උණුසුම් පුවත්

මා අගමැති කමෙන් අස්වෙන්නේ නැහැ අංශභාග අගමැති මයිනා කියයි.

Spread the love

අගමැති තනතුරෙන් විශ්‍රාම යාමේ අදහසක් තමාට නැතැයි අංශභාග අගමැති මයිනා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබේ.රට තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපයෝගී කර ගනිමින් ආණ්ඩුවට බොහෝ අයවළුන් විවිධ චෝදනා කරන බවත් ඒවා බුද්ධිමත් ජනතාව විශ්වාස නොකරන බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත.

අංශභාග අගමැති මයිනා දැන් සිටින්නේ  ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් බව අරලිය බංගලාවෙන් අපට ලැබෙන තොරතුරු වලින් අනාවරණය වේ.ඔහු  සිටින්නේ තමන් මෙරට අගමැති වරයාද යන්න ගැන සිහි කල්පනාවකින් නොවන බවද තතු දන්නෝ පවසති.අගමැති තනතුරේ වගකීම් සියල්ල ශිරන්ති හාමු  බබා නාමල් බබා යෝෂිත හා බබා චීචීගේ උපදෙස් මත සිඳු වෙමින් පවතී.එහිදී අගමැති සතුව පවතින ව්‍යවස්ථාදායක බලය අනීතික ආකාරයෙන් යොදවා ගනිමින් මේ සැමදෙනා තක්කඩි කූඨ ජාවරම්වල පවා නිරත වන බවද කියවේ.
මිල්ටෙරි නන්දසේන ගේ වහළුන් හා අංශභාග අගමැති මයිනා ගේ වහළුන් අතරද මේ වන විට නොසන්සුන් පටලැවිලි ඇති වෙමින් තිබේ.මිල්ටෙරි නන්දසේන අංශභාග අගමැති මයිනා ගේ පවුල නොතකා කටයුතු කරමින් සිටින අතර එය මෙරට දේශපාලනයේ විශාල අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ පවසති.අගමැති තනතුරට නුදුරේදී ඇමරිකානු පුරවැසි බැරිසිල් රාජපක්ෂ පත් වෙන බවට ප්‍රවෘත්ති  වාර්තා වූයේ මෙම අර්බුදයේ මූලාශ්‍රයන් පදනම් කර ගනිමිනි.එම අර්බුදයේ තරම කෙතරම්ද යන්න විදහා දක්වන්නේ අංශභාග අගමැති මයිනා විසින් මා අගමැති තනතුරෙන් අස්වෙන්නෑ යැයි කර ඇති ප්‍රකාශයයි. 
කෙසේවෙතත් නුදුරේදී අංශභාග අගමැති මයිනා සැත්කමක් සඳහා බ්‍රිතාන්‍යය බලා යාමට නියමිතය.එහිදී වැඩ බලන අගමැතිවරයකු පත් කිරීම  සිදු කරන්නේද යන්න පවා අවිනිශ්චිතය.ඇතැම්විට මිල්ටෙරි නන්දසේන සිය විධායක ජනපති ධුරයේ ඇති බලතල භාවිතා කොට වැඩ බලන අගමැති වරයා පත් කරනු ඇත.  
දැන් එළඹ ඇත්තේ රාජපක්ෂ තක්කඩියන් මේ මහ පොළොව මත ඉඳ සිදු කළ කාලකණ්නි නොසන්ඩාල පවුකාර වැඩ වලට ස්වභාව ධර්මයා විසින් දඬුවම් ලබා දෙන කාලයයි.අප ඒ ගැන විමසිල්ලෙන් බලා සිටිමු.

Spread the love

Leave a Comment

You may also like