පාස්කු ප්‍රහාරයේ මිනිමරුවන් පිලිබදව නිසි විමර්ශනයක් නොකර හන්දිගානේ සිටින පුද්ගලයන් මහමොළකරුවන් ලෙසට රටේ ජනතාවට දිනපතාම හඳුන්වා දෙමින් කරන ගෝනි සෙල්ලමට විරුද්ධව අපරාධ වින්දිතයන් වෙනුවෙන් තමා ජාත්‍යන්තරයේ පිහිට පතන බව මේ වනවිට අගරද ගුරු මැල්කම් රංජිත් හිමිපානන් ප්‍රකාශ කිරීමත් සමගම වියරු වැටි ඇති ආණ්ඩුව දැන් කහ සිවුරේ පිහිට පතා ඇති බව අද සේනාධිපති එක්තරා හිමිනමකට දුන් දුරකථන ඇමතුමක නිසා ඒ බව හෙළිවිය.
සිරිල් ගාමිණි පියතුමාද පසුගියදා පුද්ගලික මාධ්‍යක් ඔස්සේ ස්ථිරවම පාස්කු වින්දිතයන් වෙනුවෙන් ජාත්‍යන්තරයට මෙය ගෙනයන බව පැවසීය. ඒ නිසාම පාස්කු ප්‍රහාරය සිදුකල උන් දැන් ගලේ පැහැරු බළලුන් සේ හතර අතේ දුවමින් ඊට පිලියම් සොයමින් සිටින බව අපට දැන ගැනීමට ලැබුණි. සේනාධිපති විසින් ජාත්‍යන්තර මිනීමරුවන්ලවා එංගලන්තයේදි දින 15 තුලදි ලංකා දවසේ කතුවරයා මරා දමන බවට වාසි බස් දොඩා ඇති බවත්, අපි රටේ ජනතාවට ලියා තබන්නේ මේ පුද්ගලයන් පිලිබදව ජනතාව දැන සිටිය යුතු නිසාමයි.
අස්ගිරියේ මල්වත්තේ හෝ රබර් වත්තේ කවුරු කොහොම කීවත්, මේ අහිංසකයන් මරා දැමීමට එරෙහිව ජාති, ආගම් භේදයකින් තොරව එක් වියයුතුය. මිනිමැරු රාජපක්ෂලා ,නිස්සංකලා ,සලේලා ,දේශබන්දුලා ගෙන් තවත් යුක්තියක් ඉටු කරගැනීමට කවරෙකු හෝ සිතනවා නම් ඔහුට හෝ ඇයට ඇත්තේ මානසික මානසික රෝගියෙකි.
දැන් කාදිනල් හිමියන් වතිකානුව හරහා එක්සත් ජාතීනගේ සංවිධානයට පාස්කු ප්‍රහාරය පිලිබදව දැනුවත් කරාවි යැයි මිනිමරුවන් ගැස්සී ඊට රාජපක්ෂලා වෙනුවෙන් සිටින කහකඩ ගණින්නාන්සේලා මුලට දමා ඉදිරි සතිය තුල කතෝලික පල්ලියට එරෙහිව උද්ගෝෂණ ගෙනයාමට සලේ සියළුම ඔත්තුකරුවන් ට මුදල් ගෙවා දැනුවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
ඒ නිසාම සේනාධිපති අද එකතරා ප්‍රකට භික්ෂුවකට මේ පිලිබදව කියා කාදිනල් උන්වහන්සේ ගේ ගමන සිංහල බෞද්ධයන් ලවා වලක්වාලීමට ඉදිරියේදි දැඩි උත්සහායක් ගන්නා බවටද වාර්තා වේ . එසේම විදෙස් රටවල සිටින නමට බෞද්ධ පල් හොරු ලවා ද කතෝලික හා සිංහල ලෙසට දෙකට බෙදා ඊට උද්ඝෝෂණයන් සංවිධානය වෙනු ඇත.
ලංකා දවස එදා දැරු මතයත් අදත් නැවත, නැවතත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ජුන්ටාවේන් කිසි දවසක යුක්තියක් ඉටු නොවන බව ය .