ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ට වඩා ඉතාමත්ම බලසම්පන්නම බව පසුගියදා පවිත්‍රා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත් කිරීමෙන්ම පෙනී යන බව අප වෙත වාර්තා වේ.
ඒ ලංකා ගමනා ගමන මංඩලයේ කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවීමේදි 2018 මිලම ගෙවන බැවින් නිෂ්පාදන පිරිවැය ඉතාම ඉහල මට්ටමකට යාම පිලිබදව පසු ගිය දා ප්‍රවාහන ඇමති පවිත්‍රා දේවි වන්නිආරච්චි සමග නිෂ්පාදකයන් සාකච්ඡාවක් පැවැත්විය. ලංකා ගමනා ගමන මංඩලයට සැපයුම් කරනු ලබන නිෂ්පාදකයන් එක හෙලා කියා ඇත්තේ තමන් ගේ නිෂ්පාදනයන් ලංගමට සැපයිම නතර කරන බවයි.
ඒ පිලිබදව පවිත්‍රා ඇමතිවරිය කියා ඇත්තේ 2018 මිල ගනන් යටතේ එම සැපයුම් මෙවරත් සිදු කරන ලෙසත් වහාම ඊළඟ කැබිනට් රැස්වීමට තමන් ගේ මෙම ඉල්ලීම පිලිබදව කැබිනට් පත්‍රයක් යොමුකරන බවට එකඟතවකින් සාර්ථකව රැස්වීම නිමවී තිබේ.
පසුව ඇමති පවිත්‍රා මේ පිලිබදව කැබිනට් සංදේශය ඇමති මංඩලයට යොමු කලත් කැබිනට් මංඩලය ඇමති පවිත්‍රා ගේ කැබිනට් පත්‍රිකාව ඉවත දමා ඇත්තේ කිංස්ලි රණවකගේ කීමටය. ගෝඨාභය ගේ ගජ මිතුරෙක් නිසා පවිත්‍රාට වඩා ගෝඨාට වටින්නේ කිංස්ලි රණවක සභාපතිය.ඒ පිටුපස සිටින්නේ දිලුම් අමුණුගම ය.
අද වනවිට පවිත්‍රා පොහොට්ටුවේ අවලංගු කාසියක් වී ඇති බවට තවත් සාක්ෂි කුමටදැයි අපේ තොරතුරුකරු පැවසීය. පවිත්‍රා ගේ පොරොන්දු දැන් ලංගමට භාණ්ඩ හා සේවා සපයන කොන්ත්‍රාත් කරුවන් පයිසෙකටවත් ගනන් ගන්නේ නැත. ඊට වඩා සභාපති දුෂිත කිංස්ලි රණවකට රාජපක්ෂලාගෙන් ලැබෙන සැලකිල්ල එමටය.
ලංගම සභාපති කිංස්ලි වැඩි පුරම කාලය ගතකරන්නෙ ජනාධිපති මංදිරයේය. දැන් පවිත්‍රාත් රාජපක්ෂලාගේ බත් පිඟානේ කරපිංචා බවට පත්ව තිබේ. පොහොට්ටු නිර්මාතෘ කරුවන්ට එසේ වීම ඉතාම කනගාටුදායකය.