නිරිඳුන් පෙර කළ පින්මය නැවණැති
සොබමන් රජ දැන් දැහැමෙනි නොපැවති
රජ දැන් කෝ මඳකුත් ගුණ බල ඇති
එලුවන්ගේ තන් කිරි බීමත් නැති
නුවණක් නැති මැතියන් පිරිවර කොට
උන්නා මිස මේ සිංහාසන පිට
සිත දළ ලොබ ඇති සිවලකු වට කොට
උන්නා වැනි සිවළෙකු නියරක් පිට
දැන් සැපතට ලොබ වූ සිතුවිල්ලකි
පින් පවු දෙක නොදකති ඌ කොල්ලෙකි
රජයයි යනු මිස ඌ පඬි කොල්ලකි
දඹදිව සැම නිරිඳුන්ගේ කෙල්ලකි
මෙලෙසින් බණිමින් බසින් නිදන් කොට
අසමින් ඉවසා ගොස් වැද රජ ගෙට
කියමින් දැම්මේ දොරගුළු එම විට
කිපෙමින් ලැව්වේ ගිණි කඳ රජ ගෙට
සළඹ සොරුගෙ අඹුු මොකද කියන්නේ
තනේ කඩා තට කවමි කියන්නේ
ඉඳුල් තනේ මගෙ කුමට තියන්නේ
කඩා අතට රන් තැටියෙ ගසන්නේ
ගැසු විට එම රට ගිනි ගෙන දන්නේ
බොරුවයි කී කෙනෙකුගෙ කට දන්නේ
පත්තිනි දෙවියන් බලේ මෙ තැන්නේ
මාළිගෙ දා ගොස් අළු ගොඩ වන්නේ
මඳකුත් අඩු නොව ලකුණු
මිහිඳුන් අත නොවැ වැකුණු
පයෝදර අතින් දකුණු
කඩමින් හඬ ලෙස අකුණු
පඬි රජුගේ වටින් පිටින්
නික්මෙයි ගිනි සලි පිටින්
නපුරු ඉසුරු කෙමද තුටින්
රජ මාලිග දැවී වැටින්
මේ පත්තිනි හෑල්ලේ කවි කිහිපයකි.
“…………..පත්තිනිගේ පා සළඹ අලෙවියට ගිය පාලම් කුමරු පඬි රට රජුගේ රාජ පුරුෂයන් අල්ලා ගත්තේ රජුගේ දේවියගේ පා සළඹ නැතිවී ඇතැයි චෝදනා කරමිනි.ඒ වන විට පඬි රජුගේ දේවියගේද පා සළඹ සොරු ගෙන ගොස් තිබුණි.පාලම් කුමරු අත තිබූ පාළඹ තමාගේ පා සළඹ නොවේ යැයි දේවිය ප්‍රකාශ කළාය.එහෙත් පඬි රජු ඒ අදහස් නොතකා පාලම් කුමරුගේ හිස ගසා දමා කොහොඹ ගසක් යට වල දමන ලෙසට නියෝග කළේය.තවද ඒ බව කිසිවෙකුට හෝ අතින් කීවොත් අත කපා දමන බවටද කටින් කීවොත් කට කපා දමන බවටද රාජ නියෝගයක්ද පැමිණවීය.
සිය සැමියා වූ පාලම් කුමරු පැමිණෙන තෙක් බලා සිටි පත්තිනිි දේවිය ඔහුට කරදරයක් වූ බවට ආරංචි ආවත් ඒ ආරංචි නොපිළිගත්තාය.අවසානයේ පත්තිනි දේවිය කාලි දාසිය සමග පඬි නුවර වෙත පිටත් වූවාය.දුෂ්කර ගමන් මගක් ගෙවූ ඔවුන් දෙදෙනට ගඟක් හමුවිනි.එහි සිටි පාරුකරුට කතා කළ තමන් එගොඩ කරන ලෙස පත්තිනි දේවිය ඉල්ලා සිටියාය.පාරුකරු එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය.එවිට තමා අතේ දමා තිබූ මැනික් ගල් අල්ලන ලද පේරස් මුද්ද ගලවා පත්තිනි දේවිය අධිෂ්ඨානයක් කළාය.ඒ මාගේ පතිවෘතාවේ බලය සත්‍යය නම් මේ ගඟ දෙබෑවී සුදු වැලි මතුවේවා යන්නය.මුද්ද ගලවා ගඟට විසි කළ පසු ක්ෂණයෙන්
ඒ ප්‍රාතිහාර්ය සිදුවිය.මතුවූ සුදු වැලි තලාවෙන් ගොඩ වූ පත්තිනි දේවිය ගඟෙන් තමන් එගොඩ නොකොට අපහාස කළ තොටියා ඔහුගේ පරම්පරාවට වඳුරු වසංගතයක් සෑදී විනාශ වේවායැයි ශාප කෙරුවාය.එය එසේම සිඳුවිය.මඟදී පත්තිනි දේවියට පඬි රජුගේ දරුවන් වූ කුඩා වුන් දෙදෙනෙකු මුණ ගැසිනි.ඒ දරුවන් පාලම් කුමරු සිය පියා විසින් මරා දැමූ බවත් එසේ මරා කොහොඹ
ගහක් යට වල දැමූ බවත් පත්තිනි දේවියට පැවසූහ.ඇය දැඩි කෝපයෙන් රජු හමුවට ගොස් තම සැමියා මරා දැමූ රජු ඇතුළු සියලුම දෙනා ලෙඩ රෝග සෑදී විනාශ විය යුතු බවට සාප කරන ලදුව ඒ ශාපය වැදීී පඬි රට විනාශ වී තිබේ…………”
ඒ අතීත පත්තිනියගේ කතාවය.අප අපගේ ජීවිත කාලයේදීද සිය සැමියා අහිමි වූ පත්තිනි මෑණීවරුන්ගේ අඳෝනාවන් අනන්තවත් අසා තිබේ. අසත්‍ය චෝදනා නගමින් සිය සැමියා සිර දඬුවමකට යටත් වීම නිසා හැඬූ බිරින්දෑවරුන්ගේ විලාපයද ඒ පත්තිනි අඳොනාවන් තුළ මුසු වී තිබෙන්නටද ඇත.චන්ද්‍රිකා බණ්ඩාරනායකද අනෝමා ෆොන්සේකාද පෝද්දල ජයන්ත ගේ බිරිඳද සිය සැමියා වෙනුවෙන් පත්තිනි කඳුළු සිය දෑස් තුළ රඳවා ගත් ගැහැනුන් විය.සිරිමාවෝ බණ්ඩාරනායකද මාධ්‍යවේදී ලසන්තගේ බිරිඳද පත්තිනි දේවිය ලෙසට අඳෝනා නැගූහ.වැලිකඩ හිරගෙදරදී මරා දැමූ බොහෝ දෙනෙකුගේ බිරින්දෑ වරුන්ද මේ පත්තිනි දේවී අඳෝනාව නගන්නට ඇත.යුද්දයේදී මිය බොහෝ දෙනෙකුගේ බිරින්දෑවරුද තවමත් පත්තිනි දේවිය දෑස් තුළ තිබි කඳුළු කැට සිය දෑස් තූල සඟවා ගෙන සිටින බවද අමතක කරන්න නොහැකිය.
ඒ සියළු අඳෝනා අතරින් ප්‍රබලව නැගී එන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ නඟමින් සිටින පත්තිනි දේවියගේ දුක්බර විලාපයයි.මේ වන විට ඒ හඬ සමාජය දැඩි ලෙස කම්පනයට පත් කරවමින් පැතිරී යමින් තිබේ.මේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුන් වී දහවන වසරයි. සන්ධ්‍යා තවමත් නිහඬ වී නැත ඇය විලාප නගන්නීය.තම සැමියා මරා දැමූවන්ට සාප කරන්නීය.ඇය වෙතින් සමාජය පුරා දොා්ංකාර දෙන්නේ පත්තිනි දේවියගේ දුක්බර විලාපයි.සන්ධ්‍යාගේ සාපය පත්තිනි දේවිය පඬි රට පඬි රජුට කළ සාපයේම දිගුවයි.
ප්‍රගීත් මරා දැමූවේ මිල්ටෙරි රාජපක්ෂ
ගේ දඩ බල්ලන් බව අපි දනිමු.සන්ධ්‍යා සාප කරන්නේද මේ මිනීමරු රාජපක්ෂවරුන්ට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.මිනීමරු රාජපක්ෂලා මේ හෝරාවේ සිටින්නේ තමන් සිදු කළ මෙලේච්ඡ ඝාතන පිළිබඳව කම්පනයෙනි.ඒ කම්පනයෙන් ගැලවීම සඳහා දිවා රෑ කට්ටඬියන් ගෙන්වා ඔවුන් ලවා ගුරුකම් ශාන්ති කර්ම කරගනිමින් සිටිති.ඥානා කාලී ගෙන් රතු නූල් බැඳ ගනිති.
සන්ධ්‍යා එක්නැලිගොඩ අද සිය සැමියා සිහිපත් කරමින් නවගමුව පත්තිනි මෑණී දේවාලයට ගොස් බාර හාර වී ඔහු මරා දැමූවන්ට සාප කෙරුවාය.ඔවුන් විනාශ වී යන්නට සාප කරමින් පොල් ගැසුවාය.ඉන්පසු ඇය මෝදර මහ භද්‍රකාලී කෝවිලට ගොස් කාලී මෑණියන්ට බාර හාර වී සිය හිසකේ කපා දමා දමන ලද්දීය.එහිදිත් ඇය මිනීමරුවන්ට සාප කොට පොල් ගැසුවාය. සිය සැමියාගේ
ඝාතනයට සාධාරණයක් වන තුරු මෙතැන් සිට ඇය කාලී දේව මෑණියන්ගේ සේවිකාවක ලෙස පෙනී සිටින බවට දිවුරුම් දුන්නාය.
මේ වර්තමාන පත්තිනියගේ අඳෝනාව ලෙහෙසියෙන් පහසුවෙන් ඉවර නොවන බව සහතිකය.ඇය විසින් සිදු කරමින් තිබෙන සාපයද සැහැල්ලුවෙන් ගණන් ගත යුතු නැත.සන්ධ්‍යා ඉල්ලා සිටින්නේ සිය සැමියා ඝාතනය කළ වුන්ට නීතියෙන් දඬුවම් පමුණවන ලෙසටය. ඇය පත්තිනි හා කාලී දේව මෑණීවරුන් ඉදිරියේ බැගෑපත් වෙන්නේ මෙරට නීතිය තුළින් සාධාරණයක් ඉටු නොවෙන නිසාය.
මේ ගැන අපට කියන්නට ඇත්තේ මෙපමණය.

