උණුසුම් පුවත්

රාජපක්ෂ ජුන්ටාවේ තවත් මෙහෙයුමක් පූජිත හේමසිරි නිදොස් කොට නිදහස් වී එළියට ප්‍රහාරය විමර්ශනය කළ රවි , ශානි ඇතුලට…..

Spread the love

මේ වනවිට චෝදනා ගනනාවක් ගොනුකොට ඇති හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  විරුද්ධව පාස්කු ප්‍රහාරයක් වලක්වා නොගනීම , ඇතුළු චෝදනා 100 කට වඩා එල්ලකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණයේ දැන් නඩු පවාරා ඇත.

පසු ගියදා සභාපති විනිසුරු නාමල් බළල්ල මහතා විවෘත අධිකරණයේදි කියා සිටියේ නිතිපති මෙවනි ආකාරයේ අසම්පූර්ණ චෝදනා ගොනු නොකොට නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් විහිළුවකට පත් නොකරන ලෙසය. ඒ උගත් විනිසුරුවරයා පිලිබදව අපි දනිමු ඔහු කිසිවකු ගේ වත් ඉත්තෙකු නොවන ඉතාම අවංක විනිසුරුවරයෙකු ලෙසට නම් දරා ඇති අයෙකි.

ඉදිරි සති කීපය තුලදි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාම නිදොස් කොට නිදහස් වෙනු ඇත. ඒත් පාස්කු ප්‍රහාරය පිලිබදව දැඩි හා සෘජු චෝදනාවලට ලක්ව සිටින මුලික විමර්ෂණ හා බැදුන පරවේෂණ සාක්ෂි සමඟ හෙලිවෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා මෛත්‍රිපාල සිරිසේන මෙන්ම ඒවක රාජ්‍ය බුද්ධි අංශයේ සිටි සුරෙෂ් සලේ ගෝඨාභය රාජපක්ෂ යනපාස්කු ප්‍රහාරය පිටිපස්ස කිසිවෙකු නොමැති බව පෙන්වීමට දැන් සූදානම් වේ.

මේ සියල්ල සමඟ බලයට පැමිණි ගෝඨාභය ආණ්ඩුව මෙයින් ගලවා ගැනීමට පාස්කු ප්‍රහාරය පිළිබඳව  විමර්ශනය කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර දෙදෙනාම බිල්ලට ගැනීමට දැන් මේ අපරාධකරුවන්ගේ සූදානම් වේ.

ඒ බව පසුගියදා කුලියාපිටි අධිකරණයේදී කරුණු දක්වමින් මෙම  නිලධාරීන් දෙදෙනා මීට වගකිව යුතු බවට පොලිස් අධිකාරිවරයා අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරිල් රන්ජන් ළමාහේවා පැවසීය

එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හා එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන දෙදෙනා සමඟ එම විමර්ෂණයන්ට සහාය වු පොලිස් නිලධාරින් 11 දෙනෙකු ඉදිරි දිනයක දී අත්අඩංගුවට ගෙන මෛත්‍රිලාට , සලේලාට හා නිලන්ත ජයවර්ධනලාව  සුදු පිරිවට අන් දෙනු ඇත.

මෙය මුළුමනින්ම සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම කෙරෙහිම රටේ ජනතාව තුල දැඩි සැකයක්, වෛරයක් ඇති කරවීමකි. එදා ශානිලා LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් වලින් අත් අඩංගුවට ගත් සියල්ලටම නඩු පවරා සාක්ෂි සහිතව අධිකරණයේදී වරදකරුවන් කළේය.

  මෙරට අමානුෂික ඝාතනයන් පිළිබඳවද , නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන වැනි මිනිමරු මංකොල්ලකරුවන්  පිළිබඳව ශානිලා, රවිලා කල විමර්ෂණයන් දැන් නැවත කරනවාද …….? යන්න තුලින් රටේ ජනතාවට සමස්ථ පොලිස් සංහතිය පිළිබඳවම බරපතල සැකයක් ඇතිවේ.එම විමර්ශනය පිළිබඳව මේ වන විට දැනට දඩුවම් විදින සිරකරුවන්ට ද  ආණ්ඩුව විසින් සැකයක් උපදවා ඇත. මෙය සමස්ථ අධිකරණ පද්ධතිය තුල මෙන්ම පොලිස් සංහතියට ද ගෝඨාභය ආණ්ඩුව සිදුකළ බරපතළ අපරාධයකි.

කෙසේ නමුත් ශානි හා රවි සිරකොට ජිනිවායාමට සුදානම් ආණ්ඩුවට මෙයම පාරාවලල්ලක් වන බවනම් අපිට සහතිකය.


Spread the love

Leave a Comment

You may also like