හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව අද උදේ ඉතාම රහසිගතව ගෝඨාභය ජනාධිපති විසින් ගෙන්වා ගෙන තිබු බව අපට දැන ගැනීමට හැකි විය. ඒ හමුවීම කිසිවෙකුට රහසිගතව පැවතියත් එම හමුවෙන් පසුව මෛත්‍රිපාල මහතාට යක්ෂාරූඩ වී නිවසට පැමිණි බව අපවෙතට අදහස් දැක් වු අය පැවසීය……
“………….. මම ජනාධිපති කෙමේ ඉද්දි කතාකරපුවා නෙවේ දැන් ගෝඨාභය කියන්නේ එදා මට කීවේ ඔබතුමා ජනාධිපති විදිහට දිගටම ඉන්න මම අගමැතිවෙලා අපේ සංධාන ආණ්ඩුවක් ගෙනියමු .මේ යු.ඇන්.පිය. අයින් කරලා…….. එහෙමයි ඔය පාස්කු මරාලෙට කලින් කතා කලේ අද මට කියනවා කාදිනල් කෑගහනවා ඔබතුමා චුට්ටක් ඇතුලට ගිහින් ඉන්ටලු …….ඇයි අයිසේ මම යන්නේ….? මාව අත් අඩංගුවට ගන්නකන් ඉන්නේ…….. මම නැගිට්ටා එදා අපි කතා වෙච්චි දේවල් ඔබතුමා මතක් කරගන්නකෝ දැන් මම යනව කියලා,…… මෙයා ලා හිතන් ඉන්නේ මෛත්‍රිපාල කියන්නේ දේශපාලන ළදරුවෙක් එහෙම නැත්තං මෝඩයෙක් කියලා මං පෙන්නන්නම්කො ඉස්සරහට………”
“අපි ආණ්ඩුවෙන් යන්න ඕනි. ඒකයි මගේ තීරණය අදම කතා කරමු .අපේ කට්ටියත් එක්ක සේරමලා කැඳවන්න කෝ ….” . මට වෙලාවකට හිතෙනවා යහපාලනයේ කෑවෙ නැත්තං මුන් තාම හිරේ නේ ද………? අද උන් කියන්නේ මට ඉල්ලන් හිරේ යන්නළු ……. යයි මේ මෛත්‍රිපාල …..”
යනුවෙන් ඉතාම කලකිරීමෙන් පවසා ඇත. මේ වන විට මෛත්‍රිපාල මහතා ප්‍රමුඛ එම මංත්‍රිවරු සියල්ලම තමන් දරණ ඇමති තනතුරු වලින් හෙට ඉවත් වීමට තීරණය කෙරෙන තීරණාතමක සාකච්ඡාව අද රාත්‍රි මෛත්‍රිපාල මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.