උණුසුම් පුවත්

පාස්කුවේ බෝම්බ ශාපය රාජපක්ෂ පවුලට හෙනයක් වෙලා -නාමල් බැසිල්ට එළිපිටම ගහයි.

Spread the love

අහිංසක දෙමාපියන්ට දරුවනුත් ,දරුවනට දෙමාපියනුත්, බිරිදට ස්වාමියත් ස්වාමියාට බිරිදත් අහිමිකල පාස්කු බෝමබයේ ශාපය අද මැදමුලන කාලකන්ණි රාජපක්ෂ පවුලට හෙනයක් වී ඇති බව සමස්ථ ජාතියටම අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නේ ඒ පිලිබදව ඉතාම විශ්වාසවන්තම සාක්ෂි ඇතිවය.

පසු ගිය ඉරිදා රාජපක්ෂ පවුලේ ඇතිවී තිබෙන ආවුල්. වියවුල් ලිහා දැමීමට රාත්‍රි භෝජන සංග්‍රහයක් සුදානම් කලෝය. ඒත් වෙනදාට රාජපක්ෂවරු අතර ඉතාම කුඩා හෝ මත ගැටුමක් වුවත් පවුලේ කිසිවෙක් මානෙල්ට හෝ මහින්දට ඉහලින් වචනයක්වත් නොකියන්නේ එක් එක්කෙනාට ඇති තදබල ගෞරවය හා බැදීම නිසාය.  තමන්ට කුමණ අවාසියක් වුවත්, එම තීන්දු ,තීරණවලට ඉහලින් කිසිවෙක් කතා නොකලේය. ඒ තත්වය පැවතියේ මහින්ද රටේ නායකයා වු අවධියේය.

එසේම ගෝඨා ගේ පැමිණීමත් සමඟම රාජපක්ෂවරුන් ගේ බිරින්දෑවරු එකාට එකා නොරිස්ස්න නිසාම අද තත්වය රාජපක්ෂ පවුලට සුනාමියක් වී ඇත. ඉරිදා පැවති මැදමුලන කෑම මේසයට කිසිදු දැනුම් දීමක් නොමතිව ගෝඨාභය හා බැසිල් සහෝදරයන් පැමිණියේ නැත. ඊට ප්‍රධානම හේතුව නම් මහින්ද රාජපක්ෂ ගෝඨාභයට පසු ගිය වසරේ දෙසැම්බර් අවසානයේ දුන් පොරොන්දුව ඉටු නොකිරීම බවයි. තමා අසනීපව සිටින බැවින් බැසිල් මල්ලීට අගමැතිකම දීමට සිය කැමැත්තෙන්ම එකඟවී ඇත. ඒත් මහින්ද රාජපක්ෂ නොසිතු අකරතැබ්බයක් වීම නිසා ඒ පොරොන්දුව ඉටුකර ගැනීමට ඔහුට නොහැකි වී ඇත. ඒ යෝෂිත හා නාමල් අගමැතිකම දෙනවාට විරුද්ධ වී ඇත. ” එයාලා කරන දේ වලින් අපිට ආය  මේ මහපොලවේ දේශපාලනය කරන්න බෑ  ” යනුවෙන් මහින්ද ගේ ඒකමතික තීරණයට එක හෙලාම විරුද්ධ වී නාමල් කියා  ඇත.

මේ කිසිත් නොදන සිටි බැසිල් ඇමරිකාවේ සිට ලංකාවට පසු ගිය 03 වෙනිදා පැමිණියේ 06 වන දින අගමැති තනතුරේ දිවුරුම් දීමට රෙදි මැදගෙනය. බැසිල් ඒමට පෙර බැසිල් වාදි කසකරුවන් පෙරහැරට දමා බැසිල් පිරුවට මැදන් දිවුරුම් දීමට 06 වෙනිදා වෙනතුරු බලන් සිටියාය. ඒත් මහින්ද පසුදාම පුවත් පත් නිවේදනයක් නිකුත් කලේ අගමැති තනතුරින් ඉවත් වීමට තමා ගේ කිසිදු අදහසක් නොමති බවයි. ඒ සමඟම රාජපක්ෂ පවුලම දෙබෑවිය. මෙය සමස්ථ ජාතියේම වාසනාවකි.

අද වනවිට මහින්ද හා දරුවන්ද මහින්ද වාදින් සියල්ලම එක් ගොන්නකට වී ඇති අතරම ගෝඨාවාදි හා බැසිල්වාදින් තවත් පැත්තකට වී දැන් අවි අමෝරාගෙන සිටි.මේ නිසාම නාමල්රාජපක්ෂ අද ප්‍රසිද්ධියේම බැසිල් බාප්පාට එරෙහිව අවි අමෝරා ප්‍රසිද්ධ ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇත.

 පාස්කු ප්‍රහාරයක් එල්ලකොට ගෝඨාභය බලයට ගෙන ඒමේ ශාපයයි. ඒ අහිංසකයන් ගේ වේදනාව රාජපක්ෂලාට හෙණයක් නොවුණහොත් ලෝක ධර්මතවය බොරුවක් වනු ඇත.


Spread the love

Leave a Comment

You may also like