
සමහරුන්ට සමාජවාදී සෝවියට් රුසියාවයි , පුටින්ගේ ධනවාදී රුසියාවයි තවම එකකි, පැටලිලාය . 
ඒ නිසා “සමාජවාදි” පුටීන්ට එයලා සපෝට්ය .
සමහරු යුක්රේනයට සපෝට්ය.
එයින් බහුතරය ලෝකල් පුටින් එක්ක ඇරියස් ඇති අයය.
යුද්දෙන් පුටින් කිච වුනොත් ලෝකල් පුටිනුත් ඒ සමග කිච වෙනු ඇති බව එයාලාගේ ගනන් බැලීමය.
තවත් සමහරු ඇමරිකන් / බටහිර හිතවාදය නිසාය.
තව සමහරු දෙමළ සවයංපාලනයට පක්ෂපාත 
හිතවත් කම් නිසාය.
ඉතිං, බොහෝ දෙනෙකුට රුසියන් යුක්රේන යුද්ධය
 “අලියගේ හැඩ රුව කිව්ව අන්ධයන්ගෙ අලියා ” වගේය .
ඒ වුනාට මෙතන තියෙන්නෙ අපිට වෙන පාඩමක්ය .
යැංකි ඩිකි – JR, ඕනෑවට වඩා ඇමරිකාවට පක්ෂපාතී වෙලා 1987 දි යන්තන් අහසින් පරිප්පු විතරක් වට්ටාගෙන බේරිනි.
ඒ අපේ දස්සතාවයක් නිසා නොව ඉන්දියාවට ස්වාධීන දෙමළ රාජ්‍යයක් තමිල්නාඩුවට පල්ලයාහින් තිබීම, 
ඔලුවෙ කැක්කුමක් සල්ලි දීලා ගත්තා වගේ නිසාමය.
අපේ ගොන්තඩි පාලකයෝ 
කාලෙකට බටහිරට පස්සපාතීය.
කලෙකට සමාවාදි කඳවුරට පස්සපාතීය.
කලෙකට ඉන්දියාවට පස්සපාතීය.
කලෙකට ඉන්දියාවට පස්සපාතිය.
කලෙකට තනියම ස්වාධීනව ජීවත් වන්න හදන පෞඩ රාජ්‍යයකි.
අපිත් කැමැත්තෙන්ම කාලෙන් කාලෙට (චන්දෙන්)
විකටයෝ රජ කරවයි.
හිටන් හුටන්ලා රජ කරවයි.
චෞර රජවරු,රැජිනියෝ රජ කරවයි .
ඒක නිසා මුන් පිස්සු කෙලලා 
අපේ රටත් යුක්රේනයක් කරන එක අපිට වලක්වන්න බැරිය.
එදාට අපිට මේ වගේ ආක්‍රමණයක් ඉන්දියාවෙන් හරි  
චීනෙන් හරි වෙන රටකින් හරි එල්ල විය හැකිය.
එදාට අපිටත් උන්ගේ කාලතුවක්කු සමඟ ෆයිට් කරන්න 
වෙන්නේ කැටපොල් සමගය.
අපිටත් එදාට අලි දෙන්නම් කොටි දෙන්නම් 
අර උදව්ව කරන්නම් මේ උදව්ව කරන්නම් 
කියන ලොකු අයියලා අපේ සහයට නැත.
ඒක නිසා අපි මේ යුද්ධය, අපේ ජනාධිපති උන්නැහේ කිව්වා වගේ ක්ලෝස්ලි මොනිටර් කර ගත යුතුය.https://www.youtube.com/watch?v=_ua3xQP6JkI

1. මහ බලවතුන් යනු මහා බලවතුන්මය .
ලෝක ඉතිහාසය පුරාම උන්ගෙ එකෙක් පොඩි එකෙකුට ගැහුව විටක අනිත් එවුන් පොඩි එකාගේ පැත්ත අරගෙනම නැත.
ඉන්දියාව ගෝවා අල්ලා ගත්තේය.
චීනය ටිබෙටය අල්ලා ගත්තේය.
ඇමරිකාව ග්‍රෙනඩය අල්ලා ගත්තේය.
බ්‍රිතාන්‍යය ෆෝක්ලන්ඩ් අල්ලා ගත්තේය.
රුසියාව ක්‍රිමියාව අල්ලා ගත්තේය.
ඔය කොයි බලවතාවත් එදා පොඩි එකාගේ පැත්ත ගත්තේ නැත.
ඒක නිසා දුන්න ණයට හිලව්වට රට හරි, රටෙන් කෑල්ලක් හරි අල්ලා ගන්න ආවොත් අපිට කොයි බල්ලාවත් උදව්වට නැත.
2. බලය ගැනීම සදහා සියලු පක්ෂ 
අඩු වැඩියෙන් ජාතිවාදය පතුරයි. 
ආගම් අන්තවාදය පතුරයි. 
ඉන්දියාව ගෝනි බිල්ලෙක් කරයි.
චීනය ගෝනි බිල්ලෙක් කරයි 
ඇමරිකාව ගෝනි බිල්ලෙක් කරයි.
ඕවායේ ඇත්තත් ඇත. බොරුවත් ඇත. 
ගත යුතු දෑත් ඇත. නොගත යුතු දෑත් ඇත.
3. ඒක නිසා පාලකයිනි ,
ඔයාලා රට සුප්පු කරලා බීව්වත් කමක් නැත.
4. ඒක නිසා පුරවැසියනි,
ඔයාලා ඕන විකටයෙක්, හොරෙක්, තක්කඩියෙක් තමන්ගෙ චන්දයෙන් පත් කර ගත්තත් කමක් නැත.
5. රට ඇතුලේ පක්ෂ පාට කල්ලි වලට බෙදිලා 
මරා ගත්තත් කමක් නැත.
6. හැබැයි වෙන රටක් එක්ක 
කොක්කක් දාගන්න යන එකනම් එකතු වෙලා වලකපල්ලා.
7. නැත්නම් පේනවනේ, දැන් යුක්රේනට වෙන දේ.
ගොඩනැගිලි සුන් බුන් විතරයි ඉතුරු වෙන්නේ.
8. හැබැයි උඹලයි, උඹලගේ පාලකයොයි එහෙම දේකටත් ලෑස්ති ඔලුව ඉදිමිච්ච ජාතියක් නම්, යුක්රේන් කාරයෝ ගරිල්ලා සටන් කරන විදියවත් ජනාධිපති උන්නැහැ කිව්වා වගේ සමීපව අධ්‍යයනය කරලා ඉගන ගනිල්ලා.
දැන් කෝමත් උඹලට 
පෝලිම් වල ඉදලා 
කලුවරේ ඉදලා 
වේලක් ඇර වේලක් කන්න 
ට්‍රේනින් එකක් දැමීම තියා හම්බ වෙන නිසා 
උඹලට ලොකු අමාරුවක් වෙන එකකුත් නෑ, 
චීනේ ඉන්දියාව විතරක් නෙමෙයි වෙන ග්‍රහලෝකයකින් ඇවිල්ලා ගැහුවත් ෆේස් කරන්න.
– නිලංග සමරසිංහ කල්පනා බරිතව .

Spread the love

Leave a Comment

You may also like