උණුසුම් පුවත්

තක්කඩි රාජපක්ෂ පවුලේ ජෙට් සමාගම ගැන හෙළිවේ.

Spread the love

රට බංකොලොත් වීමට තව ඇත්තේ එක පියවරකි.දැනටමත් භාණ්ඩ මිල අහස උසටය.කිරි පිටි වෙළඳපොළේ ඇත්තේම නැත.මිල පාලනයක් නැති හෙයින් මිරිස් තුන පහේ සිට සෑම ආහාර ද්‍රව්‍යයක්ම  මුදලාලිලා හිතූ හිතූ ගානට අලෙවි කරමින් සිටී.විදුලිය කප්පාදු කරන බවට ආණ්ඩුවෙන් ඉඟි කෙරේ.ආහාර සලාක ක්‍රමයට බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය සිතා බලන බව වාර්තාවේ.මේහැමකෙනෙහිලිකමක්ම

දැනෙන්නේ සාමාන්‍ය ජනතාවටය.මහ බැංකුව ඩොලර් හිඟයක් ඇතැයි
නාවේදනය කෙරුවාට ඇමති මණ්ඩලයේ හැට හැත්තෑවක් නව වසර සැමරීමට විදේශගතව සිටී.මිල්ටෙරි නන්දසේන ඉහේ ඇම්මකට බෙහෙත්
ගන්නට යන්නේත් සිංගප්පූරුවටය.රට තුළ ආර්ථික අර්බුදයක් පවතීයැය මහ බැංකුව අදෝනා කීවාට මුදල් ඇමති ඇමරිකානු පුරවැසියා එය පඩේකට ගනන් ගෙන නැති බව සිතා ගත හැක්කේ ඔහුද මේ වන විට ඇමරිකාවේ
විවෙික සුවයෙන් සිටින නිසාය.
පොදුුජන පෙරමුණේ ඇමති මන්ත්‍රීවරු මිල්ටෙරි නන්දසේනගේ ගොබිබ තකතිරු පාලනය සාධාරණීකරණ කරන්නට වොයිස් කට් දෙමින් ජනතා විරෝධය යටපත් කරන්නට ප්‍රයත්න දරමින් සිටී.ඊයේ පෙරේදා දවසක අමාත්‍යය සී.බී.රත්නායක ප්‍රකාශ කරන ලද්දේ ජනතාව මේ අවස්ථාවේදී රට වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම්ව සිටිය යුතු බවය.ඇමතිවරයකු වූ මේ නොසන්ඩාලයාට හා මේකාගේ පවුලේ වුන්ට නම් ඉහෙන් බහින ත⁣⁣රමේ කරදරයක් නැති බව නම් ඇත්ත කාරණයකි.⁣ඒ මේ නොසන්ඩාලයන් ඇමතික⁣මට මුවා වී ඉස්ම යන තරමට හම්බ කරගෙන ඇති නිසාය.මේ වාහෙලාට ජනතාව විඳින දුක ගැන නිනව්වක් නැත්තේ ඒ නිසාය.
මේ සමාජ ව්‍යසන වටපිටාව තුලද රාජපක්ෂ තක්කඩියන් ඉන්නේ මාරම ආතල් එකය.මේ පාහරයන් හා උන්ගේ සමීපතමයන් රට තුළ පවතින ආර්ථික අර්බුදය හම්බ කරගෙන කෑමේ ඉල්ලමක් බවට පරිවර්තනය කරගෙන තිබේ.මහා පරිමාන සීනි බදු වංචාව ,පොල්තෙල් බදු ,වංචාව කාබනික ,ගොවිතැන හරහා නැනෝ යූරියා ගෙන්විමේ වංචාව කො⁣රෝනා මර්දන අරමුදලේ පික් පොකට් ගැහිලි සයිනො⁣ෆාම් එන්නත් ගනුදෙනුවේ වංචාව ජපානයෙන් ලැබුණ මිලියන 800 වංචාව ආදී මිල්ටෙරි නන්දසේනගේ පාලනය යටතේ මෙරට සිදුවූ  මහා මුල්‍යමය වංචාවන්හී කෙළවර සිටින්නේ රාජපක්ෂ පවුලේ තක්කඩියකු හෝ මේ පවුලට සම්බන්ධ හොර ජාවාරම්කාරයෙකි.
මේ අනාවරණය වූ හොරකම්ය.තවමත් අනාවරණය නොවූ එහෙත් සැක සහිත ගණුදෙනු  ගණනාවකි.තක්කඩි රාජපක්ෂ පවුලේ වුන් මහ පරිමානයෙන් මෙරට ජනතාව උකසට තබා මිල මුදල් හම්බ කරද්දී අමාත්‍ය මණ්ඩලයට සම්බන්ධ ජොන්ස්ටන් පෙරේරා වැනි පාදඩයන්ද තම ව්‍යාපාර වලින් රජයට අයකෙරෙන බදු වංචා කරමින් හා  විවිධ ආකාරයේ ගේම් ගසමින් සිටින බව අනාවරණය වේ.
මේ වන විට සිදු වෙමින් පවතින මහා පරිමානයේ ජාවාරමක් ගැන අප මීට ඉහතදී අනාවරණය කළ අතර එහිදී මත්පැන් බෝතල්වල ආරක්ෂිත ලේබල් මුද්‍රණයෙන් කාලකණ්නි ⁣යෝෂිත හා චිචී  දවසකදී උපයාගන්නා ආදායම කෝටිය ඉක්මවන බව දැන් හෙළිවී තිබේ.දැනට ලංකාවේ දිනකට රුපියල් මිලියන විස්සකට ආසන්නයේ මත්පැන් අලෙවි කෙරේ.ඒ ගනනයට යටත්ව රාජපක්ෂ කාලකණ්නියන් එක මත්පැන් බෝතලයකින් රුපියල් එකයි පනහක් ගනනක් මංකොල්ල කමින් සිටී.
මේ කාලකන්නි ⁣සහෝදරයන් ඉන් හම්බ කරගන්නා  ආදායම රුපියල් කෝටි එකමාරකට ආසන්නය.සුරාබදු දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව මෙම මත්පැන් බෝතල් ආරක්ෂිත ලේබල් සියයට විස්සක ප්‍රමාණයක් ජොන්ස්ටන් ඇමතිවරයා වෙත ලබා දෙමින් තිබේ.එම හවුල්කාර කූඨ ගණුදෙනුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත්තේද ජොන්ස්ටන් ඇමති පාදඩයා වෙි.
කාලකණ්නි යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ කාලකණ්නි බිරිඳ වූ නතීෂා ජයසේකර සියළුම බැංකු හා රජයේ ආයතන වල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ඔවුනගේ ආධිපත්‍යයට යටතට ගෙන ඇත.තක්කඩි රාජපක්ෂ පවුලට සම්බන්ධ වී ඇති මේ වේස අම්මණ්ඩිය මේ වන විට අත නොතියා ඇති ව්‍යාපාරයක් මෙරට නැත.⁣මේ අම්මන්ඩිය රගර් ක්‍රීඩක තජුඩින් හා අරලියගහ මන්දිරයේ රහසේ රති කෙලියේ යෙදුන ශිරන්තිට එහා ගිය බඩුවකි.
රට මහා වියවුලකට පත් වෙමින් තිබෙන බව රාජපක්ෂ කාලකණ්නියන්
ට වගේ වගක් නැත්තේ මේ පාහරයන් මේ විදියට බොර දියෙන් මාළු බාමින් සිටින නිසාය.උන්ට ඕනෑ කර ඇත්තේ තමන්⁣ සහ තමන්ගේ වහළුන් විතරක් ජීවත්වන රාජධානියකි. පසුගියදා අනාවරණය වූ පුවතකින්  රාජපක්ෂ තක්කඩියන් ගේ කුප්‍රකට ව්‍යාපාරයක් ගැන තොරතුරු හෙළි වී ඇත.මේ ගැන කියන්නට පෙර ඔබ ගේ සිතීමට යමක් එක් කළ යුතුය.එය මෙසේය.
ඔබ ජීවත්වන්නේ ගාල්ල නගරය ආශ්‍රිතව බව සිතන්න.ලැබෙන නිවාඩු සමයක ඔබ සහ පවුලේ අය සමග විනෝද ගමනක් යාමට සැළසුම් කරයි.එහිදී ඔබ එම විනෝද ගමන යාමට බස් රථයක් ⁣යාපනයෙන් ගෙන්වා ගත හොත් එහි පිරිවැය ඉතා අධික විය හැකි බව අමුතුවෙන් සිතිය යුතු කාරණයක් නොවේ.එබැවින් ඔබ ඔබගේ විනෝදගමන යාමට ගාල්ල නගරයේ බස් රථයක් යොදා ගනී.
අදාල කාරණය කාලකණ්නි මහින්ද රාජපක්ෂ සළෙළු ඇඹෙනිය හා චීචී ගෝතයා ඇතුළු පිරිස පසුගියදා තිරුපති සංචාරය හා ගලපා ගන්නේ නම් මේ තක්කඩියන් සතුව විදේශ රටවල පවතින යටිබිමි ගත මහා ව්‍යාපාරවල තොරතුරු අනාවරණ කර ගත හැක.මේ කාලකණ්නියන් රොත්ත තිරුපති යාමට ගුවන් යානයක් ගෙන්වා ගෙන ඇත්තේ වි⁣දේශයකිනි.මෙය ජෙට් යානයකි.මෙම ජෙට් යානය  උගන්ඩාවෙන් ගෙන්වූ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ පවසයි.රට මෙතරම් ව්‍යසනයකට ගොදුරු වී තිබියදී වන්දනාවේ යාමට ජෙට් ගුවන් යානයක් ගෙන්වීම සඳහා ඩොලර් සොයා ගත්තේ කෙසේදැයි අගමැතිවරයා රටට පැහැදිලි කළ යුතු යැයි පුබුදු එහිදී වැඩිදුරටත් ඉල්ලීමක් කරන ලදී.
ජෙට් යානය සැන් මැරීනෝ ⁣නම් රාජ්‍යයේ ලියාපදිංචි වූ ජෙටි යානයකි.⁣ ජෙට් යා⁣නයේ කේත අංකයයි.එයT 7  වේ.ලංකාවේ ලියාපදිංචි කේත අංකය 4R වේ.මෙම සන් ⁣මැරීනෝ රාජ්‍යය ජාත්‍යන්තර යේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  කලු සල්ලි සුදු කිරිමේ පාතාල ජාවරමිකාර ව්‍යාපාරයන් නිසාය.මීට ටික කාලයකට ඉහතදී කාලකණ්නි අගමැතියා ඉතාලියේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන බව ප්‍රචාරය කරමින් ගේමක් ගැහැව්වේ සන් මැරීනෝ රාජ්‍යයේ බැංකු ගණුදෙනු යාවත්කාලීන කිරීම හා සම්බන්ධව බව ඒ දිනවල සමාජ මාධ්‍ය වලින් හෙළි කර තිබුණි.
සන් මැරීනෝ රාජ්‍යයේ තිබෙන මෙම ජෙටි ව්‍යාපාරය  පාදඩ යෝෂිතට  අයත් බවත් එහි තවත් ජෙටි යානා ඇති බවත් තක්කඩි රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තරව  ගණුදෙනු කිරීමට උපකාර කළ පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රබලයකු අප වෙත ප්‍රකාශ කරන ලදී.ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඇමරිකානු පුරවැසි බැසිල් ගේ ආයෝජන තිබෙන්නේ කුවේට්රාජ්‍යයේය. තක්කඩි රාජපක්ෂවරු මෙලෙස විදේශයන්හි සඟවා ඇති මේ මුදල් තොග මෙි රටේ අහිංසක මිනිසුන් ගේ දේපොලය.
මැරෙන්නට පණ අදිමින් සිටින මහින්ද පාදඩයා තිරුපති යන්නේ කළ පවු සමා කරගන්නටය.සුදු කොඩි හීනෙන් පේන විට ඕනෑ එකෙකුට හෘද සාක්ෂිය වද දෙන්නට පටන් ගැනීම ස්වභාවිකය.
එහිදී තමන් සිදුකළ තක්කඩිකම් ,වනචරකම්, පාහරකම්, වංචා ,හොරකම්, ගැන යලි යලි සිහිවෙන්නට පටන් ගනී.දේවාල ගානේ බඩ ගාන්නේ ඒ බරපතල විඳවීම් සමහන් කරගන්නට සිතාගෙනය.දෙවියන් මේ තක්කඩියන් වෙනුවෙන් පෙනී සිටියාට ස්වභාව ධර්මයා ⁣නම් මොවුන් පෙනී නොසිටින බව අපට විශ්වාසය.වැහි නැති හෙණ පාත් වන්නේ මෙි වගේ පාහරයන්ටය.
ඉබේ නඩු අහනවාය කියන්නේ ඒකටය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අහිංසකයන් තුන්සිය ගණනක් මරු තුරුලට යවා තව සිය ගනනකට තුවාල සිදු කො⁣ට මෙරට ආණ්ඩු බලය උදුරාගත් මිල්ටෙරි නන්දසේන  නම් මෙලේච්ඡයාට පැයෙන් පැයට මේ මහ පොළොවෙන් මතු⁣වන බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේද ඒ නිසාය.

Spread the love
2 Comments
  1. The disclosure of these information will give general public of the reasons led to downfall of this Country. Hence, someone will be able to restore this situation. Admire your service.

Leave a Comment

You may also like