උණුසුම් පුවත්

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා. – රවී කුමුදේශ්

Spread the love

වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට අත තියන්න ඉව අල්ලන ඇතැම් පාර්ශව වල මුට්ටිය දමා බැලීමක් විදිහට තමයි මේක අපි තේරුම් ගත යුතු වෙන්නේ.
වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ඇගේ අමාරුවට නෙවේ. ඇමතිවරුන්ගේ සහ දේශපාලන බළල් අත් විදිහට පත් කෙරෙන ඉහල පෙලේ නිළධාරීන්ගේ වගකීම ඉෂ්ඨ වෙනවානම් බොහෝ වැඩවර්ජන වලක්වා ගන්න පුළුවන්. ඒ නිසා රට හදන්න නීතී ගේනවානම්, මුලින්ම පාළකයන්ගේ වගවීම මැනලා සේවයෙන් පහ කරන්න පුළුවන් දර්ශක ගේන්න.
අලි සබ්‍රි ඇමති කියන්නේ ඡන්දයකින් ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් නෙවේ. වන්දිබට්ටකම් කරලා පාර්ලිමේන්තු ඇවිල්ලා, විශාල වගකීම් සහිත ඇමති තනතුරුවලට පත් වෙන එකත් ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න ඕනේ. මොකද එහෙම නොවන අය අහසින් පාත් වෙලා වගේ ඇමති වරු වුණාම ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද, සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතිය මොකද්ද කියලා නොදැන, රටේ පාලනය වැරදි පීලිවල යවනවා.
මේ ප්‍රකාශය ආණ්ඩුවේ අභිලාශය ගැන විශාල කථාවක් කියනවා. ඒක ආන්ඩුවේ මතය නෙවේනම්, වහාම ඒක නිවැරදි කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.

Spread the love

Leave a Comment

You may also like