පාස්කු බෝම්බ ප්‍රහාරයේ සුවිශේෂිත වැඩ කොටසක්සිදුකල නිස්සංක සේනාධිපතිට බිත්තර ගහන ඒක මහ වඩක් නොවන බව ඊයේ යක්කලදි කරලම පෙන්නුවේය.බිත්තරේ ට ලැබෙන රියැක්ෂන් එක බෝම්බෙට එන්නෙ කොයි පැත්තෙන් දැයි කියා පරීක්ෂාවකට මෙය කලාදැයි තවත් පැත්තකින් සිටිය හැකියි.
රාජපක්ෂ හමුදා ජුන්ටාව දේශපාලන නායකයින් ඝාතනය කිරීමටත් එයින් අනුර දිසානායක ගේ ජීවිතය විනාශ කරවීම සඳහා කටයුතු කරන බව අපි මීට පෙර අවස්ථා ගණනකදී ම පෙන්වා දී ඇත.
පාස්කු ප්‍රහාරයට පෙර සහරානලාට අවශ්‍ය සියළුම පුපුරණ ද්‍රව්‍ය ලෝරි දෙකකින් පානදුරේට රැගෙන ආවේ නිස්සංක ගේ විශ්‍රාමික කුලි හේවායන් බව අපි මීටපෙර දීර්ඝව ලියා තිබේ. නිස්සංක ගෝඨාභය හා දිලිත් ජයවීර යනු මෙරට බිහිව ඇති විනාශකාරි ත්‍රිශූලයකි.
ගෝඨාභය ජනාධිපති කරවීමට හා මෙම කොල්ල කල්ලියේ නඩු සියල්ලම ඉවත් කර ගැනීමට පාස්කු ප්‍රහාරය එල්ල කල බව දැන් රහසක් නොවේ. ගෝඨාට නිස්සංකත්, නිස්සංකට ගෝඨාත් නැතුවම බැරිය. ඒ දෙන්නම එක හැලියේ කාපු නිසාය. සලේ ගේ අනුග්‍රහයෙන් ලක්ෂ 90 ක් නිස්සංක පාස්කු ප්‍රහාරයට වියදම් කලේ පැහැදිලි ආයෝජනයක් බව දන්න නිසාය.
මෙරට පාතාලේ ප්‍රධානම ගෝඩ් ෆාදර් බිලියන පති නිස්සංකය. විශ්‍රාමික හමුදාපතිලාට ලක්ෂ 20-30 වැටුප් ගෙවීමට ලෝකයේ කිසිවෙක් ඉදිරිපත් නොවුනත් උන්ව නඩත්තු කරන්නේ මේ කළු සල්ලි ව්‍යාපරිකයා.
මුහුද මැද නැව් නතර කරගනිමින් සෝමාලියා කොල්ලකරුවන් බවට අඟවා කොල්ලකන කෝටි ගනන් සල්ලි හොයන මොහු අද හමුදාපති ලා මිලයට ගෙන අවසන් ය . ඒ හමුදාපතිලා ද නිස්සංක වටකරගෙන පශ්චාත්භාගය ලෙවකන්නේ අපූරුවටය. ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා හැර අනිත් බොහෝ දෙනෙක් සල්ලි ළඟ දණ නැමුවේ කිසිදු හිරිකිතයක් නැතුවය.
අනුරට බිත්තර ගැසීම අපි කිසි සේත් සුළු කොට තැකීමක් නොකරන්නේ ඒ නිසාය. එදා යහ පාලන කාලයේ වජිර අබේවර්ධනලා ,සාගලලා නිස්සංක එක්ක ඩීල් දමා මගුල් ගෙවලවලදි දුරකත ඇමතුම් ගත්ත ඒවා අපි නොදන්නවා නොවේ . ඒත් මොන ප්‍රශ්ණ තිබුණත් අනුර කොන්ද කෙලින් තියන් සිටීම නීතිගරුක පුරවැසියන් ගේ ගෞරවයට එදාත් ,අදත් හේතුවක් විය.
අනුරව මරාදැමීම හැර වෙනත් විකල්පයක් නැති බව දන්නේ නිස්සංක පමණක් නොව ,ගෝඨා උවත් සිටින්නේ ඒ මතයේය. අනුරව ඉතාම ආරක්ෂිත යැයි කියා කයිවාරු ගසන ජේවීපී නඩයට අපි කියන්නේ ගැහුව බිත්තරය බෝම්බයක් උනානම් අනුර අද නැත.
ඒ නිසා බෝම්බයක් ගසා හෝ රටේ 100 ක් මරා හෝ ගෝඨලා තවත් වසර ගනනාවක් මේ තුප්පැහි පාලනය ගෙනියන නිසාම විපක්ෂ සියල්ලම එකට එක් විය යුතුය . ප්‍රධානම හතුරා රාජපක්ෂ මාෆියාව මිස විපක්ෂයේ දේශපාලකයන් නොවන බව වත් අඩුම මතක තබාගෙන ක්‍රියා නොකලොත්, බැසිල් ජනාධිපති වී නාමල් ජනාධිපති වෙන තුරුත් ඔබලා කුලල් කා ගනිමින් ජනතාව නන්නත්තාර කරනු ඇත.

නිශ්ශංක නඩත්තු කරන කුලී හමුදාව ඉදිරියේදී තව තවත් වැඩ වලට බසින බව නම් කැට කියා අපිට කිව හැකිය.
එ නිසාම අනුරලා ,සජිත්ලා , චම්පිකලා, ෆොන්සේකලා , රාජිතලා මෛත්‍රිලා තමන් ගේ ආරක්ෂාව පිලිබදව දැඩි අවධානය යොමුකොට සිටීමට මේ බිත්තරයම පාඩමක් කියා දී ඇත.