උණුසුම් පුවත්

අගමැති මහින්දට රහසේ සැත්කමක් කරලා.

Spread the love

මීට හෝරා කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නව ලෝක රෝහලේදී සැත්කමකට බඳුන් කළ බව වාර්තා වේ.

මෙම සැත්කම කළ ⁣වෛද්‍යවරයා වූයේ මුසල්මානු ජාතික ලෝක ප්‍රසිද්ධ   විකලාංඟ වෛද්‍ය විශේෂඥයකු  වේ.මෙම වෛද්‍ය වරයා කොඳු ඇට පෙළෙහි විකෘතිතා පිළිබඳ ප්‍රතිකාර කරන වෛද්‍ය ⁣විශේෂඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් අයෙකි.
මෙම වෛද්‍ය වරයාට ලන්ඩනයේ සිට අදාල සැත්කම සදහා  ලංකාවට පැමිණීමට  හා එම සැත්කම කිරීම සිදු වූයේ සුබ නැකතින් බව ලංකා දවසට වැඩි දුරටත් වාර්තා වී තිබේ.ඉතා රහසිගතව සිදු කළ මෙම සැත්කම මෙරට කිසිදු ජනමාධ්‍යකට මෙතෙක් අනාවරණය වී නැත.මෙම වෛද්‍යවරයා ලෝකයේ ඉහල මිල ගනන් අය කෙරෙන දක්ෂ වෛද්‍ය වරයෙකි.
සිය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා සැළසුමි සහගතව  ජාතිවාදී  අදහස් හා මතවාද රට පුරා ව්‍යාප්ත කරන රාජපක්ෂ පවුල සිය පෞද්ගලික අවශ්‍යතා සපුුුරා ගැනීමේදී  එම පටු අදහස් නොතකා කටයුතු කරන බවට  ⁣මෙම සිදුවීම ඉතා හොඳ සාක්ෂියකි.එලෙසම ⁣මෙම සැත්කම සඳහා කෝටි ගනනක මුදලක් වැය වූ බවද දැන ගැන්මට තිබේ.

Spread the love

Leave a Comment

You may also like