උණුසුම් පුවත්

විරුද්ධ දේශපාලනයට එරෙහිව තක්කඩි රාජපක්ෂ වරු ගේම⁣ට බසී සටන අනුරපුරයෙන් ඇරඹේ.

Spread the love

රටෙි පවතින ආර්ථික අර්බුදය සමග නන්න පෝල් වී සිටින රාජපක්ෂ තක්කඩියන් අළුත්ම සැළසුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වී තිබේ.මේ  ඔවුන් ගේ සූදානම මිල්ටෙරි නන්දසේන ඇතුළු පොදු ජන පෙරමුණ පිළිබඳව වර්තමානයේ පවතින ජනමතය කවර ආකාරයේද යන්න විමසා බැලීමටය.මේ වන විට මහ පොළවට කඩා පාත් වී නෝන්ඩි වී සිටින රාජපක්ෂ නොසන්ඩාලයන් තව දුරටත් සිය පවුල් පාලනය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනතාව ගොනාට අන්දන සෙප්පඩ විජ්ජාවන් හා සංදර්ශන පෙන්වන බව නිසැකය.මෙරට පවතින ආර්බුදය තමන්ගේ වාසියට කළමනාකරණය කරගැනීම සඳහා රාජපක්ෂ තක්කඩියන් ඕනෑම මිලක් ගෙවීමට සූදානම් වී සිටින බවද දකින්නට තිබේ.

2013 දී මෙරට වාර්තාගත දරිද්‍රතාව සියයට 15.4කි.2016වර්ෂයේදී එය සියයට 2.7කි.2017 වර්ෂයේදී දහ හත් ලක්ෂයක් වූ සමෘද්ධි පවුල් ප්‍රමාණය තක්කඩි රාජපක්ෂ වරුන්ගේ පාලන කාලය තුලදී විසි ලක්ෂයක් විය.නැති බැරි පවුල් විසි ලක්ෂයක් යනු ඡන්ද අසූ ලක්ෂයක් බව තක්කඩි රාජපක්ෂලා දනී.ඔවුන් සමෘද්ධි දිළිඳු කම විවිධ උපාය උපක්‍රම මගින් පවත්වා ගෙන යන්නේ මැතිවරණයකදී ජයග්‍රහණයේ නිලය ඇත්තේ එතැන නිසාය.නැති බැරි කම නිසා අසරණ වූ මේ සමෘද්ධි ලාභීන් රාජපක්ෂ තක්කඩියන් ගේ වහළුන්ය.
හෙට දවසේ අනුරාධපුරයේ පැවැත්වීමට සංවිධානය කරමින් තිබෙන පොදු ජන පෙරමුණේ රැස්වීමෙි අරමුන ඒ සමෘද්ධි වහළුන් පිස්සු වට්ටවා කිති කවා අවුස්සා  රාජපක්ෂ වන්දි භට්ට ගායනය නැවත අළුත් වටයකින් ඇරඹීමය. බැසිල් රාජපක්ෂ තක්කඩියා වැඩට බැස ඇත්තේ ඒ නිසාය.මේ තක්කඩියා ගේ සැළසුම විසි ලක්ෂයක් වූ සමෘද්ධියන් හට පූනක්කු පොවා ආණ්ඩුවට එරෙහිව පවතින ජනතා විරෝධය සමනය කිරීමය.
මේ සඳහා බැසිල් රාජපක්ෂ තක්කඩියා ගේ උපදෙස් මත මේ වන විට හාල් කන්ටේනර් දෙකක් අනුරාධපුරයට යවා ඇති බව අපට වාර්තා වී තිබේ.මෙම හාල් මළු  උතුරු මැද පලාතේ ග්‍රාම සේවා වසම් ආවරණය කරගනිමින් දිළිදු පවුල් වලට බෙදා දීමට සැලසුම් කර ඇත.එහෙත් මෙම හාල් මළු බෙදා දීමට සැලසුම් කොට තිබූ හොරොව්පතාන කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල ගොවි ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක වූ බවද කියවේ.එහෙත් මේ වන විට එම හාල්  සිවිල් ආරක්ෂයන් වෙත බෙදා දෙමින් හෙට පැවැත්වෙන පොදු ජන පෙරමුණේ රැස්වීමට පුද්ගල සහභාගිත්වයේ සංවිධාන කටයුතු  එම සිවිල් ආරක්ෂකයන් වෙත වගකීම පවරා ඇතැයිද  දැන ගැන්මට ඇත.    
මේ වන විට ⁣කසිප්පු ජොන්ස්ටන් ගේ අරක්කු ලොරි ගනනාවක් ද අනුරාධපුරය ගැවසේ.මෙම ලොරි වල අරක්කු විවිධ පාර්ශවයන් වෙත බෙදා හැරීමට පොදුජන පෙරමුණෙහි ක්‍රියාකාරී  චීවරධාරීන්ද සම්බන්ධ වී සිටීම විශේෂ සිදුවීමකි.අවස්ථාවාදී තක්කඩි රාජපක්ෂලා සිය බලය තහවුරු කර ගැනීම සඳහා චීවරය පාවඩයක් කර ගෙන ඇති බව මින් පැහැදිලිය.
හෙට දින පැවැත්වෙන මෙම රැස්වීම අති විශාල ජන සහභාගිත්වයකින් පැවැත්වීම බැසිල් රාජපක්ෂ තක්කඩියා සියළු කැප කිරීම් කරනු ඇත්තේය.ඒ වෙන කිසි⁣වක් නිසා නොව මෙරට ඉදිරි මැතිවරණ පවත්වනවාද නැද්ද යන්න කිරා මැන බලන්නේ මෙම රැස්වීමේ සාර්ථකත්වය මත නිසාය.

Spread the love

Leave a Comment

You may also like