ජනාධිපති ගෝඨාභය තම ධූරකාලය තුලදි ගත් ඉතාම හොදම තීන්දුවක් වුයේ ජන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමය. එම තීන්දුව සමඟම ඔහුට නව ජීවයක් ලැබී ඇත.
ඒ වෙනුවෙන් තමමංත්‍රි ආසනය ලබාදීමට හරින් ප්‍රනාන්දු මංත්‍රිවරයා පොරොන්දු විය. එයත් යම් තරමකට ආණ්ඩුවට ලැබෙන යම් අස්වැසිල්ලක් ද වී ඇත. හරින්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ තවත් කූට උපක්‍රමයක් වීමට ද වීමට ඉඩ ඇත.
යම් ආකාරයකට රන්ජන් පාර්ලිමෙන්තුවට පැමිණිය හොත් හරීන් තුලින් විපක්ෂයට ලැබෙන ජීවය අහිමිව යයි. හරීන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ උප්පරවැට්ටියක් වුවහොත් අනාගත දේශපාලනයේ හරීන් වැනි මංත්‍රිවරයෙකු රටේ අනාගතයට අහිමිවනවා නියතය.
මේ පිලිබදව විපක්ෂය දැඩි සේ කලපනාකලයුතු කරුණකි.
රන්ජන් පිලිගැනීමට අද දහවල් 1100ට වැලිකඩට ඒමට සංවිධායකයන් දැනුම් දී ඇත.