ලංකා දවසේ අපි කල ගවේෂණාත්මක පාස්කු විමර්ෂණය එකින් එක දැන් සත්‍ය වෙමින් ඇත.
පාස්කු ප්‍රහාරය පිලිබදව පත්කල ජනාධිපති කොමිසමේ ප්‍රධාන විමර්ෂණ නිලධාරියා වු එවකට ප්‍රධාන පොලිස් පරික්ෂක අර්ජුන මායින්කන්ද නැමති නිලධාරියා පුළුල් විමර්ෂණයක් කරන මුවාවෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හෝ වෙනත් කාගේ හෝ වුවමනාවක් ඉටුකරමින් මහපොලව නුහුලන තක්කඩි විමර්ෂණයක යෙදුනි.
ඔහු සිදු කල මේ බොරු තක්කඩි විමර්ෂණ්ය තුලින් සත්‍ය පාස්කු ප්‍රහාරකයන් හදුනා ගැනීමට ඇසු දුටු සාක්ෂි පමණක්නොව පරවේෂණ සාක්ෂි පවා වෙනස් කරමින් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම රටේ ජනතාවට අවිශ්වාසයක් ඇතිකරන තැනකට පත් කලේය. සත්‍ය යට ගැසීමට මායින්කන්දට ඇති වුවමනාව එදත් අපි ලිවේ මොහු පැනයාමට පෙරය .
ශ්‍රි ලංකාවේ ඉතාම වටිනා අපරාධ විමර්ෂකයන් සිටින බව ලිවිය යුතුමය. ඒත් අද ඒ සියල්ලම සිදුවන්නේ ජංගි සරත් ගේ උවමනාවට මිස ඇත්ත සත්‍ය සෙවීමට නොව .
පාස්කු ප්‍රධාන විමර්ෂකයා ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂක් මායින්කන්ද මේ පාස්කු ප්‍රහාරයේ සිටින එකම ජීවමාන සාක්ෂිය වන පුලස්තනිමහෙන්ද්‍ර නොහොත් සාරා ජස්මින් නැමැත්තිය යතුරු පැදියක නැග රැගෙන ගිය බවත් ඇයවරැගෙන ගියේ අක්කරපත්තු පොලිස් ස්ථානයේ රථවාහන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරික්ෂක අබුබකර් නැමති නිලධාරියා බවත් කියා විශාල මාධ්‍ය අවරණයක් ලබාදි පොලිස් පරික්ෂක් අබුබකරව අත් අඩංගුවට ගත්තේය.
ඉන්පසුව සාර ජස්මෙන් ඉන්දියාවට පලා ගියේ බොට්ටුඑවකින් බවට එත්තු ගන්වන සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කලේය. ප්‍රධාන පොලිස් පරික්ෂක අර්ජුන මායින්කන්ද මේ සියල්ලම සිදු කලේ ඔහු ගේ උවමනාවටද….? නොවෙසේනම් ඇත්ත පාස්කු ප්‍රහාරකයන් ගේ උවනනාවට දැයි…..? දැන ගත් හැක්කේ මායින්කන්ද නිලධාරියා ගෙන්මය.
පසුව රජය දිගින් දිගටම පුලස්ථනි මහේන්ද්‍ර ඉන්දියාවට පලා ගිය බව කියා කොලේ වැසීය. ඒත් අපි කල විමර්ශනයේදී සාක්ෂි සහිතවම කියා සිටියේ ඇය රැගෙන ගියේ එහි පැමිණි මුල්ම යුද හමුදා ජීප් රථය බවත්හමුදා කදවුරට ගෙන ගොස් ඇය මරා දැමු බවයි . පාස්කු නියම ඝාතකයන්ට සහරා බෝම්බයෙන් එම සයිදමරුදු වලදි මිය ගිය බවට DNA විමර්ශනයකින් තහවුරු කරලීමට සරත් වීරසේකර විශාල පරිශ්‍රමයක් දැරිය.DNA පරීක්ෂණය සිදුකළ සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහට දිනපතාම පාලිත සිරිවර්ධනලා දැඩි බලකිරීමක් කළේය.
එහෙත් සහකාර පොලිස් අධිකාරී සමන් වීරසිංහ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට වාර්තා කළේ . සයින්දමරුදු බෝම්බ පුපුරා ගිය සහරාන්ගේ නිවසේ මෘත ශරීර හෝ එහි තිබූ කිසිවකට සාරා නොහොත් පුලස්තිනී ගේ DNA සමග නොගැලපෙන බවයි.
ඒත් අවසානයේ සහකාර පොලිස් අධිකාරි සමන් වීරසිංහත් මංගල සමරවීර ,කිලී මහාරාජා සේම කොරෝනා වැළඳී …? පුච්චා අළු විය. ඒ සියල්ලම සියල්ල තුළින් නියම සත්‍ය යට ගිය බවක් පෙනී ගියේය. දැන් තවත් දින කිහිපයකින් උඩු යටිකුරු වී සහරා බෝම්බයෙන් එම සහරාන්ලා ගේ නිවස අසලදීම මිය ගිය බවට සුන්දර කතාවක් පාලිත සිරිවර්ධනලා, සරත් වීරසේකරලා ගොඩ නගමින් සිටින බව අපි සටන් කරන්නේ සත්‍ය එය නොවන නිසාය.
කෙසේවෙතත් වසර 02 ක් තිස්සේම රටේ නිතිය දේශපාලකයන් ගනිකා වෘත්තියේ යෙදවීමේ ආනිසන්ස විදීමට අද සිදුව ඇත්තේ අහිංසකමහජනයාට ය. ඊට ගොදුරු වු පොලිස් පරික්ෂක අබු බකර් තාමත් සිර මැදිරයක ලතවේමින් සිටී. අද මෙවනි තත්වයක් හෝ වුදා වුයේ අබු බකර් විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමට විරුද්ධව ගොනුකල මුලික අයිතිවාසිකම් පිලිබද නඩුව නිසාය. නැනම් අබු බකර් ටද කොරොනා වැලදීමට ඉඩ තිබුණි.
අපි මිට පෙරම ඒම සියල්ලම මුලින්ම කියා ඇත. ( එය පහත දිගුවෙන් කියවන්න ) දැන් වසර 02 කට වැඩි කාලයක් පොලිස් පරික්ෂක අබු බකර් සිරගතව සිටියත් පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය වෙනුවෙන් මේ තක්කඩි විමර්ෂකයා සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් කලේ ශ්‍රි ලංකාවේ ගොබ්බ පොලිස්පති විසිනි.පසුගිය දෙසැම්බර් 15 වන දින ඔහු විශ්‍රාම ගොස් ඇති බවද අප වෙත දැන ගැනීමට ඇත.
https://www.lankadawasa.com/wp-admin/post.php?post=13476&action=edit&lang=si
පොලිස්පති වරයෙකු මෙවනි අහිංසක තම නිලධාරියෙකු සිරගත කරනවා නම් රටේ නිවරදි ජනතාව කොපමන නම් සිරගෙවල් වල තපිනු ඇතැයිද ජනතාවට සැකයක් ඇති වීම සාධාරණය.
අද ශ්‍රි ලංකා පොලිස්පති සහමුලින්ම ක්‍රියා කරන්නේ රාජපක්ෂ ජුන්ටාවේ දේශපාලන උවමනාවන්ට බව කීමට තවත් සාක්ෂි කුමටද ? අපිට ඇති ගැටළුව සහකාර පොලිස් අධිකාරි මායින්කන්ද රටින් පැන්නාද….? පැන්නුවාද…….?