උණුසුම් පුවත්

පොළොන්නරුවේ හාල් මාෆියාව දකුණේ වී තොග වැඩි මිලට අරගෙන- අවුරුද්දට කිරිබතේ මිල තීරණය කරන්නේ හාල් මාෆියාවයි.

Spread the love

දකුණු පලාතේ හම්බන්තොට අම්බලන්තොට තිස්සමහරාමය වැනි ප්‍රදේශවල හාල් නිෂ්පාදනයෙහි නිරත වූ සුළු හාල් මෝල් ව්‍යාපාරිකයන් සතුව පැවැති වී තොග පොළොන්නරුව දිස්ත්‍රික්කයන් හි මහා පරිමානයෙන් හාල් නිශ්පාදනයෙහි නිරත මහා පරිමානයේ ව්‍යාපාරිකයන් විසින් පවතින ගැණුම් මිලට වඩා දෙගුණයක මිලට ගෙන ඇතැයි වාර්තා වේ.මේ වන විට හම්බන්තොට,අම්බලන්තොට තිස්සමහාරාමය වැනි ප්‍රදේශවල වී ගබඩා හිස් වී ඇති බවටද ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.
මේ හේතුව නිසා මෙම ප්‍රදේශවලින් දකුණු පලාතේ වෙළඳපොළ වෙත මෙතෙක් මුදා හැරුණ සහල් ඉදිරියේදී නොලැබෙනු ඇතැයිද දකුණේ තොග ව්‍යාපාරිකයන් පවසා සිටී.දකුණේ හාල් වෙළඳපොළ තුළ පොළොන්නරුව කේන්ද්‍රීය කරගත් මහා පරිමාන හාල් මෝල් ව්‍යාපාරිකයන් හට වෙළඳ අධිකාරී බලයක් පවත්වා ගෙන යාමේ ප්‍රධාන බාධකය වූයේද හම්බන්තොට අම්බලන්තොට හා තිස්සමහාරාමයේ පැවැති හාල් නිශ්පාදනයේ යෙදුන සුළු හාල් මෝල් ව්‍යාපාරිකයන් ගේ  මැදිහත් වීමයි.

කෙසේවෙතත් පොළොන්නරුවේ සුපිරි ⁣හාල් මෝල් ව්‍යාපාරිකයන් විසින් දකුණේ වී තොග මිලට ගැනීම නිසා මහ කන්නය අවසන් වන විට මෙරට හාල් මිල තීරණය කිරීමේ තනි අයිතිය ඔවුන් සතුවෙනු ඇත.මාර්තු මාසය වන විට ඕනෑම වර්ගයක හාල් කිලෝවක වෙළඳපොළ සිල්ලර වටිනාකම  රුපියල් 400 ඉක්මවා යනු ඇති බවට වෙළඳ ව්‍යාපාරිකයන් ගේ අදහසයි.  
මේ හේතුව නිසා අද වන විට ගෑස් පිටිකිරි සොයාගන්නට පෝලිමේ සිටින ජනතාවට මාර්තු මාසය අග හරියේදී හාල් පෝලිමකද රැඳෙන්නට සිඳුවන බව නම් සහතිකය.පෝර නොමැති වීමෙන් මහ කන්නයේ වී අස්වැන්න නැතිවීම නිසා මෙම අර්බුදය තවත් බරපතල වන බව නිසැකය. 
සිංහල අවුරුද්ද මුස්පේන්තු වීම හේතුවෙන් රට පුරා ජනතාව මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට එරෙහිව මහ මඟට අවතීර්ණ වන්නටද ඉඩ තිබේ.රට පුරා පැතිරිය හැකි මේ ආර්ථික අර්බුදයේ කෙළවර නොනවතින වීදි සටන් ඇවිලීමකට හේතු විය හැකිය.මෙහිදී එම සටනට නායකත්වය දෙන හා ජනතාව විශ්වාසය තබන කණ්ඩායමකට රටේ පාලන බලය ලබා ගත හැකි වනු ඇතැයි ද අපි කල්පනා කරමු.අප මෙහිදී ජනතාව විශ්වාස තබන කණ්ඩායමක්  යන්නෙන්  අදහස් කෙරුවේ  වැසිකිලි පෝච්චි සෙවිළි තහඩු  හා දෙන්නමි කාසි සමෘද්ධිය⁣ තුළ බැඳී මෙතෙක් කල් මේ රටේ පැවැති පොරොන්දු දේශපාලනයට එ⁣රෙහිව රට පුරා මතුවෙමින් තිබෙන හැඩරුව හා සංවාද තක්සේරු කරමිනි. දැන් සමාජය කතාබහ කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක අවශ්‍යතාව ගැනය.එහිදී වෙනදා මෙන් තනි පුද්ගල දේශපාලන සන්නාමයන් ගැන ඔවුන් නොතකනු ඇත.එය එසේ වන්නේ හැම ගින්දරකටම වඩා බඩේ ගින්දර මොළය පාදා දෙන නිසාය.කාගෙ කාගේත් සිත රිදුනත්  මේ ⁣රටේ සිද්ධ වෙන්න  යන දේ නම් ඔන්න ඔය විදියට වෙන්න ඉඩ ඇති බව නම් ස්ථිරය.

Spread the love

Leave a Comment

You may also like