උණුසුම් පුවත්

නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක  CI අබේරත්න ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කරුවන් ගේ ඉත්තෙක්. (ඡායාරූප සහිතයි )

Spread the love

වර්තමාන නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අබේ රත්න නැමති නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවෙන් එලවා දැමිය යුතු අයෙකි.

මෙවනි දුෂිත නිලධාරින් දෙපාර්තමේන්තුවත්, ආණ්ඩුවත් ජනතාව ගේ අප්‍රසාදයට පත් කරන පුද්ගලයන් බවට අප සතුව ඕනෑවටත් වඩා සාක්ෂි ඇත. මොහු තම පොලිස් වෘත්තිය ගෙනියන්නේ දේශපාලකයන් ගේ පිහිටෙනි.

ජාතික ජනබලවේගයට බිත්තර ගැසු පුද්ගලයන් එම සිද්ධිය කරන බවට නිට්ටඹුව මුලස්ථාන පොලිස් පරික්ෂකට නිස්සංක සේනාධිපති මුලින්ම කියා ඇත.  මේ වනවිට අපිට ඉතාම විශ්වාස වන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත්තේ අනුර දිසානායක මහතාට බිත්තර ප්‍රහාරය එල්ල කල අවස්ථාව වන විට මුලින්ම එය දැන දැනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති  හා සැකකරුවන් පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනීම පිලිබදව අත්තන ගල්ල පොලිස් අධිකාරිවරයා  විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බව අප වෙත වාර්තා වේ.

 (නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අබයරත්න සහ හෙරොයින් ජාවාරම්කරු මාළු තුෂාර සමඟපහත ඡායාරූපයේ )

 මෙම මුලස්ථාන පොලිස් පරික්ෂක් වරයා කියා ඇත්තේ….. ” මට බම්බු ගහන්නද …? නිස්සංක බොස් මට කීවා එවා ගනන් ගන්න එපා කියලා……” යනුවෙන් නිට්ටඹුව පොලිස් නිලධාරින්ට අද මොහු පම්පෝරි ගසා ඇත.

කව්ද මේ  HQI අබේරත්න…..
මොහු කලක් වරකාපොල පොලිස් ස්ථානයේ සිටි ස්ථානධිපතිවරයාය.  මෙම නිලාධාරියා නමගිය මත් කුඩු ජාවාරම් කරු “මාළු තුෂාර “ගේ ඉත්තකි ගේ ව්‍යාපාරික එක ඉත්තෙකි.

මොහු වරකාපොල සිටියදි පලාතම මත් කුඩු ජාවාරම් කරුවන් ගේ රජ දහනක් ව ඇත. මොහු සමඟ ඒවක වරකාපොල පොලිස් ස්ථානයේම සිටි කලක් අල්ලස් චෝදනාවට ලක්ව හා සිංගප්පුරුවේදි මුදල් සොරකමකට සම්බන්දව සිටි  CI රේණුක නැමති දැනටත් කොළඹ අධිකරණයේ නවු විභාග වෙන පුද්ගලයා සමඟ එකව මේ සියළු දුෂිත ක්‍රියාවන් සිදු කොට ඇත.

ඒත් කිසිදු උසස් නිලධාරියෙක් අබේරත්නට හෝ CI රේණුකට විරුද්ධව කිසිදු පියවරක් නොගෙන වලිගය දෙපරැන්දෙ ගසා සිටි. ඒ අබේරත්නගේ හා නිස්සංක සේනාධිපති ගේ සමීප සම්බන්ධය දන්න නිසාය.

මොහු පසු ගියදාක මාළු තුෂාර හා තවත් කීපදෙනෙකු  සමඟ කතරගම වන්දනාවේ ගියේය. එවනි පොලිස් ස්ථානාධිපතිවරයෙකු පිලිබදව විමර්ෂණයක් කරණවා වෙනුවට සිදුව ඇත්තේ ඔහුව තවත් උසස් ස්ථානයකට පත් කොට නිට්ටඹුව මුලස්ථාන පොලිස් පරික්ෂක ලෙසට ස්ථාන මාරු කිරීමය.

මෙම අබේ රත්න වැනි දුෂිත නිලධාරියෙක් ප්‍රදේශයේ නිතිය හා සාමය රකිමින් ජන ජීවිතය ආරක්ෂා කරනු ඇතැයි කවරෙකුට සිතිය හැකි ද ?

ඒ බව මනාව පෙන්නුම් කලේ පසුගියදා අනුර දිසානායක ජාතික ජනබල වේගයේ නායකයාට බිත්තර  ප්‍රහාරයක් එල්ල වන බවට තමා දැන දැනම එල්ල කිරීමට අනුබලයක් දුන් අයෙකි. මොහු එම සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැත. නිට්ටඹුව මුලස්ථාන පොලිසියේ දෛයිනික තොරතුරු පොතේ හෝ කිසිදු සටහනක් අදටත් නැත.එම සැකකරුවනට නිදහසේ වතුපිටි රෝහලෙන් පිටව යාමට ඉඩ සලසා තිබිණි.

මෙම HQI  අබේරත්න නැමති මාළු තුෂාරගේ මත් ද්‍රව්‍ය ව්‍යාපාරයට ආධාර අනුබල දෙන  නිලධාරින් යහපත් පොලිස් සේවාවක් වෙනුවෙන් සේවයෙන් පහ කළ යුතුය.


Spread the love

Leave a Comment

You may also like