උණුසුම් පුවත්

පොලිස්පතිත්, නීතියත් දෙකම නිදි – පොලී එකතු කරන්න “පොලීසියක්……”

Spread the love

ශ්‍රී ලංකාවේ කිලිනොච්චිය ප්‍රදේශයේ තනි පුද්ගලයකු විසින් සිදු කරනු ලබන මිනිස් ඝාතන හා මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව සාධාරණයක් ඉටුවේද?  විශ්වමඩු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන වේලුපිල්ලෙයි කන්දසාමි නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයා වන ගිනි පොලි ජීවරාසා නමැත්තා ආරක්ෂා කළේ, අපරාධ වළක්වා යහපත් සමාජයක් ඇති කරන බවට ප්‍රතිඥා දී කාකි ඇදුමෙන් සැරසුනු කිලිනොච්චිය පොලිස් නිලධාරී රොහාන් රාජපක්ෂ බව ඔප්පු වී ඇත.
වේලුපිල්ලෙයි කන්දසාමි මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිය මුලුවනින්ම වළදමා හංගා දමා  බොහෝ කාලයක් ගතවී ඇත.  නීතිය වළදැමීම සඳහා ගිනි පොලී ජීවරාසා රු. ලක්ෂ 63 ක් පමණ මුදලක් TID POLICE රොහාන් රාජපක්ෂ නමැති කිලිනොච්චියේ පොලිස් නිලධාරිවරයාට ලබාදී ඇති බවට පහල ශ්‍රේණියේ පොලිස් නිලධාරියෙකු විසින් රහසේ තොරතුරු හෙළිකර ඇත.  කන්දසාමි මහතාගේ මරණය පිළිබඳ බොහෝ කාරණා හෙලිවූයේ නැත. ජීවරාසාගෙන් 11% ක ගිනි පොලියට මුදල් ලබාගෙන පොලී මුදල් ගෙවමින් සිටියේය.
 ඒ අතර පොලී මුදලක් ගෙවීමට දවස් දෙකක් ප්‍රමාද වීම හේතුවෙන් සිවිල් ඇදුමෙන් සැරසුනු කිලිනොච්චිය පොලිස් නිලධාරී නඩරාජාගේ, පහල ශ්‍රේණියේ නිලධාරියා ද සමඟ කන්දසාමිගේ වෙළඳසැලට ගිය අවස්ථාවේ ජීවරාසා කන්දසාමීට තර්ජනය කර තිබේ.  “පොලිය නොදුන්නොත් තෝ උස්සනවා තෝ ඒකට කැමතිද?  නැත්නම් තොගේ බිරිඳ මට දීලා පොලී මුදල අඩුකර ගන්නවාද? අද රෑ තීරණය කළ යුතුයි. මට එච්චරයි කියන්න තියෙන්නේ ” යනුවෙන් බිය වැද්දීමෙන් පසු පොලිස් නිලධාරියා හා ජීවරාසා එතැනින් මෝටර් බයිසිකලයකින් පිටත් වූහ. ජීවරාසා හා TID POLICE නිලධාරිවරයාගේ තර්ජනය කිරීමට බිය වී කන්දසාමි මරණයට පත්වුණා.  මෙම මරණයෙන් පසුවත් සාධාරණය ඉටු වූයේ නෑ.
 නීතියට පිටුපා කන්දසාමිගේ බිරිඳ හා දරුවන් පොලිස් නිලධාරියා හා ජීවරාසාගේ කණ්ඩායම විසින් විශ්වමඩු ප්‍රදේශයෙන් එළවා දමන ලදී.  මැරුණු පුද්ගලයාට ඉටුවිය යුතු සාධාරණය වළ දැමීමෙන් පසුවත් එම පවුල එම ස්ථානයේ ජීවත්වීමට නොහැකි තත්ත්වයකට පත්වුණා.  මේ වන විට කන්දසාමිගේ බිරිද හා දරුවන් ඉතා ශෝකයෙන් , කඳුලෙන් හා දරිද්‍රතාවයෙන් ජීවත් වෙති.  කන්දසාමි විශ්වමඩු ප්‍රදේශයේ ජුවලරියක් පවත්වාගෙන ගියා.  ඔහු ඉතා අහිංසක ගතිගුණවලින් හෙබි ඇති පුද්ගලයෙක්.  විශ්වමඩු මහා විද්‍යාලයේ සංවර්ධනයේ පුරෝගාමියා ලෙස කටයුතු කළ අයෙක්.  අද වන විටත් ගිනි පොලී මුදල් ගෙවීමට ප්‍රමාද වන අයව ජීවරාසාගේ පැමිණිල්ලට අනුව පොලිසියෙන් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඔවුන්ගේ වත්කම් හිමිකර ගනිමින් සිටිනවා.
ලෝක රටවල්වල ගිනි පොලී ක්‍රමයට මුදල් දීම නීතියෙන් තහනම් කර තිබෙනවා.  විශාල ආයෝජන කරන අය ආදායම් බදු ඇතුලු නොයෙකුත් බදු මුදල් ගෙවිය යුතුයි.  තවද ඒ සදහා අනුමැතිය ලබාගත යුතුයි.  
මෙවන් මූල්‍ය ක්‍රම නීතිරීතිවලට අනුව ජීවරාසා ක්‍රියා නොකළ බව මෑතකදී තොරතුරු හෙළි වී ඇත.  කෙසේ වෙතත් ජීවරාසා නීති විරෝධීව ක්‍රියා කිරීමට TID නිලධාරි රොහාන් රාජපක්ෂගේ සහය ඔහුට ලැබී තිබෙනවා.  ජීවරාසාගෙන් ලබාගෙන ඇති අල්ලස් සම්බන්ධයෙන් හා කන්දසාමි මහතාගේ මරණයට නිලධාරියාගේ සම්බන්ධකම් තිබෙන බවත්, කොළඹ TID, DIG උසස් නිලධාරිවරුන්ගේ අවධානයටද යොමුකරන ලදී.  ඒ අනුව රොහාන් රාජපක්ෂ ස්ථාන මාරු කරන ලදී.  නමුත් අසාධාරණයට ලක් වූ අයට සාධාරණයක් ඉටු වූයේ නෑ.  ජීවරාසාට මරණ දඩුවමක් ලැබුණෙත් නෑ.  ස්ථාන මාරුවකුත් නෑ.
 කිලිනොච්චිය අධිකරණයේ ජීවරාසා විසින් ගොනුකර ඇති ගිනි පොලී මුදල් නැවත අයකර ගැනීමේ නඩුව මේ වන විට 129 වතාවක් කැඳවා තිබෙනවා.  නමුත් නීති විරෝධි ලෙස පොලියට මුදල් දෙන ජීවරාසා පිළිබඳව තාම අධිකරණය දන්නේ නැද්ද?  නැත්නම් දැනගෙනත් ඔහුට දඩුවම් නොකරන්නේද?  බොහෝ දෙනෙක් පොලියට මුදල් අරගෙන කොටසක් ආපසු ගෙවූවද අත්අඩංගුවට පත් වී බන්ධනාගාර ගත වී සිටිනවා.  තවත් දින කිහිපයකින් ප්‍රබල ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට පත්වනු ඇතැයි ඉඟියක් පවතිනවා.  පොලියට මුදල් අරන් අත්තිකාරමට වඩා වැඩියෙන් පොලි මුදල් ගෙවා ඇතත් ඉන් මිදීමට නොහැකිව මේ වන විට 89 දෙනෙකු රටින් පිටවී අනාථයින්ට රැකවරණ ලබාදෙන විදේශ රටවල ජීවත්වෙති.  
ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් පත්‍රවලට TID DIG, TID POLICE, ජිවරාසාගේ ඡායාරූපය හා පොලියට මුදල් ලබාගත් රිසිට්පත් භාවිතා කරමින් සිටිති. ලෝකයේ අනාථ රැකවරණ ලබාදෙන බොහෝ රටවල්වල බොහෝ අය TID POLICE, හමුදා අකටයුතුකම් පෙන්වා එම රැකවරණ සඳහා ඉල්ලුම් කරති. ලෝකයේ, අනෙකුත් අය මෙල්ලකරන්නන්ගේ හා සාහසිකයින්ගේ හිංසා පීඩාවන්ට මුහුණ දීමට නොහැකිව රට හැර දමා විදේශගතවීම අළුත් දෙයක් නොවේ.  වන්නි යුද්ධයේදී මුල්ලිවයිකාල් හරහා පොලිතීන් බේගයක් සමඟ හමුදා පාලන ප්‍රදේශයට  ඇතුලු වූ ජීවරාසා  2009 වර්ෂයෙන් පසු කෝටි 19 ක මුදලක් ගිනි පොලියට ලබා දී තිබෙනවා.  එක් බත් වේලකටවත් වත්කමක් නොමැතිව සිටි මොහු දැන් වන්නි ප්‍රදේශයේ  රුපියල් කෝටි 3ක් පමණ වටිනා ඉන්ටකූලර් රථයෙන් ගමන් කරන්නෙකු බවට පත් සිටිනවා.
අදටත් මේ සියල්ලම කිලිනොච්චියේ දී එසේ සිදුවන්නේ පොලිස්පති වික්‍රමරත්න සහ නීතිය දෙකම නිදාගෙන නිසා බව කීමට සිදු වීමත් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකි.

 


Spread the love

Leave a Comment

You may also like