වෙනත්

ඡායාරූප ශිල්පී   සාගර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව ගේ කලිසම ගලවලා.

Spread the love

ජනාධිපති ගෝඨාභය තම ප්‍රතිරූපය මාධ්‍ය ඔස්සේ පුම්බා ගැනීමට සිතා විද්‍යුත් මාධ්‍ය වල සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජනාධිපති මාධ්‍ය ඒකකයට එක් කර ගත්තේ මීට කලකට පෙරය. 
 ඒ කලින් හිරු නාලිකාවේ සිට සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණවාහිණියට එක්වූ සුදේව හෙට්ටිආරච්චි හා සිරස මාධ්‍යයේ කිංස්ලි රත්නායකයි. 
සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කිංස්ලි මාධ්‍ය ප්‍රකාශක ලෙසත් බඳවා ගන්නා ලදී.
සුදේව ස්වර්ණවාහිනියෙන් අදටත් අස්වී නැති බවත් සුබාස්කරන්ගෙන් එම වැටුප ඒ ආකාරයෙන්ම ලබන බවත් තවමත් එහි වැඩ සටහන් පාලනය කරන බවත් කියන්නේ ස්වර්ණවාහිනියේ සේවකයන්මය.
නොබෝදා ස්වර්ණවාහිණියෙන් අස්වූ එහි නිවේදිකා හා නීතිඥ වරියක වන තිළිණි පෙරේරා තම අස්වීම ප්‍රකාශ කරමින් මේ බව තම මුහුණු පොතේ ලුණු ඇඹුල් සහිතව  සඳහන් කළේ සුදේවගේ කලිසමද ගලවා දමමිනි.
ජනාධිපති වරක් ජාතිය ඇමතීමේදී සුදේව එය නාඩගම් මඬුවක් කළේ ජනාධිපතිවරයා ජෝකරයෙකු බවට පත් කරමිනි.
කිංස්ලි ජනාධිපතිගේ ප්‍රතිරූපය නංවාලීමට වඩා කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමයි.
සුදේව යනු මාධ්‍යයේ යමක් කර පෙන්වූ වැඩ කාරයකු  නොවේ. එහෙත් තමන් මහා ඔස්තාර් කෙනෙකු යයි සිතන අලි ඔළුවෙකි.
වරක් ගෝඨා ඇමරිකාවේ කළ සංචාරයට යාමට තැත් කර නොහැකි වූ විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ වියදමින්   ඒ කාලයේම ක්‍රිකට් ලෝක කුසලාන තරග නැරඹීමට ඩුබායි වෙත ගොස් හොඳ ආතල් එකක් ගත්තේය. 
එහිදී එතනෝල් ජයලත්, අමිල අබේසේකර, නලින් අපෝන්සු යන ගජයන්  ඔහු සමග ඒ ආතල් වලට එක්ව ඇත.
ජනපති ළඟ සේවය කළත් සුබාස්කරන්ට ජනපති රහස් හොරෙන් ලබා දෙන සුදේව ව ජනපති මාධ්‍ය ඒකකයේ දෙපත් නයකු වන එක් අයකුට හැර අනික් කිසිවකුට දිරවන්නේ නැත.
හැමෝටම අලි ඔළුව පෙන්නන ඔහු ඊයේ(20) ජනපති මාධ්‍ය කාර්‍යාලය තුළදීම එහි ප්‍රධාන  ඡායාරූප ශිල්පී   සාගර ලක්මාල් සමග ඇර ගත්තේය. 
ජනපතිගේ ඡායාරූපක් ගැන සාගරට උගන්වන්නට ගිය සුදේව ඔහුට කුණුහරුපයෙන් බැණ ගහන්නට උත්සාහ කර ඇත.
මෙහිදී සුදේවට බිම දාගෙන ගහන්න තරම් ශක්තියක් ඇති අයකු වුවත් සාගර එතැනින් මග හැර ගොස් තිබේ.
ඒ සමගම සුදේව සාගර වෙනුවට වෙනත් අයකු ඡායාරූප ප්‍රධානි තනතුරට පත් කරන බවට ලිපියක් ලියා ඇත.
එහෙත් සාගර යනු ලංකාවේ අංක එකේ ඡායාරූප ශිල්පියකු හා ජනාධිපති විසින් කෙළින්ම පත් කරන ලද අයකු බැවින් ජනපති ගෝඨා වහාම මැදිහත් වී සාගරව නැවත එහි සේවයේ පිහිටුවා තිබේ.
මේ අනුව තම කාර්‍යාලය තුළම තමන්ගේ කලිසම ගලවා ගත් සුදේව තව දුරටත් එහිම සිටීවිද නැතහොත් තම නියම ස්වාමියා වන ලයිකා මොබයිල් සුබාස්කරන්ගේ ස්වර්ණවාහිණියටම යාවිද යන්න ඉදිරි දින කිහිපයේ සිදු වනු ඇතැයි ජනාධිපති කාර්‍යාලයේ කතා බහට ලක්ව තිබේ.

Spread the love

Leave a Comment

You may also like