රට තුළ ආර්ථික අර්බුදයත් සමගම අමුතු අමුතු මාදිලියේ දේශපාලන ජවනිකා වෙිදිකා තුළ රඟ දැක්වෙමින් තිබේ.මෙහිදී වර්තමාන තත්වයට රට ඇද දැමූ බොහෝ පාරාජිකා දේශපාලන තක්කඩියන් මේ වන විට මං සුදනන් ලෙස පරාවර්තනය වීමට ප්‍රයත්නය දරන බව පෙනී යයි.ඒ අතරේ පෙරමුණේ සිටින්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කට්ට කයිරාටිකයාය.මේ මෛත්‍රීපාල සිරිසේන යනු කවරෙක්ද යන්න පිළිබඳව හොඳම චරිත සහතිකය ලියා ඇත්තේ මෙරට සිටි විශිෂ්ට ගනයේ පරිපාලන නිළධාරියකු වූ ලයනල් ප්‍රනාන්දුය.මේ ලයනල් ප්‍රනාන්දු මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගේ කාලයේදී ජනාධිපති කාර්යාලයේ රැකියාවෙන් අස්වීමෙන් පසු සිදු කළ පුවත් පත් සාකච්ඡාවකදී මෙලෙස පවසා තිබුණි.
“….මට තේරුම් ගියා ඔහු උමතුවෙන් පිරුණු ප්‍රධානියෙක් කියල.2018 ඔක්තෝම්බර් 26වෙනිද ඒ උමතුව උච්චස්ථානයකට පත්වුන අවස්ථාවකට සති දෙකකට පෙර මම තනතුරෙන් ඉල්ලා අස්වුනා.මගේ ජීවිතයට මට මේ වගේ ප්‍රධානයෙක් මුණ ගැහිල නෑ.මට පමණක් නොවෙයි එතැන රාජකාරි කරපු බෙහෝ දෙනෙක්ට සැළකුවෙ නරක විදියට .ඒ නිසා මම ඉවත්වෙන්න තීරණය කළා.ඒත් මට කළකිරීමක් තිබුණෙ නෑ. එහෙම නොවෙන්න තරම් මට අත්දැකීම් තිබුණා.එහෙත් කෙනෙක් තමන්ට කාලයක් තිස්සේ සේවය කරල යන කොට තේ එකක් නුදුන්නත් ටිකක් කතා කරන්න පුළුවන් වෙන්න එපායැ.මම වෙලාවක් ඉල්ලගෙන ඔහුව මුණගැසුනා.සර් මම අස්වෙනවා.කිව්වා එච්චරයි.එයත් එහෙමම හිටියා.මාත් එහෙමම නැගිටල එළියට ආවා.නිල වාහනය බාර දුන්නා. පයින් ඇවිදගෙන මහ බැංකුව පැත්තට ගියා.අවුරුදු පනස් අටක රාජ්‍ය සේවය අවසන් කරමින් ත්‍රී වීල් එකක් අරගෙන කෝට්ටෙට ආවා.ත්‍රී වීලි එකට රුපියල් තඅන්සිය පනහක් ගෙව්වා.මම මුලින්ම ඩිිආර්ඔි කෙනෙක් විදියට ලබපු වැටුපත් රුපියල් තුන්සිය පනහයි…”
පරිපාලන සේවයේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති ලයනල් ප්‍රනාන්දු නම් විශිෂ්ටයා ලබා දී ඇති මේ චරිත සහතිකයේ ඇති “ඔහු උමතුවෙන් පිරුණු ප්‍රධානියෙක් “යැයි ඇති සඳහනම මෛත්‍රීපාල සිරිසේන නම් තක්කඩියාගේ රෙදි ගලවා දමන්නට හොඳටම ඇතිය.ඒත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරමින් රට පුරා ගොස් පුරසාරම් පුරාජේරු කයිවාරු ඇදබාන මේ තක්කඩියා නැවත මේ රටේ වීරයා වන්නට දරන ප්‍රයත්නය ගැන අපට නම් ඇත්තේ වෙනම කියවීමකි.
සිරිමා බණ්ඩාර නායක ආණ්ඩුවේ පොළොන්නරුව මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ බේබද්දකු බවට පත් කොට පොළොන්නරුවේ ශ්‍රීලනිප දේශපාලන
බලය උදුරාගත් මේ තක්කඩි උන්දෑ එදා සිටම අද දක්වාම ජනතාව රවටන්නේ වාචාල කතාවෙනි.චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කර මතින් යහපාලන ආණ්ඩුවේ ජනපති පදවියට පත්වූ සිරිසේන ගේ කෙළෙහි ගුණයක් නැති කම පසුකාලීනව චන්ද්‍රිකා කෙරෙහි දැක්වූ නොසැළකිල්ලෙන්ම තේරුම් ගත හැකිය.එපමනක්ද නොවේ මාදුළුවාවේ සෝභිත හිමියන් කෙරෙහිද දැක්වූයේ එවැනිම නොසළකා හැරීමකි. සෝභිත හිමියන් අසනීප වීමට හේතු වූයේද මේ තක්කඩියාගේ නොසන්ඩාල ක්‍රියාකළාපය බව කියවේ. යහපාලන ආණ්ඩුවේ ජනපති තනතුරේ සිටින තාක් කාල් මේ තක්කඩියා කළ කුමන්ත්‍රණ තවමත් සමාජයට අනාවරණය වී නැත.
අප්පා ඔසවා තැබීමට මහජන මුදලින් පොත් අච්චු ගැසූ සිරිසේනගේ දියණිය වූ චතුරිකා විසින් යහපාලන ආණ්ඩු කාලයේදී සිදු කළ මගෝඩි ජාවාරම්ද කෙළවරක් නැත.ඒ දිනවල රජයේ ආයතන වල සියළු ප්‍රචාරක කටයුතු වලට මැදිහත් වෙමින් ඒවායින් හම්බ කරන් කෑවේ මේ චතුරිකා හාමුය.
හමුදාපති ශවේන්ද්‍රගේ හොර අඹුවද වූ චතුරිකා සිරිසේන ගේ මැදිහත් වීම නිසා ශවේන්ද්‍රගේ හමුදාපති ධූරය අවුරුදු අඛන්ඩව අවුරුදු දෙකකට දීර්ඝ කරන ලද බවද කොයි කවුරුත් නොදැන සිටියාට අපි දනිමු.මෛත්‍රීපාල සිරිසේන සිය ජනපති බලතල යොදා මෙලෙස හමුදාපති ශවේන්ද්‍රට දුන් සේවා දිගුව හමුදා ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූවකි.එය හමුදාපති වරයකුගේ සේවා දිගු කිරීමේ සම්ප්‍රදාය නොතකා සිඳු කළ අනීතික කාර්යයකි.
අද මිල්ටෙරි නන්දසේනට එරෙහිව අවි ඔසවාගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන
යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හා පැටලුනේද සිය තක්කඩි කෙරුවාව වසන් කර ගැනීමටය.අමුතුම හීනමානයකින් ජීවත්වන සිරිසේන නිතරම කුමන්ත්‍රණකාරී සැලසුමකින් සිය පැවැත්ම තහවුරු කර ගන්නා ජාතියේ අපත භාණ්ඩයකි.මේ තක්කඩියා ටෙලිකොම් සභාපති කම සිය සහෝදරයාට දුන්නේද අනුන්ට වැදි බණ දේශනා කරමිනි.රාජගිරියේ පිහිටි සබීතාගේ බිල්ඩිම කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කෝටි ගනනකට බදු ගැනීමට ඉඩ හැරියේද ඒ දූෂිත ගනුදෙනුව ගැන මෙි මෛත්‍රීපාල සිරිසේන කටේ කෙල බිඳුවක් නොහෙළුවේ සෙල්ලක්කාර දුමින්ද දිසානායකගෙන් තම පුත්‍රයාට ලැබුණ කොමිස් මුදල් තොගය නිසාය.
සිය කැමැත්තෙන් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ රවී……….
යහපාලන ජනපතිවරණයේදී විදේශයකින් ලැබුණ ඩොලර් මිලයන හැත්තෑවක මුදල් තොගය රහස් පොලීසිය මගින් සිය පුත්‍රයා වූ දහම් විවාහ වීමට නියමිතව තිබූ තරුණියගේ ඇල්කාඩෝ නිවසේ තිබී අත් අඩංගුවට ගෙන අධිකරණය මගින් මහ බැංකුවේ රඳවන ලදී.මෛත්‍රීපාල සිරිසේන ජනපති තනතුරට පත්වූ විගස එම මුදල් තොගය නිදහස් කරන ලෙසට මුදල් ඇමති රවි කරුණානායක වෙත බලපෑම් කරන ලදී.එහිදී මුදල් ඇමතිවරයා වශයෙන් තමාට මහ බැංකුවට බලපෑම් කරන්නට නොහැකි බව ඔහු විසින් ජනපති වරයා දැනුුවත් කෙරිණි.ජනපති සිරිසේන රවි කරුණායක හා අගමැති රනිල් වික්‍රමසිංහ සමග මුල්ම ආරවුල ඇති කරගන්නා ලද්දේ මෙම මුදල් තොගය සම්බන්ධයෙනි. බැඳුම්කර සිද්ධිය මුල් කරගෙන රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා ඉල්ලා අස්වන බව කියා ඉල්ලා අස් වුවත්, කිසිදු අවස්ථාවක දී මෛත්‍රිපාල සිරිසේන ඉවත් නොකළා පමණක් නොව අඩුම තරමින් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස ඉල්ලීමක් වත් සිදුකර නැති බව මුළු රටම දන්නා සිද්ධියකි. පසුකාලයකදී මෙම ඩොලර් තොගය සිය සන්තකයට ගැනීමට මෛත්‍රීපාල සමත් විය.අධිකරණ දේපොලක් වශයෙන් තිබූ ඩොලර් තොගය වංචා කාරීව සිය සන්තකයට ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට වැලිකඩ ජමිපරය ඇන්දවීමට හැකියාවක් තිබුනද මිලිටෙරි නන්දසේන ඒ ගැන වගේ වගක් නැතුව සිටින්නේ දෙගොල්ලන් ලුණු කෑවේ එක මල්ලේ නිසා බව පැහැදිලිය.දෙපාර්ශවය එකතුව සිදු කළ පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය අනාවරණය වීම වැලැක්වීම සඳහා මේ දෙපාර්ශවය නොනිල ගිවිසුමකට බැඳී සිටින බව ඉන් අපට වැටහේ.වර්තමානයේදී සිරිසේන දේශපාලන නාඩගමක වීරයා ලෙස අඳින්නේ මෙම ගිවිසුමට යටත්ව මිස වෙනත් කාරණයක් අදාල කරගෙන නොවේ. දැන් සිරිසේන අඳින්න හදන්නේ ජාතියේ ගැලවුම් කාරයා ගේ චරිතටය.කල් ඉකුත් වූ භාණ්ඩයක් මේ වාහේට නැවත රටේ පාලන බලය දෙනවාට වඩා රාජපක්ෂ පවුල බලයේ ඉන්න එක හොඳය.
ටොම් පචයා…………
පාස්කු ප්‍රහාරයේ නිර්මාතෘ වරයා…….
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තර කරුවකු ලෙස සැළකිය හැකි මෛත්‍රීපාල යහපාලනයේ අවසන් භාගයේදී මිල්ටෙරි නන්දසේන හා සෘජුවම ගණුදෙනු කළ බවට සාක්ෂි ඔිනෑ තරම් තිබේ.2017 වර්ෂයේදී මාර්තු මාසයේ දී සිදුවූ කාතන්කුඩි ආරවුලක් සමිබන්ධයෙන් සහරාන් චුදිතයකු වී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව පොලීසිය ඕනෑකමින් පැහැර ඇර ඇති බව එහාදී සිද්ධ වූ සිද්ධි දාමය විමර්ශනය කරන කෙනෙකුට නිශ්චය කර ගත හැකිය.කෙසේවෙතත් සහරාන් හැර මඩකලපුව උසාවියට ඉදිරිපත් කෙරුණ අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන් 2017අප්‍රේල් මාසයේ 7වෙනිදා නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙනී සිටි අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ දැනට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු වන ප්‍රේමනාත් දොළවත්තය.මේ නීතිඥ වරු දෙදෙනාගේ සහභාගිත්වය ඉතා අරුම පුදුම සිදුවීමක් ලෙස සැළකිය හැකිය.ඒ ලංකාවේ කෙළඹට දුර ඈත ප්‍රදේශයක කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් ප්‍රාථමික අධිකරණයේ ඇරඹෙන නඩු කටයුත්තකදී විත්තිකාර හා පැමිණිලි පාර්ශව වෙනුවෙන් පෙනී සිටීමට මඩකලපුවට කොළඹින් නීතිඥ වරු පැමිණීමය.එසේ පැමිණි මෙම නීතිඥ වරු දෙදෙනාම සෘජු දේශපාලන සම්බන්ධතා ඇති නීතිඥ වරුන් වූහ.මින් නීතිඥ මෛත්‍රී ගුණරත්න ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අත කොළුවක් වූ අතර නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මිල්ටෙරි නන්දසේන ගේ ඔඩොක්කු කුක්කෙක් විය.මෙරට සාමන්‍යයෙන් ප්‍රාථමික අධිකරණය තුළදී ඇරඹෙන නඩු කටයුත්තකදී පැමිණිලි පාර්ශය වෙනුවෙන් පෙනී සිටින්නේ පොලීසියයි.එහෙත් මෙහිදී සිද්ධ වී ඇති නීතිඥ සහභාගිත්වයන් පිළිබඳව සැක සංකා මතුවේ.
මෛත්‍රීපාල හා මිල්ටෙරි නන්දසේන ගේ පාස්කු බෝම්බ කුමන්ත්‍රණයේ පළමු අදියරන්හීදී සිද්ධ වූ මෙම සිදුවීම් ඉතා සැළසුම් සහගතව සිද්ධ වූ කාරණා ලෙස සැළකිය හැක්කේය. කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සඳහා ලබා දුන් දායකත්වයට හිමි වූ මුදල රුපියල් කෝටි දහනවයකි.මෙම ගනුදෙනුව චතුරිකාගේ නපුංසක සැමියා මැදිහත්ව සිදුවූ බවත් එය සිංගප්පූරු වේදී සිදූවූ බවටත් මේ වන විට අනාවරණය වී තිබේ.
පාස්කු ප්‍රහාරය සඳහා මිල්ටෙරි නන්දසේන ට ලබා දුන් සහයෝගය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට දිනා ගත් ජිම්කානාවේ මුදල් තොගය සඟවන ලද්දේ ඉන්දික සමරසිංහ හෙවත් ජපන් ඉන්දික ගේ ගිනුම් වල බව අපට අනාවරණය වී ඇත.මේ ජපන් ඉන්දික ජීවත්වූයේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේය.සිය හොර අඹුව වූ අනුරාධා ජයවික්‍රම හා සිරිසේන පෙම් කෙළින්නට යන්නේ මේ නිවසටය.
ඉන්දික විසින් සැපයූ පිම්පි සේවාවට සිරිසේන විසින් ඔහු වෙත අනුග්‍රහය දැක්වූයේ මෙරට විද්‍යුත් සංඛ්‍යාත නොමිලයේම ප්‍රදානය කරමිනි. ජපන් ඉන්දික තමන්ට නොමිලයේ ලැබුණ මෙම විද්‍යුත් සංඛ්‍යාත රාජපක්ෂ පුත්‍රයන්ට රුපියල් කෝටි විස්සකට ආසන්න මුදලකට විකුණන ලදී.
අතන, මෙතන ,ලගින රතන……….
සිරිසේන නම් මේ පඟරනැට්ටා ජනපති පදවියේ බලය අයුතු ලෙස යොදවාගනිමින් සිදු කළ ඔය ආකාරයේ දූෂිත ගනුදෙනු කෙළවරක් නැත.රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පිය ගැට පෙළ මතදී 2005 ජුනි 30වනදා ඉවෝන් ජොන්සන් නැමති තරුණිය ගෙල සිර කොට හිස පොළවේ ගසා ඝාතනය කිරීමෙි චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ජයමහට 2012 වසරේදී කොළඹ මහාධිකරණය මගින් දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.මෙම තීන්දුවට එරෙහිව පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලූ අභියාචනාධිකරණය විත්තිකරුට මරණ දඬුවම දෙන ලදී.පසුව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ අතර එහිදීද මරණ දඩුවම ස්ථිර කරමින් තීන්දුවක් ලැබිණි.මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක් ලෙස සැළකේ.ඒ මහාධිකරණයට පමනක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම පැමිණිවිය හැකි බවට මෙරට නීති ඉතිහාසයේ පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය.
ජනපති සිරිසේන මේ විත්තිකරුට සමාව දී නිදහස් කිරීම පිළිබඳව විශාල සමාජ කතිකාවක් ඇරඹුන අතර එහිදී සිරිසේන සමාජයට වග උත්තර බැන්දේ මරණ දඩුවම හිමි වූ ජූඩ් ශ්‍රමන්ත යහපත් කල් කිරියාවෙන් හිර ගෙදර කාලය ගත කර ඇති නිසා ජනපති සමාව දෙන බවය.එය එසේ සිදු වූයේ නම් ඉතා කෙටි කාලයක් හිර ගෙදර සිටි මෙම සිරකරුට වඩා මරණ දඬුවමට ලක්ව ජීවිත සමාව ලැබී යහපත් කල් කිරියාවෙන් හිරගෙදර දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටින නේවාසිකයන් ගණන දාහකට ආසන්න විය. මේ නේවාසිකයන් ගැන අනුකම්පාවක් අවධානයක් යොමු නොකළ සිරිසේන ජූඩ් ශ්‍රමන්ත පිළිබඳව කිඹුල් කදුළු හෙලා ඔහු නිදහස් කිරීමත් අතර පැවැති හිදැස වැසුනේ අතන මෙතන රතන විසින් සම්බන්ධීකරණය කළ මිලියන ගනනක යටි බිම්ගත ගණුදෙනුවකිනි.
සිරිසේන ජනපති කාලයේ දත මිටි කෑවේ හෙරෝයින් ජාවරම් කරුවන් එල්ලා මරන්ටය.මේ දැඟලිල්ල තුළද යම් අරමුණක් තිබෙන්නට ඇතැයි අපට මෙි වන විට සැකයක් මතු වී තිබේ.ඒ හොරොයින් ජාවරම්කරුවන් අතර ඉදිරිපෙළ සිටින ලන්සා ගේ සොහොයුරා විසින් ගෙන ආ මිලියන ගණනක නෝට්ටු තොගයක් ඇතුළත් පෙට්ටියක් කිසිම හිරි කිතයක් නැතුව විජේරාම පාරේ නිවසේදී බාර ගැනීමට සිරිසේන කටයුතු කළ බව එම අවස්ථාවේ එහි සිටි මූලාශ්‍රයකින් අප හට හෙළිවී තිබීම නිසාය.
වර්තමානයේදී වීරයා මමයි වේදිකාවේ ප්‍රධාන නළුවා වෙන්නට නළියන්නේ මෙන්න මේ තක්කඩි සිරිසේනය. මිල්ටෙරි නන්දසේනට විධායක බලය අමු අමුවේ පංගාර්තු කළ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූයේ නැති බවට මේ සිරිසේන දැන් කයිවාරු කෙලිමින් සිටී.එහෙත් ඒ සඳහා අත එසවීමෙන් තුනෙන් දෙකේ බලයට මඟ පාදා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ ඔඩොක්කු කුක්කන් බව මෙි පිසාචයාට දැන් අමතකය.ව්‍යවස්ථා විරෝධීව යහපාලනය අවුලක් කොට රාජපක්ෂ කාලකණ්නියන්ට බලය පැවරූ හැටි මේ උන්දෑ ගේ මතකයේ ඇත්තේම නැත.
සිරිසේනයා ජනපති කාලයේදී බැඳ ගෙන සිටි සත්තු කිහිප දෙනෙකුද ඔහු විසින්ම බැඳ සිටි කඹයෙන් ලිහා දමා තිබේ.ඒ ශිරාල් ලක්තිලක රජිත් කීර්ති තෙන්නකෝන් හා මෛත්‍රී ගුණරත්න වැන්නවුන්ය.යහපාලනය චොර කළ මේ තක්කඩියන් දැන් ගැවසෙන්නේ රාජපක්ෂලා හා ජන්මාන්තර අමනාප නායකයන් පසුපසය.මෙම පිල්ලි වල අවශ්‍යතාව සිරිසේන නැවත ඉහළට ඔසවා තැබීම බවද ඔවුන් දැන් ක්‍රියාත්මක වී සිටින්නේ එම කුමන්ත්‍රණ කාරී සැළසුම තුළ බවටද අපට බොහෝ තොරතුරු ලැබී තිබේ.විපක්ෂයේ සටන්කාමිත්වය මොට කරමින් විපක්ෂයේ නායක කාරකාදීන් අතර ආරවුල් ඇති කොට සිරිසේන ගේ ගමන් මග එළි පෙහෙළි කිරීම මේ තක්කඩි ගල් මූසලයන්ගේ ගේ සැඟවුන අරමුණ වී තිබේ.සිරිසේන හා ඔහුගේ කල වැද්දන් රැළ හිතාගෙන ඉන්නේ මේ රටේ ඡන්දදායන් යනු අමු ගොන් වස්සන් බවය.
කෙසේ වෙතත් සිරිසේන යනු ගෝඨා සේ උමතුවෙන් පිරුණු ප්‍රධානියෙක්ය, යන්න සඳහන් කරමින් ලයනල් ප්‍රනාන්දු නම් කෘතහස්ත පරිපාලන නිළධාරියා ලියු චරිත සහතිකය අපට මේ හෝරාවේදී කිසි සේත් අමතක කරන්නට බැරිය.