උණුසුම් පුවත්

කබරාල් ගේ අංක විජ්ජාව පල් බොරුවක් – මහබැංකු නිලධාරියෙක් කියයි

Spread the love

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ් රාල් විසින් රටේ ජනතාවත් ජාත්‍යතරයත් නොමග යැවීමට ඉතාම පහත් ආකාරයේ ඉලක්කම විජ්ජාවක් එම්. ජයමාලි නැමැත්තියක් හරහා කිසිදු වගවීමකින් තොරව වෙනස් කිරීම සමස්ථ ශ්‍රි ලංකාවටම නුදුරේදීම ඉතාම බරපතල උවදුරකට මුහුණදීමට  සිදුවන බව අපවෙත අදහස් දැක්වූ දැනට මහ බැංකුව තුළ වගකිවයුතු නිලයක් දරන පුද්ගලයකු  කියා සිටියේ ය.   (ඔහුගේ   අනන්‍යතාව ආරක්ෂක හේතු මත අප හෙළි නොකරන්නෙමු )

වර්තමානයේ තමාද මුදල් මංඩලයේ සිටින අතරම අජිත් නිවාඩ් කබ් රාල් සිදු කල විනාශය 2005 කාලයේ සිට ඒ බැංදුම්කර මඟඩි සිටම මුදල් අච්චු ගසා පෙට්ටිගනන් ගාමිණි සෙනරත්ලා අතේ අරලිය ගහ මන්දිරයට යැව් ඒවාගේ සමස්ථ එකතුවේ අවසානය තවත් සති සති කිහිපයක් තුළ අපේ රට තුල ඇති සංචිත අවසාන වීම ස්ථිරය.

ඒ නිසාම රටම බංකොලොත් වීම සක්කරයාටවත් දැන් නතර කල නොහැකි බව ඔහු පැවසීය. ඉන්දියාවෙන් අපගේ රටට එකම ඩොලරයක්වත් කොයිම ආකාරයකටවත් නොලැබෙන බව මම කියන්නේ වගකීමෙන්, ඉන්දියාව අපේ ඥාතියෙක් ,මිතුරෙක් නිසා ඉන්දියාව ජනාධිපති තුමාට පොරොන්දු වී තිබෙනවා අවශ්‍ය වියලි ද්‍රව්‍යමය ආධාර ලෙසට මිලියන 1.3 ක් වටිනා භාණ්ඩ ගුවන් මගින් එවීමට, ඊට කිරිපිටි ද ඇතුලත් කරන ලෙස  ජනාධිපතිතුමා විසින් ඉල්ලීමක් කර තිබෙන බව අප හට දැන ගැනීමට  ඇත .

ඒත් චීන සමුහාණ්ඩුව මේ වෙනකොට අපිට පොරොන්දුවී ඇත්තේ යොවාන්  මිලියන 1.5  දීමටයි .චීනය කොයිම විටකවත් අපිට ඩොලර් දෙන්නේ නැහැ . ඒම යොවාන් වලින් අපි චීනයේම බඩු ආපසු ලබාගෙන නැවත පොලි සමඟ ඔවුනට ඩොලර් වලින් ගෙවිය යුතුයි. ඒ චීනය අපේ රටට සලකණ විදි යැයි මහබැංකු නිලධාරියා ඉතාම හැගීම් බරව ප්‍රකාශ කලේය .

දැන් ලංකාවේ වේලාව අළුයම මම හෙට නැවත බැංකුවට යනවිටත්  බැංකු පද්ධතියම කඩා වැටී තිබීමටත් පුළුවන් මොකද මේ වන විට රටේ වාණිජ බැංකු බොහොමයක් මහ බැංකුවෙන්  මුදල් ඉල්ලා ඇති නමුත් අපිට දීමට තරම් මුදල් අප සතුව නැහැ . අපි ළඟ දැන් තියෙන්නේ ඩොලර් 1.3 ක් ඊට වඩා ඊයේ දවසේ ඊට වඩා එකම ඩොලර් එකක් වත්වැඩි උනේ නෑ.

කබරාල්ලා මේ කරපු විනාශය කවදා හෝ රටේ ජනතාවට හෙලිකල යුතුයි. එදාට අපි සාක්ෂි කුඩුවේ හිටගන්නවා එදාට එදාට කබ්බ්‍රාල් ලා සිටිය යුත්තේ බිත්ති කූඩු වෙයි. මේ ඉල්ක්කන් විජාවල් කරපු විදිහ අපි අධිකරණයට කීමට සුදානම් . රටේ දැන් ඩොලරය පාවීමට ඉඩ දිය යුතුයි. එය වතුරේ දැමු බැළුමක් තදකරන් ඉන්නවා සේ බලෙන් අල්ලන් ඉන්නේ, කබරාල් ආර්ථික විද්‍යාව දන්නවාදැයි දන්නේ නෑ .

මේක දැන්වත් අතාරින්න ඔනි. නැත්තන් හෙටම රට ඉවරයි .යනුවෙන් මුදල් මංඩලයේ සිටින ඔහු ඉතාම හැගීම් බරව පැවසීයය. මේ නිසා අපිට පෙනියන්නේ දැන් රට බංකොලොත් බව ලබා අවසන් බවයි. රටේ සමස්ත ජාතියම කලබල නොවී ඉවසිලිවන්තව ක්‍රියාකල යුතු බව අපි රටේ ජනතාවට කියා සිටින්නෙමු.


Spread the love

Leave a Comment

You may also like